Monday, August 29, 2011

හේරත් හාමි - විමලරත්න කුමාරගම

අලියා වැටුණු වැව සිටි හේරත් හා                        මි
මා වැනියකු වුවද මම වැදගත් වී                           මි
මිනී කපන මුත් ඒ හේරත් හා                               මි
ඔහු මට වඩා විසි තිස් ගුණයෙන් දෑ                      මි

ඉස්පිරිතාලයේ අලියා වැටුණු වැ                        වේ
මළ මූ ඇදීමෙන් ඔහුගේ දවස ගෙ                      වේ
මාසික පඩිය ලැබ පෙන්නූ නමුදු සු                     වේ
ඔහු දුටු සෑම විට මා දුක් මුසුව තැ                       වේ

ඇඟපත දැඩිය හැඩ ඇත හීන්දෑ                          රිය
වයසක් නොමැත නාඹර ඉලන්දා                       රිය
කිසිවෙක් තවම නැත පැවසුමට බා                    රිය
මට පුදුමයකි ඔහු මේ කරන කා                         රිය

මා වැනියෙකුට තද සංවේගයම දි                         දී
හැමදා උදේ ඔහු මගෙ වැසිකිළිය අ                     දී
හදිසියෙ යමකු මළහොත් දොස්තර ද ව                දී
අප ඉදිරියේ ඔහු මළකුණ කපන ල                       දී

ගොවි-කම්කරු රදල-උඩරට කිසිම කු               ලේ
වෙන කිසි කෙනෙක් තව නැත මේ වැඩය ක     ළේ
දැනගන්නට කිසිදු වරදක් නොමැත මො           ළේ
කිසි අනතුරක් නොකරයි කිසිවකුට කැ             ලේ

අවනත සිනා රැලි වත නිතරම පතු                      රයි
හැම වදනක් ම අවිහිංසකව පතු                         රයි
හැමදා වගේ සවසට බොන ගිනි වතු                  රයි
ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතු                  රයි

පිහියා පහර ලැබ ඔහුගේ නැගණි අ                  නේ
මළ හැටි සිහිව මගෙ නෙත තෙත ගතිය දැ        නේ
නෑඬුව නමුත් ඔහු නැගණිය මැරුණු දි               නේ
උණ ගත් දාට වැලපෙයි නෙත කඳුළු පෙ           නේ

නැගණීය මළ විටදි දොස්තර සමඟ ගො           සින්
ඇගෙ කය කපන ලදි හේරත් හාමි වි                සින්
බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බ             සින්
ඔහු හට වැඩක් නැත ලොව ඇති රිහිරි ම          සින්

නූපන් නිසා දනවත් මහරු පා                           යක
පන්සල වෙතට යයි හැම විටම පෝ                 යක
අලුතෙන් හැදුව වෙහෙරට ඔහු ද දා                  යක
ඊටත් වඩා සලකයි අයියනා                             යක

                                    ----------------------------------------------------------------------------


 1919 ජනවාරි 18 දින පාතදුම්බර පාලිස්පත්තුව බස්නාහිර කොරළේ නාරම්පනවේ දි ජන්මය ලැබු විමලරත්න බණ්ඩා කුමාරගම ගේ පියාණෝ විමලරත්න කුමාරගම 1928 ජනවාරි 18 වන දින පාතදුම්බර පාලිස්පත්තු බටහිර කෝරලයේ නාරම්පනාව ග්‍රාමයේ උපත ලැබිය.පුංචි බන්ඩා කුමාරගම හා බණ්ඩාර මැණිකේ කුමාරගම ඔහුගේ දෙමාපියන් විය. ඔහු හත දෙනෙක් ගෙන් යුක්ත පවුලක දෙවනියා විය.
                            ඔහු මහනුවර මාකොලදෙනිය වේරපිටිය පාසලේ මුලික අධ්‍යාපනය ලැබූ අතර පසු කාලීනව තෙල්දෙණිය ද්වි භාෂා විද්‍යාලයේ හා කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ අධ්‍යාපනය ලැබිය. ඔහු අවසාන වශයෙන් නුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර මැට්‍රිකුලේෂන් විභාගය විශිෂ්ඨ සමර්ථ සහිතව සමත් වූ අතර ,පාසැල කාලයේද සිංහල කවිය පිළිබද උනන්දුවක් දැක්වූ අතර කවි රචනයේද නියැළුණි.

