බුදු හාමුදුරුවන් ඉස්සර සිටින කොට
මං හිටියනම් එනවිට කැලයට දරට
වන මල් නෙලා අතුරා සිරි පතුල වට
වැඳ වැටෙනවා නොගොහින් ගෙට වරුවකට
කාටත් හොරෙන් ගොඩ අරගෙන කැටය මගේ
සිවුරක් ගෙනත් දෙනවා කහ අත්ත වගේ
එතකොට බලත හැකි පොරවා වඩින රඟේ
කිණිහිරි ගහක මල් හෙලවෙන වැනි හුළඟේ
පන් උගුලන් ඇවිත් සායම් පොවා ගෙන
තුන් ඉරි රටාවෙන් පැදුරක් වියා ගෙන
අම්මට තාත්තට අත ගස්සවා ගෙන
දෙනවා ගිහින් සැතපෙන්නට එලා ගෙන
රාහුල පුංචි හාමුදුරුවො වඩින කොට
ගෙදරට වැඩමවා ගෙන සුදු වියන් යට
කිරිබත් හදා සුවඳැල් හාලෙන් රසට
ටික ටික වලඳවනවා ඇවිදින් ළඟට
ගල් පෙරළපු දවසෙ ගිජිකුළු පව්වේ සිට
මං හිටියනම් සත පණහක් දී අතට
රා බොන අපේ ලොකු මාමා පිටත් කොට
දැනමුතු කමක් කරනව දෙව්දත් තෙරට
බුදු හාමුදුරුවන් හට බැණ වදින විට
මොකටද ඉතින් ඉන්නට බැරි වුණා කොට
අම්මලා මොනවා කීවත් මොලවලා මිට
දෙනවා චිංචි මානවිකාවගෙ කටට
සච්චකයාට ඇවිදින් වාදෙට පැන්න
සැක්කරයා මොටද ආවේ ඔර වන්න
දිව ඇද විරිත්තල පණ්ඩිතකම යන්න
මල්ලියි මමයි හිටියම ඇති නිය වන්න
මගෙ මල් පොකුරු දුටුවම ඉවසුමක් නැතී
පොඩි පොඩි හාමුදුරුවරු මළුවේ නැවතී
කිරි එතනා හෙටත් ගෙනැවිත් මල් කිනිතී
දෙනවද කියා හෙමිහිට අහනවා ඇතී
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ -
1913 ජූනි 19 වැනි දින රුහුණේ පුවක්දණ්ඩාවේ උපත ලැබීය. බෙලිඅත්තේ ශ්‍රී පඤ්ඤානන්ද බෞද්ධ මිශ්‍ර පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා 1924 දී පුවක්දණ්ඩාවේ පංචථූපාරාමයේ පැවිදි විය. පන්සලේ හටගත් අර්බුද සහිත වාතාවරණය නිසා කැලෑවට පලාගොස් උපැවිදි විය. කැලෑවෙන් දඹුල්ල කඩමණ්ඩියට පැමිණි ඔහු කොළඹටද, එතැනින් මීගමුවටත් අයාලේ ඇවිද ගොස් නැවතත් අඟුරුකාරමුල්ල පන්සලේ දී යළිත් පැවිදි විය.නැවතත් පැවිදි බවෙන් තොරවිය. රැස්වීමකදී අධිරාජ්‍යවාදීන්ට පරිභව කළේ යැයි ඔහුව රිමාන්ඩ් බාරයට ගැනිණි. ලංකාදීප කතෘ මණ්ඩලයට පිලිපන් ඔහු පුවත්පත් තීරු ලිපි, පද්‍ය රචනා සහ ගීත ආදිය නිර්මාණය කිරීමට උත්සුක විය. ප්‍රථම ගුවන්විදුලි නාට්‍යය වූ 'මනෝහාරී' ඔහුගේ නිමැවුමකි. කෝමල රේඛා නමින් ගීත සංග්‍රහයක්ද නිමවන ලදී. කෝමල රේඛා හැරුණු කල මුද්‍රණය කරන ලද එකම කෘතිය 'ගොළු දැරිය' නම් කෙටි කතා සංග්‍රහයයි. විපත සිදුවූයේ 1964 වර්ෂයේ ඔක්තෝම්බර් මස 4 වැනි දින කොළඹදීය.
