Tuesday, December 18, 2012
අහිමි බව
ඉරගල වැටුන විට මහ කන්දෙන් එපිට
තෝපා වැවේ වැව් දිය සිඳුනි අකලට
යලට වැපිරු කුඹරේ පැල රකින්නට
හැකිවෙද හෙටත් රෑ පැල් කවි කියන්නට
බිම්මල් පිපි හිනැහීගෙන බලාඋනි
කණමැදිරියන් කෑ ගසමින් රෑන් උනි
කළුවර මැදින් නුඹ ඇවිදින් සිනාසුණි
සිනහ වෙන්න නම් මට අමතකම වුණි
සිපද රාවයක් සවනත වැකෙන කොට
එගොඩහ ගොඩේ පන්දම් එළි ඇඳෙන කොට
මී මැසි කැලත විත් ගෙයි මැසි බඳින කල
නොසිතුව එකයි පුදුමය නුඹ අහිමි බව.
අපිට හොරෙන් මහ ගෙය ඉදිරි වැටුණි..
සඳට කියමි සඳ නැත මා දෙස බැලුවේ
තරුව උනත් අද ඇයි වෙනතක් බැලුවේ
අහසේ වළාකුළු ඇයි වෙනතක ඇදුනේ
දේදුන්නේ පාට ඇයි බොඳවී මැකුනේ
කළුවර රැයේ ඇඳෙනා සෙවනැලි දුටිමි
මහ වැසි මැදින් දිය වැල් බේරි ඇදුනි
ගොම්මන මැදින් මෙරු රැළ අහසට නැගුනි
කණමැදිරියන් නිවි නිවි එළියෙන් දිලුණි...
පහළ වෙලේ කන්නයෙ බැත ගෙට ගැනුනි
රූං පෙත්ත විසිවි ගොස් බිම වැටුනි
යලට මහට එකසේ මහ ගෙය දුටිමි
අපිට හොරෙන් මහ ගෙය ඉදිරි වැටුණි..
Monday, December 17, 2012
Friday, December 14, 2012
සිනා සපිරි මුව මඩලට කවදා සෙනෙහස ගෙනෙයිද
වැව් දියමත වැහි දිය කඳ
හෙළුවට දිය දෙබෑ වෙයිද
හෙළුවට දිය දෙබෑ වෙයිද
මද පවනට මහ ගස් වල
කඳ දෙපළුව බිම වැටෙයිද
පිපි මල්වල බමර තුඩග
රැඳි රැඳි රොන් රස උරයිද
මලේ සුවඳ නැතුවත් වන
බමරුන් විත් මල රඳයිද
කරදිය මුසු සිහිල් සුළං
ගතෙහි විඩා නිවා යයිද
හිරු බැස යන සැන්දෑවක
ඔබෙ මතකය නැවුම් වෙයිද
විහිළුවකට රතුවුණු ඇස්
අග කඳුළක් විත් රඳයිද
සිනා සපිරි මුව මඩලට
කවදා සෙනෙහස ගෙනෙයිද
කවිමුතුමල් facebook පිටුවේ සුභාෂිණි ගුණවර්ධන කිවිඳිය විසින් අකුරු අමුණා කළ සිත්තමකි මේ blog පිටුවේ පළ කෙරුණේ.
රැඳි රැඳි රොන් රස උරයිද
මලේ සුවඳ නැතුවත් වන
බමරුන් විත් මල රඳයිද
කරදිය මුසු සිහිල් සුළං
ගතෙහි විඩා නිවා යයිද
හිරු බැස යන සැන්දෑවක
ඔබෙ මතකය නැවුම් වෙයිද
විහිළුවකට රතුවුණු ඇස්
අග කඳුළක් විත් රඳයිද
සිනා සපිරි මුව මඩලට
කවදා සෙනෙහස ගෙනෙයිද
කවිමුතුමල් facebook පිටුවේ සුභාෂිණි ගුණවර්ධන කිවිඳිය විසින් අකුරු අමුණා කළ සිත්තමකි මේ blog පිටුවේ පළ කෙරුණේ.
Subscribe to:
Posts (Atom)