  පොත්
  • නිල්සීනය (1941)
  • ඔරුව (1942)
  • සංවේග වේදනා (1946)
  • සපුමලී (1946)
  • සුරතල්ලු (1961)

කවි
  • හේරත් හාමිනේ
  • අයියනායක
  • දඩයම
  • වන්නියෙ මල්
  • ගමේ වැව
  • කිරා
  • ආරච්චි රාළ
  • සිරගෙය
  • යන්තම් බේරුනා
  • හරක් හොරා
  • බුදුරුව
  • සුන්දර හාමි
  • ආගන්තුක සත්කාරය
  • අවුරුදු නිවාඩුව
  • මුතුගේ ප්‍රශ්න
  • වන්නියෙ දොස්තර

                                         උපුටාගැනීම :  විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

Saturday, August 27, 2011

මගෙ පොඩි මල්ලී



මට ගහලා සිනා සෙන්නේ
අක්කා ලඟට දුවන් යන්නේ
බේරීමට හාදු දෙන්නේ
මගෙ පොඩි මල්ලී

අප්පච්චිට කොමල පපා
අම්මා ගාව තුරුළු වෙලා
දන්නැති භාෂා කියවන
මගෙ පොඩි මල්ලී

සමනලුන්ට පාට දුන්න
පිච්ච මලට සුවද දුන්න
අපේ ගෙයට එළිය දුන්න
මගෙ පොඩි මල්ලී

Thursday, August 25, 2011

රැවුල

අතදරු සමය පසු කරමින්                 සැතපෙන්නේ
සුසිනිදු බවකි ඔහුගේ මුහුණේ                     රැඳුනේ
කිරි පැහැ සුදෙනි ඔහු ගත මෙන් සිත           දිලුනේ
පෑයූ පුන් හඳක් මෙනි බබලණ                   පින්නේ

බහක් නොතේරෙන වදනට                     උල්පතය
පිරුණූ මස් ගොබින් යුතු ඔහුගේ                   ගතය
සඳ හිරු කිරණ පායා ඔහු වත                        මතය
ලාවට නැඟුණු ගස් තඹ පාටින්                       යුතුය

දනගා යනෙන වයසට දැන් කෙමෙන්           හැරේ
වෙනමම ලෝකයක් තම සිත තුළම               පිරේ
වෙනසක් නොමැත සිත නොයොදමි රැවුල   කෙරේ
මොනර ගෙල පැහැය මෙනි කෙස්          අතරතුරේ

පාසැල් සමය අවුදින් ඒ තුළ                      වෙලුණූ
තඹ පැහැ ගස් කෙමෙන් රඹ පැහැයට         හැරුණූ
දුවිලි වැදී මුහුණේ දහඩිය                          පෙරුණු
අව් රැස් නිසා තද කළු පැහැයෙන්                  දිලුණු


සැබෑ වතකි නෑ පලඳා වෙස්                          මුහුණූ
ඉලන්දාරි යැයි කීවා ගම                             ගැහැණූ
කටහඬ රළුය හඬ මෙනි බසයෙන්              නැඟුණූ
කුරුලෑ මුහුණ සඳ ලප වාගෙයි                     පිරුණූ

පරිනත යොවුන් වයසේ දැලි රැවුලේ               හැටී
මුල්වර කැපු දින කිරිබත් කාලා                        සිටී
මුහුණම එළිය වී රස ආලයක                          වැටී
දින දින වෙනස් වන හැඩයෙන් යුතුව                දිටී

තේජස බලය පෙන්වන උඩු රැවුල                   එදා
ඔහු හට දාව දරුවන් සිව්දෙනෙකු                     වදා
සඳ නැති රෑක ගගනේ කළු පැහැය                   බදා
තිබුණත් පසුව තැන තැන ඇති පැහැය             සුදා

