ප්‍රිය හිමියන්ට!
මාගේ හිමියනි දුන් දරු තිදෙනා
පින් ලැබ ගනු බුදුබව ලඟ බැවිනා
නැත අන්සරණක් ඔබ හැර ම’වෙතා
රැක ගනු මැන මා පින්බර පුතුනා
කරුණා මෙත්මල් පිනිදිය අතුරා
අතහැර යනු බැරි ඔබ හිත මිතුරා
හදේ නැගෙන කරුණා දිය දහරා
අතුරමි ඔබගේ හදවත පුරවා
ගෙවූ සසර මඟ දිගු බව දැනුනා
යන්ට ඇති මඟත් දුර බව පෙනුනා
බුදු සිසිලස අප ලද බව හැඟුනා
එක්වම එමි නිවනට මඟ හඳුනා
පැවතුම නැති බව වැටහී සොඳිනා
සිත සනසා ගමි දිරි ලැබ පුතුනා
ඔබගේ ගුණයන් මඩයට පිපෙනා
සුදු පියුමක් බව වැටහී සැනිනා
යශෝධරා මෙන් සසරෙහි සරනා
හිමි ඔබ බැතියෙන් ළය කිරි එරුනා
ඒ කිරිබිව් මගෙ හිමි සඳ කරුණා
බුදු වන්නට මතු විවරණ දුන්නා
හැම කුලගෙයකම පතිනිය වී මා
මව්වරු පියවරු දරුවන් බෝ මා
මතු බුදු වන්නට විවරණ දුන් මා
හිමි වරුණට වෙන කවුරුද පෙම්මා
විවරණ ලද ඔබ මතු සංසාරේ
බුදු වෙනවා ඇන්දා හද මැදුරේ
මෙත් දිය පිරිලා නෙත් දිය අතරේ
සැනසෙමි ඔබ ලඟ අම සුව මිහිරේ………
යසෝධරාවත මතකෙට නැඟණා.ලස්සන පද්‍ය පන්තියක් අක්කේ
ReplyDeleteමේකේ රූපකය ලස්සනට යොදාගෙන තියෙනවා
"ඔබගේ ගුණයන් මඩයට පිපෙනා
සුදු පියුමක් බව වැටහී සැනිනා"
තව ලියන්න.ජය!
අක්කේ මම මේකේ අකුරු වල වැරදීම් වගයක් තිබිලා හැදුවා.තරහ වෙන්න එපා හොදේ ...........
ReplyDeleteබොහොම ස්තූතියි! අසංක මල්ලි. මම මේ කවි පන්තිය වෙන ෆොන්ට් එකකින් ලියා තිබුනේ.Unicode කරන්න සෑහෙන සටනක් දෙන්න උනා. ඒ නිසාම වැරදි වෙන්න ඇති. පින්!
ReplyDeleteඔයාලගෙ අදහස් මත මේ ගමන යන්නේ. ඒ දෙන ශක්තිය ගොඩක් අගය කරනවා.