Wednesday, July 6, 2011

බ්ලොග් ලොවට නවක මම......

ඇරයුමට පළමුවෙන් තුති පුදමි ඔබහට
මටත් ගොඩවදින්නට හැකිය දැන් ඉඳ හිට
නවකයෙක් වන නිසාවෙන් තවම බ්ලොග් ලොවට
කියන්නම් මා ගැන මට හිතෙන හැටියට

දියණියක් වීම හැර මා පියාණන්ට
සොයුරියක් වීම හැර එකම නැගණියන්ට
යෙහෙලියක් වීම හැර පිය සබද ඔබ සැමට
වෙන කිසිම බැදීමක් නොමැත මාහට දැනට

කරණීය මෙත් සුතුර කියවෙන සැහැල්ලුව විඳිමී
ලොවෙන් නිබඳවම ලැබුණු ආදරය අගයමී
දිවි මගේ සතුට, දුක එකලෙසම විදගමී
ලොවෙන් ලද ආදරය නිතර ආපසු දෙමී

තරහා ගියත් ඉද හිට ටිකක්
තියා ගන් නැ හිතේ කහටක්
ලියා ගන්ට ඇහැකි මුත් කවියක්
තවම නොමවෙමි කිවිඳියක්

16 comments:

  1. මට මග අරුණු කාලෙම
    අතරමන් වූ ඔබේ පෑනත්
    තවම මලකඩ බැඳී නැති වග
    දැනන් උන්නෙමි කවදත්

    නොමල කවි හිත පුබුදා
    ලියන කවි වෙයි මනරම්
    පිපෙන මල් සැම පරදා
    දිලේවා ඔබ කවිකම්

    ReplyDelete
  2. ලස්සනට ලියලා තියනවා ........
    මගේ සුබ පැතුම් ......
    තව ලියන්න ......

    ReplyDelete
  3. ලස්සනයි ලස්සනයි

    ReplyDelete
  4. @බින්දී

    එකම පාසලට නොවුනත්
    එකට පාසල් ගිය
    ස්කූල් බස් එකේ
    බොටනි ක්ලාස් එකේ
    කාවදාවත් ඉවර නොවුණු
    අපේ කතා අතර තුර
    ඇස් දෙක හීනි කර හිනාවුන
    පුංචි පාසල් දැරිය
    මගේ හිතේ කොනක සිට
    හිනාවේ මේ දැනුත්

    පාසල් විය පියමංකර
    මවක් බිරිදක් උනත්
    මව්බිමෙන් පිටමන්ව
    දුරු රටක සිටියත්
    ඒ සොදුරු මිතුදමේ මතක
    පිච්ච මල් සුවදක් සේ
    මට දැනේ මේ දැනුත්

    Chandy

    ReplyDelete
  5. @ පන්සල් හංදිය
    @ sabath

    ස්තුති ගොඩාක්
    ඔබේ දිරිගැන්වීමට
    සවියක්ම වේ එය
    ලියන්නට ඉදහිට

    Chandy

    (PS. Opps.... bit of a problem! I cannot comment under my profile name. Can anybody help me to sort this out? When I select google account as my profile, it repeatedly redirect to the account login screen without allowing me to publish my comment. As you can see my Blog literacy level is zero,your kind advice will be highly appreciated)

    ReplyDelete
  6. හද රදන ...
    මුදු වදන ...
    රස කරන ...
    කවකි ඔබ ...

    ReplyDelete
  7. කවි මුතුමල් ඉත්ත දළුලාගෙන නොමද
    පිබිදෙයි ලොවම එළියක් දී සුවද හද
    තව දල්ලක් නැඟුණි ඉත්තේ පියලි මැද
    කවි මල් හටගන්න යොදනුව ඔබේ පද

    දුවක සොයුරියක වන බව හොදින් පෙනේ
    මිතුරිය ලෙසින් ඉදිනුව මැන සෑම දිනේ
    කව් ගං දියේ ජලයෙන් සිත දොවනු ‍දැනේ
    රසබර කිවිදියකු වන්නට ලකුණු පෙනේ

    ඔබගේ කොමෙන්ට් වල Anonymous ලෙස ඇත්තේ
    තවමත් follow කෙනෙකුන් වී මෙහි නැත්තේ
    දකුණුපසේ උඩ කවි මුතු මල් ඉත්තේ
    follow ඔබා විස්තර ඔබ දිය යුත්තේ

    ඉන්පසු හැකිය ඔබේ නමින් පිවිසෙන්න
    උත්සහ කර බලනු එවිටම හරියන්න
    එය නොවුණොතින් නැවතත් මට පවසන්න
    ක්‍රමයක් ඇතොත් කියලා දෙමි මම ඔන්න

