පෙලින් පෙලට මුතු අමුණන හතර පදේ රස ගුලාව
ලියන්නට හිතයි ලස්සන විරිදු කරුගෙ කවි කලාව
වරින් වරට මුණ ගස්වන මගේ මතක සිත්තරාව
රිසින් විඳිනු මැන මිතුරනි මෙගා සීරිසේ "පගාව"
කාර් ලඩිය කරදරයකි හිත මිතුරට "කතන්දර"
ඔහුට වඩා අපට දුකකි ඒ ගැන ලියු කතන්දර
මටත් වංගියක් තිබුනා ගැලන්ට් එකක් ඇතෙක් බර
කලක් ගොහින් විකුණන්නට හමුවිය මට බයර් පොර
ආරෙම්වී එකට යන්න බේස් ලයින් එකට ගියා
පාර අයිනෙ නවත්තලා තෙල බනුවෙන් සොයමි එයා
ඒ සමගම දුවන් ආපි අවි ගත් හමුදා භටයා
බෑ නොව මෙහි නවතන්නට හයි සෙකුරිටි සෝන් කියා
හිතට ආපු බයට වහා කාරෙක පාරට ලෑවා
"මෙතන කේස් කට් කරනව" කියල බයර් ටත් කීවා
ඈතින් හුන් පොලිස් බුවෙක් විසිල් එකෙන් හඬ ගෑවා
ෆෝන් එකත් කනේ ගහන් පාරට දැම්මයි කීවා
"දුවන් ආපු සෝල්ජරය දැකලා මං බය උනේය"
"අනේ මේකෙ අන්තිම දා හෙට ඉඳලා බස් එකේය"
"බැරි ද අපිට ශේප් වෙන්න ආයිත් මෙය නොම කෙරේය"
කොච්චර වැන්දත් රළහමි මට බුරුලක් නොදුන්නේය
බලෙන් වගේ ගහපු දඩේ ශේප් වෙන්න වත් නොහැකී
"පොලිසියට නොව කෙලින් ම උසාවියට යනු" ඔහු කී
කෝල් එකට නතර කළා මා එලෙව්වෙ වෙන එකෙකී
මගේ හිතට හරි තරහයි අසාධාරනෙන් මිරිකී
දඩ ලියන්නෙ පොලීසියෙනි නඩු දාන්නෙ වෙලා පමා
ලයිසොම ඇති පොලිසියේ පොලිසියට ගියෙමි මෙමා
දැක්ක ගමන් දඩ පත්තර නිලදරුවා හිස උදුමා
"මෙහෙන් නොවේ උසාවියෙන්" රැස්පොට් පිට කිව්ව තමා
කලින් කලට වෙස් පෙරලෙන විෂ්ණු දෙවිඳුගේ අවතර
හොඳින් චිත්‍රපට ගත කල කැමරන් මාමගෙ අවතර
එවන් චරිත මට වැහෙනව වාසිය ගන්නට නෙකවර
මහත්තයෙකු වෙස් ගත්තෙමි දරනා වැදගත් තනතුර
"මේකයි රළහමි සිද්දිය නැහැනේ මං කෝට්ස් ගිහින්
දන්නෙත් නැහැ ප්‍රොසීජරය අපිට ඔව්ව තූ නොදකින්"
මහත්තයා වැඩ කරන්නෙ කොහෙදැයි ඔහු ඇහුව සැණින්
"කොම්පියුටර් ෆීල්ඩ් එකේ" කියුවා මා බොහොම බරෙන්
"ඉන්නකො එහෙනම් පොඩ්ඩක්" කියලා මට සන් කළේය
දවසේ දඩි බිඩි වැඩ ටික හනිකට ඔහු නිම කළේය
අරගෙන මගෙ කඩදාසිය ගෙවුම් පතක් සැකසුවේය
බාගෙට ඉඳගෙන එළවා ඇති බව බොරුවට ලිවීය
අඩුම දඩය ලියා තිබුණි රුපියල් සියයක් පමණි
තැපැල් පොලින් හැක ගෙවනට උසාවි නොම අවැසි වුනි
මොකද යකෝ මේ සෙනෙහස කියලා මා පුදුම උනි
ගෙඩි රුපියල් තුන් සියයක් මගේ අතේ ගුලි ගැසුණි
ආපහු විත් ලයිසොම ගෙන දෙන්න උන්න මුත් පගාව
මිනිහ ඔහේ කතා බහේ ජොබ් එක ගැනමයි කතාව
"මහත්තයෝ මගේ කොලුව උසස් පෙලට යන වෙලාව
කොම්පියුටරයක් දෙන්නට මගේ හිතේ කල්පනාව"
"බැරිද අපිට ගන්න එකක් මහත්තයගේ ඔපීසියෙන්?
