මම හා අමර කමලුත් විමලුත් එක්ක
දුක සැප දෙකේදිම අප හා සිටි බොක්ක
හොඳ වැඩ මෙන්ම ඉඳහිට දඟවැඩ එක්ක
අප නම් නොවේ මිතුදම කිසිදා වික්ක
කළු බණ්ඩගේ කඩපිල පසුවන විටදී
ඇති නුග රුකෙහි මුල් බිමටම වාරුව දී
අපටත් වඩා වයසයි මේ ගස ඉපැදී
තවමත් සිටී ගම් වැසියට සෙවණ දිදී
හුණු ගෑ බිත්ති සතු සොල්දර වලව්ව
මල් ගස් තණ පිඩලි අල්ලා කලාව
ගොක්කොළ පැළ නැහැනෙ තවමත් ගැලෙව්ව
මොනවා නමුත් පන්නා ඇත යකාව
ලොකු හාමිනේ ඇත ඉදිරිය බලාගෙන
ආරච්චිල ඇඳි පුටුවේ නිදාගෙන
අප දුටු විගස හෙමිහිට මෙන් ඇඟිලි ඇන
ආරච්චිට නැහැ ගාණක් හිනාවෙන
විමලේ ඉන්නවා දැයි විමසන විටදී
ඉන්නව තමා හිටියට අර ඇදේ බුදි
තවමත් නැතුව ඇතිනේ අනෙ කාලා ඉඳිං
කාලත් බෑ නොකෑවොත් හෙම හිතට මදි
එක කටකට කිරිබත් කැට හතර පහයි
ලුණු මිරිස නම් කෑවට මොක කඳුළු පනියි
අතිරස මුංකැවුම් අළුවා එළම තමයි
වලව් කෑම තවමත් අපේ හිතේ මැවෙයි
පන්සල පැත්තට යන්නට පාරට ඇදුනා
උඩහවෙලේ සිරිසෝමෙගේ කරත්තෙ මැවුනා
ගමේ ඉන්න ලොකු කේලම පොඩි කිරි එතනා
මෙන්න බොලේ අපෙන් අහපි මේ කොහි යන්නා
ඇයව පහුවුණා ඉන්පසු ඇති දොළපාර
දෝතපුරා ගප්පින් ඇල්ලු ජල පහර
දෙපස අරක්ගත් රූස්ස දං පළු වීර
කවදා වතුර නෑ හිඳුනේ එයනම් මාර
කිරි රස තිබෙන වී කරලක් කඩාගෙන
වක්කඩ නියර පසු කරමින් දුවන් යන
දුවන් යන්නේ නිකමට නොව කරුණු දැන
එල්ලුනොතින් ලේ බොයි අප නම් නොදැන
බලාපොරොත්තු වන්න...........
ඉලන්දාරි සමය ගමේ - part 3
මරු බං ජිවිතේ සුන්දර කාලේ කොච්චරනම් ලස්සනද නේද කවියෙන් උනත් කියවද්දි මැවිලා පේනවා... අවුරුද්දට තාත්තාගේ ගමේ ගියාම විඳපු සුන්දර ජිවිතේ මතක් උනා මචෝ...
ReplyDeleteලස්සනට ලියල තියෙනවා.
ReplyDeleteෂා අපූරු කවි ටික. ලියන්න ලියන්න ඉතුරු ටිකත් ඉක්මනට
ReplyDelete@අසංක මල්ලි,
ReplyDeleteඅදහස් නම් හරිම ලස්සනයි.
" දුක සැප දෙකේදිම අප හා සිටි බොක්ක"
"අතිරස මුංකැවුම් අළුවා එළම තමයි"
මේ යෙදුම් නම් ටිකක් නාගරික වැඩිද මන්ද? කවියෙන් කියවෙන ගම පිටිසර උනාට කවියා නාගරික නිසා එහෙම ලියවෙන්ඩ ඇති. හිකිස්
සමහර වචන ටිකක් සැර වැඩි වගේ අසංක මල්ලි. ඒ අපි දැන් ගෙවන පරිසරයේ පාවිච්චිකරන වචන නිසා කියල හිතෙනවා. ලස්සනයි. ගමක සිරිය, කැවුම් කොකිස් ගමේ කෑම , කලු බණ්ඩාගෙ කඩපිල , හිතේ මැවුනා ලස්සනට.
ReplyDeleteමටනම් වචන වල අවුලක් නැහැ. මේක ලියන්නේ ඉලන්දාරියෙක් නේ. කොලු කාලේ කතා.
