Monday, August 29, 2011

හේරත් හාමි - විමලරත්න කුමාරගම

අලියා වැටුණු වැව සිටි හේරත් හා                        මි
මා වැනියකු වුවද මම වැදගත් වී                           මි
මිනී කපන මුත් ඒ හේරත් හා                               මි
ඔහු මට වඩා විසි තිස් ගුණයෙන් දෑ                      මි

ඉස්පිරිතාලයේ අලියා වැටුණු වැ                        වේ
මළ මූ ඇදීමෙන් ඔහුගේ දවස ගෙ                      වේ
මාසික පඩිය ලැබ පෙන්නූ නමුදු සු                     වේ
ඔහු දුටු සෑම විට මා දුක් මුසුව තැ                       වේ

ඇඟපත දැඩිය හැඩ ඇත හීන්දෑ                          රිය
වයසක් නොමැත නාඹර ඉලන්දා                       රිය
කිසිවෙක් තවම නැත පැවසුමට බා                    රිය
මට පුදුමයකි ඔහු මේ කරන කා                         රිය

මා වැනියෙකුට තද සංවේගයම දි                         දී
හැමදා උදේ ඔහු මගෙ වැසිකිළිය අ                     දී
හදිසියෙ යමකු මළහොත් දොස්තර ද ව                දී
අප ඉදිරියේ ඔහු මළකුණ කපන ල                       දී

ගොවි-කම්කරු රදල-උඩරට කිසිම කු               ලේ
වෙන කිසි කෙනෙක් තව නැත මේ වැඩය ක     ළේ
දැනගන්නට කිසිදු වරදක් නොමැත මො           ළේ
කිසි අනතුරක් නොකරයි කිසිවකුට කැ             ලේ

අවනත සිනා රැලි වත නිතරම පතු                      රයි
හැම වදනක් ම අවිහිංසකව පතු                         රයි
හැමදා වගේ සවසට බොන ගිනි වතු                  රයි
ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතු                  රයි

පිහියා පහර ලැබ ඔහුගේ නැගණි අ                  නේ
මළ හැටි සිහිව මගෙ නෙත තෙත ගතිය දැ        නේ
නෑඬුව නමුත් ඔහු නැගණිය මැරුණු දි               නේ
උණ ගත් දාට වැලපෙයි නෙත කඳුළු පෙ           නේ

නැගණීය මළ විටදි දොස්තර සමඟ ගො           සින්
ඇගෙ කය කපන ලදි හේරත් හාමි වි                සින්
බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බ             සින්
ඔහු හට වැඩක් නැත ලොව ඇති රිහිරි ම          සින්

නූපන් නිසා දනවත් මහරු පා                           යක
පන්සල වෙතට යයි හැම විටම පෝ                 යක
අලුතෙන් හැදුව වෙහෙරට ඔහු ද දා                  යක
ඊටත් වඩා සලකයි අයියනා                             යක

                                    ----------------------------------------------------------------------------


 1919 ජනවාරි 18 දින පාතදුම්බර පාලිස්පත්තුව බස්නාහිර කොරළේ නාරම්පනවේ දි ජන්මය ලැබු විමලරත්න බණ්ඩා කුමාරගම ගේ පියාණෝ විමලරත්න කුමාරගම 1928 ජනවාරි 18 වන දින පාතදුම්බර පාලිස්පත්තු බටහිර කෝරලයේ නාරම්පනාව ග්‍රාමයේ උපත ලැබිය.පුංචි බන්ඩා කුමාරගම හා බණ්ඩාර මැණිකේ කුමාරගම ඔහුගේ දෙමාපියන් විය. ඔහු හත දෙනෙක් ගෙන් යුක්ත පවුලක දෙවනියා විය.
                            ඔහු මහනුවර මාකොලදෙනිය වේරපිටිය පාසලේ මුලික අධ්‍යාපනය ලැබූ අතර පසු කාලීනව තෙල්දෙණිය ද්වි භාෂා විද්‍යාලයේ හා කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ අධ්‍යාපනය ලැබිය. ඔහු අවසාන වශයෙන් නුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර මැට්‍රිකුලේෂන් විභාගය විශිෂ්ඨ සමර්ථ සහිතව සමත් වූ අතර ,පාසැල කාලයේද සිංහල කවිය පිළිබද උනන්දුවක් දැක්වූ අතර කවි රචනයේද නියැළුණි.