පොඩි ගානට එකක් දෙන්න මහත්තයට හැකිනෙ ඉතින්"
මෙච්චර මට උදව් කරපු රහස දැනුනි එක සැණෙකින්
මට ඌ ගැන කනගාටුයි අපෙන් එකෙකි ඌත් ඉතින්
"කොම්පියුටර් කොම්පැණි ඇත හාඩ්වෙයා සොෆ්ට්වෙයා
මං ඉන්නේ දෙවෙනි ගොඩේ එහෙ නැහැ විකුනන්න තියා
වැඩ කරන්න අපිත් ගන්නෙ කඩේ තියෙන එව්ව මෙයා"
ඔෆිස් එකෙන් අරන් දෙන්න බැරි බව මම දුන්න කියා
දරුවට සෙනෙහස දක්වන ආදර බර පොලිස් පියෙක්
උගේ පුතත් හෙට ලිව්වොත් පරිගනකෙන් බ්ලොග් අහුරක්
මං වගේම තව මිනිහෙකි මගේ හිතට දැනුනි දුකක්
අංකය දුන්නා මිනිහට කරනෙමි මම මට හැක්කක්
"කොම්පියුටර් අරන් දෙන්න යුනිටිය මට බොහොම ලඟයි
ඕනානම් අමතනු මට උදව් කරන්නට හැකිවෙයි
මට කල මේ උදව් වලට ඔබට බොහොම ස්තුතියි"
සල්ලිත් මා දුන්නෙ නැතේ එතන පගා දිය නොහැකියි
ලිහා ගන්න බැරුව ගිහින් සිද්ද වෙච්ච පටලැවිල්ල
මගෙන් ඔහුට ගන්න බැරිය ගන්න හිටිය ලොකු කැපිල්ල
මොනව කරන්නද අවසන මිනිහට වැරදුනි සියල්ල
යන එන මං නැතුව හිටිය හැදිල වගේ කරකැවිල්ල

ජුලි කලබල වෙද්දී පිටකොටුවේ ඉඳන් පයින්ම ගෙදර ආපු තාත්තා .කලිසම් කකුල් අතර හිරවෙච්ච පරිප්පු ඇටගසල දැම්ම. ඒ පැත්තෙන් ආපු හැමෝම මොනවා හරි කිහිල්ලේ ගහන් එද්දී හිස් අතින් ආපු ඒක ගැන එදාවත් මට අහිතක් හිතුන් නැහැ . මේ කවි කියවල මට ඒ සිද්ධිය මතක් වුනේ ඇයි ද මන්ද . මේ පොලිස් තාත්ත ගැනත් දුකයි නේද . එයාගේ පඩියෙන් දරුවට පරිගණකයක් අරන් දෙන්න බැරිව ඇති.
