කෙසේ අදහන්නද?
ඔබ නික්ම ගිය බව
මටත් නොකියාම
මගෙන් සමු නොගෙනම
දුරු රටක සිටිනා මා එන්නට පෙරම
ඊයේ පෙරේදත් කථා කර
ඇවිත් යන්නට නොව
ඇවිත් ඉන්නටම එන්නයි කියූ
අම්මා අහිමි වූ අපට අම්මාම වී
ආදරය බෙදා දුන් ඔබට
කෙසේ නම් පතන්නද නිවන් සුව
සිත් කියද්දී අප නැවත හමු විය යුතුම බව
මේ සසර සැරිසරණ තුරු
(නිමිත්ත - මටත් නංගීටත් තමන්ගේ දරුවන්ට වගේ සලකපු, අපේ පවුලේ හිතවතියක් පසුගියදා අප අතරින් වියෝවුනා. එදා හිතට දැනුනු දුක අසරණ කම අදටත් එහෙමම තියනවා. පිටරට පදිංචි වීම වෙනුවෙන් අපි ගෙවන මිල හොඳින්ම දැනුන වෙලාවක් තමා මේ. හිතේ දුකට ලියපු කවියක්. දුක හිතෙන කවියක් ලියුවට සමාවෙන්ඩ)
ඔබ නික්ම ගිය බව
මටත් නොකියාම
මගෙන් සමු නොගෙනම
දුරු රටක සිටිනා මා එන්නට පෙරම
ඊයේ පෙරේදත් කථා කර
ඇවිත් යන්නට නොව
ඇවිත් ඉන්නටම එන්නයි කියූ
අම්මා අහිමි වූ අපට අම්මාම වී
ආදරය බෙදා දුන් ඔබට
කෙසේ නම් පතන්නද නිවන් සුව
සිත් කියද්දී අප නැවත හමු විය යුතුම බව
මේ සසර සැරිසරණ තුරු
(නිමිත්ත - මටත් නංගීටත් තමන්ගේ දරුවන්ට වගේ සලකපු, අපේ පවුලේ හිතවතියක් පසුගියදා අප අතරින් වියෝවුනා. එදා හිතට දැනුනු දුක අසරණ කම අදටත් එහෙමම තියනවා. පිටරට පදිංචි වීම වෙනුවෙන් අපි ගෙවන මිල හොඳින්ම දැනුන වෙලාවක් තමා මේ. හිතේ දුකට ලියපු කවියක්. දුක හිතෙන කවියක් ලියුවට සමාවෙන්ඩ)
චන්දි,
ReplyDeleteහරිම දුක හිතෙන කවියක්. මමත් මේ අත් දැකීම හොඳට විඳලා තියෙනවා. අපි ඈත රටක ඉන්නකොට මගෙ ආත්තම්මා, සීයා දෙන්නාම අපි අත්හැරලා ගියේ. ඒ වෙලාවෙ දැනුන අසරණකම ! මේ කවියෙන් හොඳට නිරූපනය වෙනවා. ඔයාට තෙරුවන් සරණින් ජීවිතාවබෝධයම ලැබේවා!
@ චාන්දි අක්කා
ReplyDeleteස්තුති චාන්දි අක්කා. ඔයාටත් තෙරුවන් සරණයි
දුක හිතෙන කවියක්... කමක් නැහැ මචෝ උඹ ඔහේ ඉදන් එ මිය ගිය කෙනාට හදවතින්ම හොදක් පතපන් ඒ හොඳටම ඇති.....
ReplyDeleteමේකට ටිකක් වෙනස් අත්දැකීමක් මට තියෙන්නේ. විදෙස් රටක ඉගෙන ගන්න සන්දියේ මගේ සීයා අන්සබාගේ හැදිලා එක තැන් වුනා. ඒ කාලේ අසු ගානක් වයස. මං නිවාඩුවට එන කොට එයාට කතාකරන්න ඇවිදින්න, නැගිටින්න එහෙම බැහැ.
ReplyDeleteඉතින් මං ආපහු නිවාඩු ඉවරවෙලා යනකොට එයා දන්නවා මේ අපේ අන්තිම හමුවීම බව. සීයා ඉකි ගගහ ඇඬුවා. මං පොර වගේ හිටියා කඳුළු හිතේ හිර කරගෙන [සදාකාලිකවම].
සීයා ඉන් මාස හයකට විතර පස්සේ අපෙන් වියෝ වුනා. මට මල ගෙදරවත් එන්න උනේ නැහැ. ජීවිතේ හැටි.
චාන්දිට අපේ සංවේගය.
ලෝක ස්වභාවය අක්කේ.ඕක එක පුද්ගලයෙකුට නෙමෙයිනේ හැමෝටම පොදුයි.සමහර විට තව අවුරුදු බර ගාණකින් පස්සේ අපේ කවුරුහරිත් බ්ලොග් එකක් ලිව්වොත් අපි නැතිවුණ දවසකට දුක කවියක්........
ReplyDeleteඅක්කේ අක්කගේ හිතවතියට නිවන්සුව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා !
ඉක්මනට ගිය ඇය
ReplyDeleteඉක්මනට එනු ඇත
...ඇයි සමාව ඉල්ලන්නේ ..මිතුරන් අතර සමාව ඉල්ලීම අවශ්‍ය නැහැ . අපේ හිනාව වගේම දුක් සංකාත් බෙදා ගන්න අපිට හැකි වෙන්න ඕන . මගෙ තාත්ත ලෙඩ වෙලා ඉඳිද්දී මට යන්න බැරි වුනා . යන්න වුනේ මරණෙට . අපි කාගේත් ජිවිත දුක සැප දෙකම තැවරුණ කතන්දර . බොහෝ කලකට පසු ඔබව යලි හමු වීම කොතරම් දෙයක්ද . හමු වීම් වෙන්වීම් . ඒ තමයි ජිවිතේ