තැන තැන රැවුල හටගෙන ඇති මේ               දවස
අඳයට ගත් කුඹූර මෙනි ඔහු පෙර                  දවස
රැවුලද ඔහු සමඟ වල ගොස් තනි                 පිණීස
සුව සේ වෙසේවයි දුරු කරගෙන              වෙහෙස

Thursday, August 18, 2011

පරිණාමා - සාගර පලන්සූරිය

දහඩිය පෙරාගෙන මහ දහවල                    ගින්නේ
වැලිබත් උයන අවදියේ ගෙයි              පිළිකන්නේ
මා ඇය දුටුව බව ඇය කොහොමද              දන්නේ
හඳ වාගෙයි එදා ඈ බැබලුණු                     පින්නේ

ඇගෙ නෙත අහිංසක රසයට                   උල්පත ය
ඇගෙ මොළකැටි ගතිය රැඳුණේ මල්         වෙත ය
සඳ හිරු පළමු බැලුවේ ඇගෙ                 පැල්පත ය
එහි හැම තැනම මිහිරිගෙ සුරතල්                 වත ය

ඇගෙ නෙත් පහර වැද නාදලු නිලට              හැරේ
තොල් පැහැ පෙනේ ගම අහසේ බහින          ඉරේ
පවතී මිහිරි බව ඇගෙ පරිසරය                    කෙරේ
ඇය ඇති තැනදි වැඩි මීමැසි බමර              පොරේ

ඉන්පසු ඇය දිටිමි නව යොවුනෙහි            වෙලුණු
රන් තරුවක් වගෙයි කිරි මුහුදෙහි                ගිලුණු
ඇගෙ යටි පතුලෙ වැද යන තැන                 තැලුණු
වැලිකැට තිබේ හිරියල් පාටට                    හැරුණු

ඇගෙ නෙත් කොනින් ආ මඳලස වැද           පිපුණු
වනමල් ගැන කීහ සමහර ගම                    ගැහැනු
ඇගෙ කටහඬින් ඉපනැලි තුළ ගොනු          ගැසුණූ
සුමිහිරි තාල කවදාවත් නැත                     නැසෙනු

පරිනත යොවුන් වයසේ විලි බර ව                   සිටී
ඇය මම දිටිමි මුළු ගම බබලවන                     හැටී
හැසිරෙනු දිටිමි රන් රස ආලයක                     වැටී
ඇය දැන් තනිව විසු දවසට වැඩිය                     වටී

කලකට පසුව යළි මම ඇය දිටිමි                      එදා
ඈ ගැහැනියකි ඇති දරු සිව්දෙනකු                   හදා
හළ මෙන් දිටිමි හැම සිරි ඇය වෙතට               මුදා
ඈ සල් ගසක් මෙනි ඇති මල් පොකුරු             දදා

අවසන් වරට මවිසින් ඇය දුටු                        දවස
ඇය පිරිවරා වැලපුණි හිත ඇති                      පිරිස
සුව සේ වෙසේවයි දුරු කරගෙන               වෙහෙස
සොහොනක් කළෙමි මගෙ හදවත ඇය        පිණීස
                           
                                                                                         සාගර පලන්සූරිය 
                                                                                           ( විසිවුණූ තරු )

