Wednesday, November 23, 2016

හිස් අහස



එලා මුදු තණ  පලස
වැතිර ඒ මත නිසල
යොමා නෙත අහස
බලමි කොහිද ඔබ


ඈත සොදුරු ඉසව්වක
ඇවිද යන රාත්‍රියක
නිසල වන පියසක
අප දෙදෙන තනියම


කියනු බැරි කතාවක
ඇරඹුමක් නොතියාම
නිමාවක් දකින්න ද
අපේ හද පතුල සිඹ


ගීයකින් හිත දවන
නිමේශය නිසසලව
රෝස පෙති අතර
වැතිර හිදී සෝබරව

Friday, October 14, 2016

හැල්මේ දුවන



පෙළකට එකම
හා හූවක් නැතිව
දිව එන....
ඇයි මෙතරම්ම
කඩිසර...
කිටි කිටියේ
පොර බදන
රතු ඉර වදින්නට  පෙර
අත්සම යොදන්නට
දේවකාරියට වඩා උතුම්
රාජකාරිය
නිදි කිරන
නොනැවති
වැඩ කරන
සෝපානයෙත් දුවන

AC සීතලේ ගල් ගැහුණ
හදවත්ද
එකම පුටුවට බර දී
එකතැන වයසට යන.....
ආයේ ආයෙම
හවස් වෙද්දී හැල්මේ දුවන
රජයේ සේවක..


සෙත්සිරිපායේ සිට ලියමි.

Tuesday, May 31, 2016

බිම වට මලක පෙති මත .....







මම සිහිනයෙන් ඇවිදිමි
පරණ මාවත් දිගේ
රොබරෝසියා ගස් යට
වැටි ඇත ..
ඔබගේ නොකී ආලය
මෘදු සුමුදු මල් පෙති මත
ලියා කවි ලෙස
තවමත් පර නොවුණු
ඔබගේ යොවුන් ආලය
ඒ ගස් යටින්
කලබලෙන් දිව ගිය
නොසන්සුන් යුවතිය
මම ..
ආපසු සෙමින් ඒ මග
ඇවිදිමි රිදුණු දෙපයින්
බිදුණු සිත මත අලවමි
අහුලා ඔබෙ පරණ කවි
හදවතේ රිදී සිරුණු
ලේ ගලන තැන් වසමින්


.....නිතර කවියෙන් හැඩවුන පාළුවට ගොස් ඇති කවිමුතු  මල් මතක් වුනා ....