Tuesday, January 17, 2012

මිය ගිය සෙනෙහස!



මගේ නෙතු පිය අතර කිමිදී

සොයයි ඔහු ආදරය

වසර ගණනනකට පෙරදී

අහිමි වූ ඒ ආදරය

යලිත් සිත් මල පුබුදු වා ලූ



සිත දෙතැනක නැවතී

ඔහු හා ඔබ අතර වෙලී

හඳුනා ගත නොහැකිව

දෙගිඩියාවෙන් පෙළයි

මා සිත උමතුව මත්වී



දියණිය මාගේ සිහිවී

කඳුළු අතර සිත හිරවී

මිදෙන්නට බල කරාවී

යළිත් එමි සිහියට පියවී

ඔහු සුරතින් මිදී

ආවෙමි හදකට වේදනා දී

Wednesday, January 4, 2012

හෝල්ට් එක





                                                         ගොඩ දවසකින් කවියක් දාන්න පුළුවන් වුණා. හැමෝටම මුලින්ම සුභම සුභ අවුරුද්දක් කියලා පතනවා....     ටික කාලයක් කවි ලියැවෙන එක කරන්න බැරිවුණත් කොහොමින් කොහොමින් හරි ඉස්සරහට කවි ලියන්න පුළුවන් වෙයි කියල හිතනවා..  කවිමුතුමල්වල කවි ලියන හැමෝගෙම කවි අදහස් අළුත් වෙන්න කියල පතනවා.ඒ අළුත් වෙන කවි , කවිමුතුමල්වල පල කරන්න කියලත් ඉල්ලා හිටිනවා.....