                    ----------------------------------------------------------------------------

රත්නපුර කළල්ඇල්ලේ කොස්සින්න ගමෙහි පලන්සූරිය මොහොට්ටාලලාගේ ගොරකහාමි මහතාණන්ට දා ව හේනක ආරච්චිලාගේ යසෝහාමි මාතාවගේ කුසින් 1908 මාර්තු 11 වැනිදා උපන් පලන්සූරිය ‍මොහොට්ටාල්ලාගේ ඩිංගිරි මහත්තයා පසුව වඩාත් ප්‍රකට වූයේ ඔහු පැවිදි කල භාවිත කළ   'කළල්ඇල්ලේ ආනන්ද සාගර 'නාමයේ මුල'කුරු වන කේ.ඒ.එස් ඇසුරෙන් උපදවාගන්නා ලද   'කේයස් ' යන අන්වර්ථ නාමයෙනි.කුඩා පලන්සූරිය සිය පුංචි මිතුරන් සමඟ ගමේ ඇවිදිමින් කෙළිදෙළෙන් ගත කළ කාලය පිළිබඳ සැමරුම් වැඩිහිටියකු වූ පසු ද ඔහු හැරගියේ නැති සැටි ඔහුගේ  'කණ උන්දෑ' , 'මා උපන් ගම ' වැනි පද්‍ය විමසන කල පැහැදිලි වේ.

  කේයස් යන නම වඩාත් ප්‍රකටව ගියේ ' ටෙනිසන් ' නම් ඉංග්‍රීසි කවියාගේ 'ඊනොක් ආඩ්න්' කාව්‍යය ඇසුරෙන් ඔහු ලියු ' සුදෝසුදු ' කවි කතාවත් සමඟිනි. 'කාලකණ්ණියා' , 'කැලණි විත්ති' , 'ගොවි පෙරමුණ' , 'විසිවුණු තරු' , ‍'මල් හාමි' යනාදි කෘති ද පුවත්පත් සඟරාදියෙහි පළ වුණූ 'ධීවරී ගීතය' , 'තැවුල් ඉගිළෙන සිහින' , 'දෙවියන් නැති දෙවොල' යනාදි පද්‍ය පන්ති ද කේයස් ගේ නිර්මාණ අතරින් බෙහෙවින් ම ජනප්‍රිය වී ය.

                  ඔහුගේ පද්‍ය නිර්මාණ බෙහෙවින් සරල බසින් යුතු වූයේ ය. ගැමි මුවට හුරු ඔහුගේ උපමානෝපමේයයන්ගෙන් යුතු මේ නිර්මාණ කේයස් ජීවමානව සිටියදී ම ජනකාව්‍ය තත්ත්වයෙන් ප්‍රචලිත විය. කේයස්ගේ විමර්ශනාක්ෂීයට රජවරුන් , තවුසන් , උපාසකයන් , මහල්ලන් , ගොවියන් , ධීවරයන් , කම්කරුවන් , ආදී විවිධ මාදිලියේ චරිත හසු වී ඇති අයුරු ඔහුගේ නිර්මාණ සමුදාය විමසන කල දැක්ක හැකිය.
               උපැවිදි වීමෙන් අනතුරු ' සාගර පලන්සූරිය ' නමින් ප්‍රකට වූ හෙතෙම කලක් හොරණ ආසනයේ මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය. ඉනික්බිති විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශයෙහි සංවිධායක වශයෙන් කටයුතු කරමින් සිටියදී රෝගාතුර වූ සාගර පලන්සූරිය හෙවත් කේයස් කවියාණෝ 1961 ජූනි 21 වැනි දා මෙලොව හැර ගියහ.
       

Wednesday, August 10, 2011

සරුන්ගල් නිවාඩුව



ඉරටු කපාගෙන - නුල් සොයාගෙන
පාප්ප හදන්න - පිටිත් සොරාගෙන
   ඒ විතරක් මදි ..
නුල් පන්දුවක් - කොළ තුන හතරක්
කොහෙන්ද මුදලක් - කඩමුකො කැටයක්
    ..කවුඩද නයාද ..අනේ වැඩක් නැහැ - හදමුකො අපි හොඳ ලස්සන මොණරෙක්
වුවත් අපිටත් පොඩි පොඩි වැඩ හුරු
කරන්න ඉඩ නැහැ අයියයි වැඩකරු


    
කොළ අලවාලා ලස්සන කරතෙයි
රැලි රැලි දාලා තව හැඩ වැඩෙ තියි
ඇඟිලි තුඩින් ගෙන ''සේරුව'' දමතෙයි
සමබර නොවුනොත් ''කූරිය'' ගසතෙයි


