වෙහෙර පාමුල
දෙදන බිම ඇන
කියූ ගාථා
තවම සිහිවෙන
පිටු නොපා සිටි
වගේ මිතුදම්
ඇඳුනු මැදුරේ
අනගි සිතුවම්
අතුල සුදුවැලි
නැගුන හසරැලි.
පුංචි දැරිවිය
හමුවුනා යලි...
අහුලා අහුලා
වැටුණු බෝපත්
රැකුණි වියළී
අතර පොත් පත්
ඇවිලී ඇවිලී
පහන් වැටි වල
දැවුනි දොම්නස්
රැදුණු සිත් වල
බැතින් දැල්වූ
සුවඳ කූරුත්
දැනෙයි හීනෙන්
වගේ තාමත්
ගෙවා ගව් දුර
නොදා තව කල්
සදා බැතියෙන්
පුදමි සිත් මල්
කවරදාවත්
නොවේ පැරණිය
දෙවෙනි මව
වැනි මගේ කැලණිය
........... මුණු පොතේ ''කැළණි කළා හවුලට '' බැඳුනු පසු අලුත් වූ මගේ කවි හිත මෙසේ ලීවෙමි.
photo from
සසදර දිලී බැබලුන දිනයක සොඳුරු
ReplyDeleteසක්මන් කළෙමු ඒ බිම සුදු වැලි ඇතිරූ
පතුරා දහම දුරු කළ සිත් ගන අඳුරූ
අමතක නොවෙයි පුදබිම කැළණිය මහරු
මගේ මතකයත් දිවයයි සොඳුරු වසන්තයේ ඈත දිනයෙක
ReplyDeleteඅතින් අත පටලා වදින්නට ගියා කැලණියෙ විහාරය වෙත
පැතූ පැතුමන් සිහින බොඳවුනි වෙන්ව යාමට වුනි වෙලාවක
නමුදු අදටත් වඳිමු කැලණිය බොහෝ බැතියෙන් තබා නලළත
සැබෑවකි, එය නොවේ කිසිදා වෙන්නෙ නම් පැරණී
අදත් ඒ ලෙස විරජමානය වෙහෙර බිම කැලණි
වෙහෙර මළුවම සුවඳ පතුරයි පිපි නෙළුම් පමණී
නිවා සනසා දනන් සිත් අද වෙහෙර බිම කැලණී
ඈත කලෙක බුදු හිමි පා පියුම් දැනී
ReplyDeleteමෑත වුනත් දුක් සංකා මැකෙනු වැනි
අහස සිඹින කොත් අග වැනි රුවන් මිණි
කියා තිබේ ලස්සන කවි සැළලිහිණි
කවි මුතු වැල්
ReplyDeleteලියූ පද වැල්
දකින නෙත් යුග
පිපෙයි තුටු මල
බුදු හිමි පා පහස ලැබු මේ පුද බිමට
ReplyDeleteඇත වාසනාවක් හැකිනම් මෙහි යන්ට
සුදු වැලි පලස මත මගේ සිත සනසන්ට
හැකිවිය බින්දි ලියු මේ රස කවි පෙළට
ලස්සනයි බින්දි...........
හරිම අපූරුයි . . . .. ලස්සනටම ලියලා තියෙනවා . . ජය
ReplyDeleteපසන් ගෞතම මුණිදු බුදුවී ශාසනේ ලොව පැවතියේ
ReplyDeleteඑසම්පත් ඇති අයත් මරුවා කැටුව යනවා උරුදියේ
වසන්නැති දා කරපු පින්මයි කැටුව යන්නේ පැහැදියේ
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ
මේ කවිය තියෙන්නේ මහනුවර යුගයේ දිවි ගෙවූ තාඹුගල ලෝකුරු නයිදේලියපු කැළණි හෑල්ල නම් කෘතියේ.
බොහෝ දෙනා දන්නේ අන්තිම පදය විතරයි.
මෙතනට ගැලපෙනු ඇතැයි සිතුනා.
@ පොත් ගුල්ලා
ReplyDeleteඇත්ත තමයි ඔය අන්තිම පදේ විතරයි හොඳට මතක හිටින්නේ. මේ පොත් ගුල්ලනම් හොඳට අසු පිරු ඇති අයෙක් බව පේනවා