Saturday, September 15, 2012

පොත් මේලා අසිරි

බිනර මහ සැණකෙළි
පොත පත යලිත් වෙයි හෙළි
පොත් මේලා අසිරි
වනම්, මේ කව් ලියා යලි යලි

සමාජයේ උඩ ඉඳලා පහලට
ඕන තරාතිරමක අය එනවා
තෝර තෝර පොත් එහෙ මෙහෙ යනවා
හිතට වැදුණු පොත අරගෙන යනවා

විස්ස විජ්ජාලෙ කොල්ලන්
ගාමන්ට් එකේ කෙල්ලන්
ගුරුනුත් සමග සිසුවන්
පිට රැටියන් ද සඟ සව්වන්

පවුල් පිටින්ම එන්නන්
මා වැනිවූ තනිකඩයන්
මාසික වැටුප් කරුවන්
පොත් සොයා එති මේ සියල්ලන්

තම තම නැණ පමණ
රිසි පොත් ගනිති බොහො දන 
රස වින්දන කරන
කතා කියවන අටියෙන

එක පොතක් හෝ ගෙන
කියවා බලන රිසියෙන
පැමිණෙති බොහෝ දන
කියවීම සපුරයි මිනිස් කම

අමිල පොත් විකිණේ
කියවන දන ද බිහිවේ
රටට හොඳ එය වේ
පතමි පොත් මේලාව ජයවේ!

(මකරන්දයේ පළ වූ කවි පෙළක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අගයනු වස් යම් සංශෝධනයන් සහිතව කවි මුතු මල් හි යලි පළ  කළෙමි.)