සුළඟ ඇදෙන අත හොඳට බලන්නට
අය්යා සමතෙකි ඕව කරන්නට
සුලන් බදනකම් අල්ලන් ඉන්නට
සිදුවිය හැමදා ගෝලය වෙන්නට


නෙක නෙක හැඩ මෙන් පාට පාට ඇති
සියක් සරුංගල් අහසේ පාවෙති
මාට්ටු දමලා කොල්ලන් තුටු වෙති
බේරන්නට අහසේ ලොකු සටනෙකි


සරුංගලය ඈතට ගිය තරමට
අපිත් ගියා වාගෙයි දුර අහසට
මිතුරේ අහසේ දුටුවේ මොනවද
වලාකුලක් මට කොඳුරනු දුටුවද

පැයක්ද දෙකක්ද නැහැ මුළු වරුවම
දිනක්ද දෙකක්ද නැහැ මුල් මාසෙම
සරුංගලේ නුඹ උඩ ගිය පාරෙම
හිත තිබුනෙත් මගේ දුර ආකාසෙම


නුල කැඩී නුඹ යන්නම යන්නට
ගියදා සිදුවෙයි දුක උහුලන්නට
අනියත දම ගැන විය දැන ගන්නට
යලිත් හැකිය අලුතින් අරඹන්නට




මේ කවිය ....
කුඩා කල නෙක පාට සරුංගල් හැදු අය්යාට ..එගොඩහ සිට හැම වාරෙටම විසල් සරුංගලයක් මෙගොඩට එවූ නම නොදත් අය්යලාට ..
සරුංගල් එක්කම අපිවත් අරන් අහසට ..
ළමා මුව සිප මකා ලුණු රස දහදිය
එදා වාගේම අදත් වෙනසක් නැතුව දැවටෙන
සදාදරණිය සුළඟට ......


Picture from Google Images

Sunday, August 7, 2011

කඳුළු බිංදු !

කඳුළු බිඳක් හංගා ගෙන දෙනෙත් පියන් යට

බලා හිටියෙ හැමදාමත් ඔබ එන පෙර මග

හිනා මලක් පුරවා ගෙන ඔබගේ දෙතොළග

එතැයි කියා බලා හිටියෙ පැතුම් පුරෝ ගෙන



වස්සානය ගෙවී ගියා නොසිතූ විලසම

ගිම්හානේ කොළ සේරම පරවී වැටුනම

ආවා නුඹ මා සොයාන හිරිපොද වැස්සෙම

කඳුළු බිංඳු ගලා ගියා මගෙ මුළු මුහුනෙම



වැහැර ගියත් ඔබෙ ගත සිත විඩාබරව අද

දෙනෙත් පුරා පෙනේවි මට ආදරයක හැඩ

ගඟුලේ වරම් ලබා කිමිදෙන්නට අද

පිහින පිහින නාමි ඔබේ පෙම් ගඟුලේ අද



කල්ප කලක් පෙරුම් පුරා මුළු සංසාරෙම

ලඟින් ඉන්න පැතූ පැතුම් ඉටුවීලා අද

සෙනේ මලක් පිබිදීලා ම’සිත් උයනෙ අද

ලමැද හොවා සැනසෙමි ආදරයෙන් හිස

Friday, August 5, 2011

ඉලන්දාරි සමය ගමෙ - part 3


බරට බරේ කරලින් බර මේ                      කුඹුරේ
අව්රැස් වැටී දිලිහෙයි කොළ අතු               පත‍රේ
සුදට සුදේ බබළන සුදු කිරි                  වෙහෙරේ
රජ හංසයෙක් මෙනි පිහිනන දිය              කතරේ

පොඩිනම අප දැක්ක විගසම නියර             දිගේ
පන්සල පැත්ත බලමින් මෙන් හොරෙන්    වගේ
සිවුරෙන් ඔතාගෙන මොනවද ගෙනෙ‍න     ර‍‍‍‍ඟේ
මොනවා නමුත් හිමි ගෙනෙනා කෑම           අගේ