    ReplyDelete
  8. @මහේෂ්
    හයුකු කවියක් වැනි
    ඔබේ කව
    දිරියකි, සතුටකි
    නවක මට

    @අසංක

    ඔන්න මලේ ඔබේ උපදේසය පරිදි
    නැවතවරක් උත්සහ කරලා බැලීමී
    එහෙත් තවම ප්රශ්නය නම් නැත විසදී
    එකට දෙකක් ඇත profile create වී

    Chandy

    ReplyDelete
  9. දැන් දැන් කවිමල් නිබඳව පිපෙනා
    අංකුර කවියන් එහි මැද රඟනා
    කවි රස මාලා පුබුදන් සොඳිනා
    කවි මුතු මල් වෙත ආසිරි ගේනා

    ආසයි මටත් මෙහි කවිකම් අරගන්ට
    එනමුත් බ්ලොග් දෙකක් ඇත දැනටමත් මට
    මේකත් අරන් බරටම පටලවගන්ට
    පොඩි කුකුසක් ඇත තවමත් මගෙ හිතට

    චන්දි සොයුරි වෙත ආසිරි පුද දෙන්නා
    දිනෙන් දිනම ඔබෙ කවි කම් ඔප වෙන්නා
    මලින් මලට යන රන් බිඟුවන් මෙන්නා
    කවි මුතු මල් හැඩ කරලමු වැඩ පෙන්නා

    හැකි සැම මොහොතකම මේ වෙත ඇදෙන්නම්
    ලියු නව කවි රස කර කර විඳින්නම්
    ප්‍රතිචාරයක් හෝ තියලා තුටින් මම්
    යන්නට අවසරයි දැන්, නැවතත් එන්නම්

    ReplyDelete
  10. @ චන්දි : google Login screen එකේදි username, password දීලා log වෙන්න. එක පාරක් ලොග් වුනාම ඔයාගේ එකවුන්ට් අයිඩී එකෙන් ඕනෙම බ්ලොග් එකක කමෙන්ට් කරන්න පුළුවන්. එක පාරක් ලොග් වෙන්න ඕනෙ. ජය !

    ReplyDelete
  11. උදේ පිපුන මල් වැස්සක් සේ පිවිතුරූ
    කවිමුතුමල් පුදී සුවද දී මෙහි නිරතුරූ
    සොයුරියේ මේ දිහාවට පැමිණ නිරතුරූ
    ගලා හැලියන් තෙමා සිසිලෙන් මේ සොහොයුරූ

    චාන්දි අක්කාගෙන්.

    ReplyDelete
  12. @Chandy

    හරි අක්කේ මෙහෙම කරන්න.මුලින්ම ඔයා බ්ලොග් එකට යන්න.follow කියලා තියෙන තැන profile එකෙන් යන්නේ නැතුව මේ බ්ලොග් එකේ දකුණේ උඩ...ම කෙළවර තියෙන sign in click කරන්න.ඊටපස්සේ ඔයාගේ හරිම email ලිපිනයයි password එකයි දාලා log වෙන්න.ඊටපස්සේ ඇවල්ලා comentz එකක් දාලා බලන්න.සමහරවිට.....

    අනික ඔයා Comment දානකොට ඒ දාන තැනට පහළ තියෙන Comment as කියන එකේ ඔයාගේ නම තියෙනවද බලන්න.නැත්නම් එතැනින් හරි එක තෝරන්න(google,yahoo)

    කරල බලන්න..සුභ පතනවා

    ReplyDelete
  13. Chandy

    @ Chathuranga @ Asanka

    Ok let me try again

    Noope! didnt work. I had an old profile under the same name. Dont know whether it is porblem and I am using IE 9.0 (pain in the neck) Any way thank you. I'll try again later

    ReplyDelete
  14. චන්දී;

    දිනයෙන් දිනය කවි සිතුවිලි පිබිදේවා
    අකුරෙන් අකුර මුතු වන් පද ගැලපේවා
    පිටුවෙන් පිටුව ඔබ හද රැඳී සර ගාවා
    ගවුවෙන් ගවුව කවි තරු කැට බැබලේවා

    ReplyDelete
  15. @ චාන්දි අක්කා
    @ සුජීව

    මේ සිසිර කාලය
    වෙනදාටත් වඩා සීතල උනත්
    ඔබේ ලබැඳි සුබපැතුම්
    ගෙනේ යස උණුසුමක්

    ReplyDelete
  16. @ අසංක මල්ලි
    @ චතුරංග

    යන්තන් වැඩේ ගොඩ. මගේ gmail account එක inactivate වෙලා තිබුනේ. ඒක activate කලාම හරිගියා. දෙන්නටම Thank you හොඳේ

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................