ReplyDeleteඅසංක ..මල්ලි . අලුත් කෙනෙක්ට කවි ලියන්න එකතු වෙන ආරාධනාව කල් පැනල නේද . මන් ඒ ගැන පණිවිඩයකුත් දුන්න .ලැබුනේ නැද්ද . ඒක අලුත් කරනවද
ReplyDeleteකියන්න බැරි වුනා සුජීව විරිඳු ටික පංකාදුයි
ReplyDeleteවිරුඳු ටික නම් පංකාදු පහයි . . .
ReplyDeleteපව් අර අහිංසක පොලිස් මාමට ජරාවක් කන්න ගිය චෑන්ස් එක මිස් වෙච්චි එක . .. හික් හික් . . .
ඒක නෙමේ අපි ලබන පාර වෙසක් එකට සයිබර් තොරණක් කරමුද ??
උඹ, බින්දි වගේ අය ඉන්නවා විරිඳු ලියන්න . . මාරයා ඉන්නවා විරිඳු කියන්න . ..
අනිත් ඒවටත් පොරවල් හොයා ගන්න බැරි වෙන එකක් නැති වෙයි . . හෙ හෙ හේ
+with DUKA
ReplyDeleteකරමු දුකා. ඒ එක්කම පොඩි අර්ථවත් වැඩකුත් සෙට් කලොත් [තොරණට නාස්ති වන ද්‍රව්‍ය මගින්]
ReplyDelete@බින්දී;
ReplyDeleteමෙහෙමයි. මුලින්ම ඔය කතාව දැනං උන්න නම පොලිස් බුවා මට සලකන්නේ ඔහොම නොවේ. මිනිහ හිතුවේ මං කොම්පියුටර් විකුණන කඩේක වැඩ කරන්නේ කියලා. මගෙන් එකක් කඩා ගන්න බැලුවේ. සල්ලි නැත්තටම නැති අය නොවේ.
ඒත් බෝතලේට යට වෙන කාලකන්නින්ට වඩා මනුස්සයෙක්. එතනත් තමන්ගේ පුතාව සිහි වුන එක ගැන මට පැහැදීමක් තියෙන්නේ. මට දුකයි මාත් ඔහු වගේම අසරණයෙක් නේ. මට ඉතින් වැඩිම උනොත් හොඳ කෝටේෂන් එකක් දාලා දෙන්න පුළුවන් වෙයි අනවශ්‍ය දේවල් හලලා.
හැබැයි ඔය පගා ගන්න හැමෝගෙම හිතේ කොනක මා ගැන අනුකම්පාවක් ඇත්තටම තියෙනවා. පව් මේ මනුස්සය ට මේක කරගන්න බැහැ අපි උදව වෙන්න ඕනේ කියල තමයි හිතන්නේ. ඒ නිසා මට මේ කට්ටිය සමග අන්යෝන්ය වූ සානුකම්පික හැඟීමක් තියෙනවා.
දඩ ගාස්තුව ගෙවීමට වඩා අර්ථවත් දෙයක් මගේ පගා සල්ල්ලි වලින් වෙනවා ඇති.
ඇත්ත මන් එකඟයි . එකය කෝ මේ ගෙදර අයිති මලයා . පණිවිඩ කීපයක් තිබ්බා . හොඳටම බිසී වගේ .
ReplyDeleteමං නං දිලත් නෑ, දෙන්නෙත් නෑ, ගන්නෙත් නෑ!