කියමන සනාථයි අප නොව            පණ්ඩිතයන්
ඉඳහිට වැටෙනමුත් දොළ උඩ           ඒදන්ඩෙන්
එගොඩ වුණු ගමන් ඇති මේ ගුරු           පාරෙන්
ඇල්ලට දුරයි යා යුතු වේ               කරත්තෙකින්

නොපෙනෙන නිසා ගොන්බැඳි බර      කරත්තේ
ඊළඟ හන්දියට පොඩි දුරකුයි                 ඇත්තේ
හන්දියේ නවතාලා ඇත ගොන්            කරත්තේ
නැඟුණු පසුව නැහුනෙමු අපි කවි            මත්තේ

තණ්ඩලේ දෙන්න දෙපොළේ - දක්කනවා කටු කැලේ
ගාලේ නොලිහා වද දෙනවා - හපුතලේ කන්ද දැකලා බඩ දනවා
ඇදපන් පුතේ ඇදපන් හපුතල් යනවා......

රසබර කවි කියන අතරේ එකා                 බැගින්
සුපුරුදු පරිදි බැස්සා මේ ඇල්ල                 ලඟින්
සඟවා යනෙන කොට කලිසම් මාරු           කරන්
කුඹුක් සෙවණේ වී පොඩියක් ගිමන          නිවන්

සිතට ගතට සිසිලස දෙන මේ                   ඇල්ලේ
සුන්දර බව වැඩිය අදනම් දිය                   ඇල්ලේ
වෙනතක් නොවේ නානවා ලඳුනුත්            පහළේ
ජල ක්‍රීඩා කරයි දිය පුරවා                          අල්ලේ

රසබර හැඟුම් පූදන මේ ජල                          පහර
අපිත් නිකම් හිටියේ නෑ මේ                           පාර
දැන්නම් කළ යුතුයි යම්කිසි වැඩ                     වීර
නිකමට හෝ බලයි එවිටම අපිත්                කොර

එතරම් උස නැතත් අඩි පහළොවක්              වගේ
ගල්මත නැඟී උඩටම යමු ඇල්ල                   දිගේ
පහළ බැලූවිට කකුලත ගැහෙන                    ර‍ඟේ
සාමණේර හිමිනම පැන්නානේ                    අගේ

වතුර කඳ බෙදී හිමි නම යටට                         වුණි
එසැනින් උඩ ඇවිත් හිනාව අපට                    දුණි
අරහත් ඵල ලබා නැතිබව පසක්                     වුණි
නාන කතුන් හොරැහින් මෙන් බලනු              දැනි

අමර කමල් විමලුත් දැන් පෙළට                   පැන
මගේ වා‍රේ ආවා මම තව                            එතැන‍
දැන්නම් කතුන් හොඳහැටි අප දෙස              බලන
හිතට දිරි අරන් දිව විත් මම                        පැන්න

ජල කඳ දෙබෑ විය මම පහළටම                      ඇදී
වේගය ගත නොහී පත කළු ගලක                    වැදී
ජලකඳ වෙලී ඇත ගතෙහි හොඳට                    බැදී
එවිටයි පිබිදුනේ සුන්දර සිහිනේ                      නිදී

ජල කඳ නොව් පැටලී ඇති මදුරු                       දැල
කළු ගල නොව් වැදිලා ඇත පොඩි                  ටයිල
කෙසේ නමුදු ඒ සුන්දර සිහින                           මල
කිසිදා දැක්කේ නෑ එදයින් පසුව                       කල

                       [ ඉලන්දාරි සමය ගමෙ අවසානයි - අවසන් කළේ බොහොම අමරුවෙනි. ]                                                                        

Wednesday, August 3, 2011

කනයා

කන
මඩ කන
මඩෙහි නිදන
පණ
රැක ගෙන
ගඟට නොයන
දින
දිය එන
තුරු වේලෙන
පින
පෑදෙන
සිහින මවන


[චිරන්ත ජයසේන ගේ මුහුණු පොතේ කවියකට දුන් පිළිතුරක්. පර්යේෂණාත්මක උත්සාහයක් ලෙස මෙහි පළ කරමි]