Monday, August 19, 2013

මල තලා රොන් ගනී මී මැසි







නිසල දියමත නැගෙන පෙණ පිඩු 
සුළං රැළි වැද නටයි වැටි වැටි
නැගෙන බිඳෙනා රලෙහි හැපි හැපි
ඉරුගෙ රැස් යයි එතී දියඹෙහි

සිනා සරකින් නැගෙන මදහස
දෙතොල්පෙති මත රඟයි දිලි දිලි
දෙකම්මුල් මත සැදෙන සුළියක
නොකී රහසක් වීය බිඳි බිඳ

පාට මලකට ඇදෙන මී මැසි
කැලත විත් රඟ දෙමින් ඉගිලෙති
මලේ ඇති රොන් ටිකෙන් ටික ගෙන
මල තලා රොන් ගනී මී මැසි

Saturday, August 10, 2013

එයින් විසිතුරු නුඹේ වතනම් ඇත්තටම මනරම්

හිස් අහස් කුස වළාකුළු ගෙන නුඹේ ගතවට               දවටමි
දුහුල් සළුවක් වගේ ඔතමින් ගතට ලස්සන             ගෙනඑමි
දිදුල තරු කැට පොකුරු අතරින් එළිය ඇති තරු     ගන්නෙමි
එවන් තරු කැට දෙකක් අරගෙන නුඹේ කන් පෙති     සරසමි

රන් තැටියවන් රවුම් සඳ දැක සිනාවෙන් මුව          පිසිනෙමි
එවන් සඳගෙන නුඹෙ ලමැදේ රන් මලක් ලෙස          දවටමි
රැයේ පිණිබිඳු තුෂර කැට ගෙන නුඹේ ගෙලවට          දවටමි
පැණින් මුකුලිත නුඹේ දෙසවන් අසා ඉන්නට           ලංවෙමි

අඳුර බිඳගෙන වලා අතරේ නැගෙන සඳ                  මනරම්
සඳේ එළියට ඉඟි බඳින්නට පිපෙන තරු                  මනරම්
නැගී බැසයන සඳට ඉඩදෙන වළාපෙල                   මනරම්
එයින් විසිතුරු නුඹේ වතනම් ඇත්තටම                  මනරම්