Friday, November 25, 2011

 වසන්තය



මඟ දෙපස පේලියට හිට ගෙන

හොරෙන් මා දෙස බලා හිනැහෙන

නම නොදත් මල් කැකුළු තරමට

විකසිතව දිදුලයි මගේ සිත


දිනෙන් දින දිගුවන දහවලට

ඉර එලිය නැහැවෙන ගහ කොළට

නෙක සියොත් සරණා නුඹ ගැබට

මොන තරම් අසිරියක් කළහැකිද?


පිපුණු මල් පර නොවී තියේ නම්

නිරතුරුව බිඟු රොනට වඩී නම්

ගුමු ගුමුව නිබදවම ඇසේ නම්

වසන්තය හැමදාම රැඳේ නම්


දිගු දවස් ටිකෙන්ටික කෙටි වේවි

හිරු එලිය හෙමි හෙමින් අඩු වේවි

උණුසුමත් සීතලට යට වේවි

මේ සතුට ආයෙමත් දියවේවි