Saturday, August 25, 2012
Sunday, August 19, 2012
ඇය - 2
මෙය කියවන්නට පෙර මීට යටින් ඇති ඇය නැමති කවිය කියවා සිටින්නේනම් අගනේ යයි සිතමි.
මගෙ එළිසමය රැකගන්නට බැරිව ගියා
මුළු හදමඬල මොහොතෙන් දියවෙලා ගියා
හිරි වැටි ගතම සසලව වෙව්ලුවා කියා
අද දින උදෑසන නැවතත් දුටුවා එයා
සඳ නැති රෑක ගගනේ කළු පැහැය බදා
ඇගේ කළු මුහුණ දුටුවම මගේ දෑස රුදා
ටයර් තුනක් වන් වු මස් කැදලි රඳා
උණු ඊයම් පතුරු මගෙ හදවතට කිඳා
වැඳිරිය පරාදයි ඈ හා තරඟ වැදී
ඇය වැලහින්නියකි බැණ වදිනා විටදී
ඈ හරි කපටි වෙයි හිවලා නිති පරදී
ඇගෙ කැත කියන්නට මට උපමාද මදී
හදවත ගැස්සුනා දුටුවම හොර දෑස
වතමත වලගොඩැලි සඳ මෙන් රෑ අහස
ඇය ඉන්නා තැනට වැදුණා වස් දෝස
හැමටම සෙතකි ඇය නොමැතිව ගෙවු මාස
ඇය යන විටදී තණකොළ ගස් වුවද මැරේ
විහඟුන් ගොළු වුණා මින්දද මැරෙන තුරේ
ඇඟේ කටහඬට වේලුණු කොළ බිමට පිරේ
කෙහෙරැලි වැදී සුළඟද යයි නොමැරි හිරේ
දුටුවම හිමිදිරියෙ මට දවසම චොරය
දවසේ කිසිදු වැඩ කරගන්නට බැරිය
මට මතකෙට නැඟෙයි හෝඩියේ ඇත් පොරය
ඇය එළවා දමන්නට මට කල් හරිය
ළඟකදි මුණ ගැසුණු මිතුරෙකු මෙමා හට
ඔය බව කීවේ භීතියකිනි විටින් විට
මට සිත් වීය එය කවියෙන් ලියන්නට
පෑනක් රැගෙන කටු ගෑවෙමි පොතක පිට
මගෙ එළිසමය රැකගන්නට බැරිව ගියා
මුළු හදමඬල මොහොතෙන් දියවෙලා ගියා
හිරි වැටි ගතම සසලව වෙව්ලුවා කියා
අද දින උදෑසන නැවතත් දුටුවා එයා
සඳ නැති රෑක ගගනේ කළු පැහැය බදා
ඇගේ කළු මුහුණ දුටුවම මගේ දෑස රුදා
ටයර් තුනක් වන් වු මස් කැදලි රඳා
උණු ඊයම් පතුරු මගෙ හදවතට කිඳා
වැඳිරිය පරාදයි ඈ හා තරඟ වැදී
ඇය වැලහින්නියකි බැණ වදිනා විටදී
ඈ හරි කපටි වෙයි හිවලා නිති පරදී
ඇගෙ කැත කියන්නට මට උපමාද මදී
හදවත ගැස්සුනා දුටුවම හොර දෑස
වතමත වලගොඩැලි සඳ මෙන් රෑ අහස
ඇය ඉන්නා තැනට වැදුණා වස් දෝස
හැමටම සෙතකි ඇය නොමැතිව ගෙවු මාස
ඇය යන විටදී තණකොළ ගස් වුවද මැරේ
විහඟුන් ගොළු වුණා මින්දද මැරෙන තුරේ
ඇඟේ කටහඬට වේලුණු කොළ බිමට පිරේ
කෙහෙරැලි වැදී සුළඟද යයි නොමැරි හිරේ
දුටුවම හිමිදිරියෙ මට දවසම චොරය
දවසේ කිසිදු වැඩ කරගන්නට බැරිය
මට මතකෙට නැඟෙයි හෝඩියේ ඇත් පොරය