ReplyDeleteසමාව දෙනු මැන සියල්ල අසනීපය ඇති වූවා
ReplyDeleteපමාව ඇත පොඩ්ඩක් එනමුත් කවිමල් දළුලෑවා
ඇරයුම් පතත් පොඩියකට කලින්ම මම සැකසූවා
ළඟදිම තවත් කවි පදයක් දෙන බව මගෙ සිත කීවා
@සුජීව
රසවත් කවි පෙළක් යනුවෙනි මෙය දැනුනේ
පගා සීරීසේ දෙවැනිය පිට වන්නේ
පොලිස් පුතුට පරිගණකය ලැබදෙන්නේ
තවත් පුතෙකු බ්ලොග් ලියුමට පැමිණෙන්නේ
සිරිලංකාවේ පොලිසිය ගැන කියන විට
මුදලක් නොදී යන අය බස් රථයකට
ඉදහිට පගා ගැසුවත් නොදැනී ඇඟට
ලැබෙනා පඩිය මදි ඇති දිවි ගෙවන්නට
@දුකා
සයිබර් තොරණේ අදහස නම් පට්ට ඈ.. ඒ ඔක්කොම චිත්‍ර ටික මං ඇදලා දෙන්නං.. (කවි ලියනවටත් වඩා ආස ඒකට)
@බින්දි
අනේ සොරි වෙන්ටොනෑ.. ටිකක් අසනීප වුණා(ටිකක් කිව්වට ගොඩක්) ඒකයි මේ පැත්තේ එන්න බැරිවුණේ
asanka;
ReplyDeleteමොකද උනේ? ඉකමනින් ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කොච්චර වැඩ තියේද කරන්න. මුහුණු පොතේ චිත්‍ර ටික දැක්කා. පංකාදුයි. මෑත දවසක ඉගෙන ගන්න ඉන්නේ දිය සායම් කලාව. දැනට හොඳින් කරනවා කාටුන් කලාව. දවසක කාටුන් බ්ලොග් එකක් හදන්න ඕනේ. තාක්ෂණික ප්‍රශ්න නිසයි කල් යන්නේ.
කතන්දර පොලිස් කාරයොත් එක්ක තරහයි නේද?
ReplyDelete@ අසංක
ReplyDeleteඅනේ දැන් සනීපද . ආරාධනාව හෙව්වේ මගේ යාලුවෙක්ට . දැන් හරි වගේ . මන් එයාට කියන්නම් . මල්ලි චිත්‍ර අඳිනවද. ආසයි අඳුන ගත්තට .
@ සුජීව .
මෙන්න තවත් සිත්තරෙක් . බලන් ගියහම හොඳ කලාකාරයෝනේ.
නෑ vees(හතිය) එක හැදුනා.හෙම්බිරිසාව තිබිලා වැඩි වුණා.හොදටම අමාරු වුණා.ලෙඩ ඇදේ ඉන්නකොට කවි සිතුවිලි ගොඩාක් ආවත් ලියාගන්න අමාරු වුණා.දැන්නම් අඩුයි.දුක සැප විමසුවට ස්තූතියි
ReplyDelete@සුජීව
මම ඔය දියසායම් චිත්‍ර ඇන්දට වැඩිපුරම ආසා කාටුන් කලාවට තමා.බිලොග් එකක් පටන් ගත්තොත් කියන්න මාත් උදව් කරන්නම්
සුජීවගේ කවි ටිකනන් ලස්සනයි. මමත් හොඳට රස වින්ද. අපි කාට කාටත් ඔය වගේ අත්දැකීම් තියෙනවා.
ReplyDeleteපොඩි රහසක් කියන්නද? අර සයිබර් තොරණේ චිත්‍ර අඳින්න තව හොඳ කෙනෙක් ඉන්නවා. ඒ තමා ඔය බින්දි. කවි, රචනා වගේම චිත්‍ර වලටත් හරි දක්ෂයි. ඉස්සර දහම් පාසලේ හැමදාම චිත්‍ර තරගෙන් පළවෙනිය.
මාරු කවිය අහ් . ඔය වැඩේම වගේ මටත් උනා හැබැයි දීපු දඩයයි , වරදේ ස්වාබාවෙයි , පොලිස් ස්තානෙයි වෙනස් . හැබැයි ඒ අය ගන්න තුට්ටු දෙකත් එක්ක පගා ගන්න එකට වරදක් කියන්න බෑ . අපි ඒ තැන ඒ තත්වේ හිටියනම් අපිත් ඔය දේවල් කරන්න තිබුනා .
ReplyDelete