ReplyDeleteකවි ඔක්කොම හරියට ගලපලා [මාත්‍රා ත් හරියට තියලා] ලියලා තියෙනවා. අසංකගේ කවි වලට හිතේ ෆිල්ම් හැදෙනවා. ලස්සනයි.
@ අපරාජිතයා
ReplyDeleteකවියේ තියෙන සුන්දරත්වය මේ නාගරික සමාජයෙන්නම් කවදාවත් හොයාගන්න බැරිවෙයි.ඒත් මේ සමාජයේ තියෙන්නෙත් අමුතුම සුන්දරත්වක්.(වෙනසක් කිව්වොත් නිවැරදියි).මාත් ඉතිං පොඩි කාලේ නම් ගමේ ගියා ගොඩ වතාවක්.(අවුරුදු කාලෙට හරිම ජොලි)ලඟදිනම් මතක ඇති කාලෙක ගියේ නෑ
@ Praසන්ன
ReplyDeleteස්තූතියි
@ ayesha
ස්තූතියි අයේෂා.ඇත්තෙන්ම දෙවැනි කොටසෙන් නවත්තන්නයි මං බලාපොරොත්තු වුණේ.කොහෙද ලියාගෙන යනකොට අදහස් ගලාගෙන එන්නේ පීල්ලකින් වතුර ගලනව වගේ.ගොඩාක් උත්සහ කරනවා තෙවැනි කොටසෙන් ඉවර කරන්න.සමහරවිට...........
@ Chandy
ReplyDeleteඇත්තෙන්ම ගොඩාක් දුරට නාගරිකරණයම තමයි හේතුව.සුජීව අයියා කියන කතාවත් නිවැරදි වෙන්නේ ඉලන්දාරි වයසට හිතෙන්ම එන වචන හින්දමයි.සමහරවිට මම අවුරුදු 80 ක්වත් ජීවත් වෙලා ඒ කාලෙටත් කවිමුතුමල් වල ලිව්වොත් ඒ වචන සෑහෙන වෙනස් වෙයි.ඕකට කියන්නේ වයසේ වැරැද්ද
ස්තූතියි චැන්ඩි(Chandy) අක්කේ ..........
@Chandi
ReplyDeleteස්තූතියි චාන්දි අක්කේ.කවි ටික ලියනකොට එච්චරම නැතිවුණත් මටත් ලාවට වගේ හිතුණා අක්කා කියපු එක.කලිනුත් කිව්වා වගේ ජීවත් වෙන පරිසරය තමයි හේතූව...අනික මට හිතුණා මේ වයසේ ළමයි අතරේ තියෙන්නේ ඒ වගේ වචනනේ.
උදා:-අතිරස මුංකැවුම් අළුවා එළම තමයි
ඒකේ "එළම" කියන වචනෙට දාන්න වෙන වචනයක් මම සෑහෙන හෙව්වා.පස්සේ මටම හිතුනා ඒක තමා හොදම වචනේ කියල
සුජීව අයියගේ පේළියක් උපුටා ගතිමි
"මේක ලියන්නේ ඉලන්දාරියෙක් නේ. කොලු කාලේ කතා."
@Sujeewa
ReplyDeleteහික්ස්.ස්තූතියි සුජීව අයියේ
බොක්ක,එළම,පට්ට වගේ වචන ගොඩාක් පාවිච්චි කරන්නේ පිරිමි ළමයිනේ.අයියත් ඉලන්දාරි වයස පහු කරපු එකකෙනෙක්නෙ ඉතිං කියන්න ඕනේ නැහැනේ....
අයියගේ හිතේ ෆිල්ම් එකක් මැවුණා කිව්ව එකටනම් මට සතුටුයි.මොකද මේක කියවල කාගේ හරි හිතේ සංකල්ප රූප මැවීමට හැකි වීම හරි සතුටක්
අපොයි හොඳටම පරක්කුයි මම . අසංක ගම ගැන .[.ඇත්තටම මේ ආරච්චිල හෙම හිටි ගම තිබුනේ අපිත් උපදින්න කලින් නේද ] කොහොමද මෙච්චර හොඳට ලියන්නේ . කොච්චර නගරෙට වුනත් හිතෙන හරි ගමකට ගිහින් එන්න අපි හැමෝම කැමතියි . අසංකගේ කවි වලින් අපිත් ගමේ යනවා නේද . ස්තුතියි ඒකට
ReplyDelete