ඇය එළවා දමන්නට මට කල් හරිය
ළඟකදි මුණ ගැසුණු මිතුරෙකු මෙමා හට
ඔය බව කීවේ භීතියකිනි විටින් විට
මට සිත් වීය එය කවියෙන් ලියන්නට
පෑනක් රැගෙන කටු ගෑවෙමි පොතක පිට
Monday, August 13, 2012
ඇය
මගෙ එළිසමය රැකගන්නට බැරිව ගියා
මුළු හදමඬල මොහොතෙන් ගල්වෙලා ගියා
හිරිවැටි ගතම සසලව වෙවුලුවා කියා
අද දින උදෑසන නැවතත් දුටුවා එයා
සසරේ සුපුරුදුම සෙවණැල්ලකින් සැදී
මා තව එතනමුත් නෙත් දෙක ගියා ඇදී
අංකුර පෙමක රැල්ලක් හදවතේ වැදී
ඇය රුව වනනු රිසි වුව උපමාද මදී
ඇගෙ නිල් වරලසට යට විය මොනර නිල
සුසිනිඳු දෙකම්මුල් නිසසල හංස විල
ගිනියම් හිරුගෙ රත්පැහැ ගත් ඇගේ තොල
මැණීට පින හිමිය මෙලොවට ජාත කළ
නිශ්චල ගැඹුරු දිය කතරක් වැනි දෑස
සුළඟද කිති කැවෙයි ඇයගෙන් ලැබ පහස
ඇගේ සුවඳටයි මම මුළු ලෝකෙන් ආස
ඇය නැති දාට සඳ මඬලත් නෑ අහස
ඇය යන විටදි වනමල් ඈ දෙසට හැරේ
විහඟුන් කිචිබිචිය නවතින අතරතුරේ
ඈ ගිය විටදි හිරු බැස මෙනි අවරගිරේ
එවිටයි සිහිවුණේ තවමත් යතුර දොරේ
දුටුවම හිමිදිරියෙ මට දවසම සරිය
පුරවන්නට වීය හිත තුළ පෙම් කවිය
ඇය හා කතා කරනට රිසි වුව බැරිය
ඒ කිම මෙමා තුළ නැත තවමත් ජවය
ළඟකදි මුණ ගැසුණු මිතුරෙකු මෙමා හට
ඔය බව කීවේ උමතුවකිනි විටින් විට
මට සිත් වීය එය කවියෙන් ලියන්නට
පෑනක් රැගෙන කටු ගෑවෙමි පොතක පිට
Wednesday, August 1, 2012
මිරිවැඩිය
පැළඳිදාම කකුල් දෙකේ
දියපට්ටා මතුවී
බෙහෙත් පැලැස්තර දමන්න
දවස පුරා සිදුවී
සති අන්තෙදි ඔප දමන්න
අමතක වූවේ නැහැ
රාක්කෙ උඩ නුඹ තියන්න
හැමදාමත් මට බැහැ
බර වැඩි යයි නුඹ සිතුවද
නැතිනම් තරහින්ද
වැහි දිනයෙදි පය ලිස්සුවෙ
මගේම වරදින්ද
හන්දියෙ කොලු රංචුව කඩෙ
දාන් අදින සතොසින්
ඒ පැත්තට නෙත රැඳුනේ
මගෙ හිරිමල් හිත ගිහින්
ඉරිසියාවෙ මා අසීරු
කරමින් උඩ පැනලා
කැඩී ගියා මා පාදෙන්
නුඹ එහෙ මෙහෙ වීලා
හැට්ට කටුව අමුණාගෙන
මුව රතුවී තරහින්
ගෙදර එද්දි කකුල කැපී
කටුව ගැලවිලා ගිහින්
දින සති මාසය ගෙවිලා
ඉරණම කැරකීලා
අනතුරින්ම දෙපා අහිමි
වූ විට කලකිරිලා
දූවිලි රැඳි රාක්කෙ මත.
ඉඳගෙන හිනහීලා
නුඹ ඔච්චම් කරනවාද
මට වූ දේ හිතලා
Subscribe to:
Posts (Atom)