  පොත්
  • නිල්සීනය (1941)
  • ඔරුව (1942)
  • සංවේග වේදනා (1946)
  • සපුමලී (1946)
  • සුරතල්ලු (1961)

කවි
  • හේරත් හාමිනේ
  • අයියනායක
  • දඩයම
  • වන්නියෙ මල්
  • ගමේ වැව
  • කිරා
  • ආරච්චි රාළ
  • සිරගෙය
  • යන්තම් බේරුනා
  • හරක් හොරා
  • බුදුරුව
  • සුන්දර හාමි
  • ආගන්තුක සත්කාරය
  • අවුරුදු නිවාඩුව
  • මුතුගේ ප්‍රශ්න
  • වන්නියෙ දොස්තර

                                         උපුටාගැනීම :  විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

12 comments:

  1. විමලරත්න කිවිඳුන්ගේ පබැඳුම ට
    දහසක් වරක් පින් සිදු වේවා ඔබ ට
    පාසැල් වියේ රස විඳි ඒ කවි වල ට
    තවමත් දුවයි සිත පණහේ දශකය ට්

    එපා එපා හිර මුදුනට එන්න එපා
    එපා එපා සඳ මුදුනට එන්න එපා
    අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා
    මේ කවි පදය නම් නොලියා ඉන්න එපා

    ReplyDelete
  2. පාසැල් කාලෙට පස්සෙ ඔන්න විමලරත්න මැතිදුන්ගෙ කවියක් රසවිඳින්නට ලැබුනා. හරිම ආසාවෙන් කියෙව්වා. ස්තූතියි, අසංක පුතේ.

    ReplyDelete
  3. හැටදෙක වසර අග උඳුවප් මස අග දී
    විමලරත්න කවියා මරු සමග ඇ දී
    ගිය බව ඇසිමි, මාතර රෝහල තුල දී
    කඳුලැලි යුතුව සිටියෙමි මම සුසුම් දි දී

    කොලඹ යුගයෙ කවිපද මම ලියන්න ට
    ඉගෙන ගත්තෙ කුමාරගම මැතිඳුන් ට
    පින්සිදු වෙන්න ඒ පසුපස මට යන් ට
    තවමත් පිහිට වෙනවා වගෙ දැනෙයි ම ට

    වසර ගනනකින් මම පිටරට ආ වා
    සිංහල ලියුම්, කවි යලි අමතක වූ වා
    දැනට වසර තුනකට පෙර පන ආ වා.
    විමලරත්න කවියා පිහිටට ආ වා.

    ReplyDelete
  4. වැදගත් ලිපියක් .......
    වගේම හොඳ කවි ටිකක් ........

    ReplyDelete
  5. ඔන්න මම ආසම කවියෙක්ගේ ආසම කවි පෙළක්. කොළඹ යුගයේ කවි රසවින්දින්නෙක් ලෙස මගේ ස්තුතියත් ඔබට අසංක . සාමාන්‍ය මිනිසාගේ සරල බව සුගම ලෙස කියන්නට හපනෙක් කුමාරගම කවියා . ඔහුගේ ඉතුරු කවි ටිකත් ඉඩ ඇති විට දාන්න මල්ලි හැකිනම්

    ReplyDelete
  6. @ සරත් ගුණතුංග

    විමලරත්න කවි පද ආරට ලියුව
    ඔ‍බගෙ කවි පදත් අප රස විඳ බැලුව
    හොඳ කවියෙකුව ඒ කවි අතරෙන් දුටුව
    ඇරයුම් කරමි කවිමුතුමල් බ්ලොග් පිටුව

    විමලරත්න කවියා සතු බස් වහර
    කතරට ගැලු මෙනි සීතල ජල දහර
    සරලය සුගම ලෙස ඔහු ලියු පද අතර
    ගැමි ජනයාගේ හදවත කර ඇත විවර

    ReplyDelete
  7. සිංහල කවී අවකාශයේ මා දකින උඩම සලකුණ කුමාරගම. මට මොන තරම් මේ මනුස්සයගේ කවි ගැන පිස්සුවක් තියෙනවද කියලා මටම තේරෙන්නේ නැහැ.

    ඉතාම සරල භාෂාවකින්, ලස්සන කාව්‍යාලංකාර සහිතව, අදහස හොම්බටම වදින්න.

    මේ කවියෙන් කියවෙන යුගයේ මිනි කපන එක අතිශය පහත නින්දිත දෙයක් හැටියට සලකා තිබ්බ වගේ පේන්නේ. අදටත් එහි ශේෂ වූ කොටස් තියෙනවා. අතීතයේ ඇතැම් කතා වලින් එ කාලේ සමාජ ආර්ථික යතාර්තයන් මනාව පෙනෙනවා. මා ඉතිහාසය එහෙම ඉගෙන ගන්න ආසයි.

    කුමාරගම කියන්නේ ආනමඩුවේ ඩීආරෝ මහත්තයානේ. අලියා වැටුණු වැව එහෙ පැත්තේ ගමක. මේ ගම ගැනම ඔච්චර ලිව්වේ ඇයි කියලා මං දන්නේ නැහැ. කවියා අවිවාහකව උන්නේ ප්‍රේම සම්බන්දයක් නිසා නේද?

    ලංකාවේ මා දන්නා ශ්‍රේෂ්ටතම කවීන් දෙන්නා[ කුමාරගම, සේකර] අකාලයේ බිලිගත් බෝතලයට [බොන එවුනුත්] ශාප කල යුතුයි.

    යවහන් ගැන අදහසක්. දන්නා තරමින්, යවහන් කියන්නේ දෝෂයක්. දෝෂය නම් ය-ව-හ-න් අකුරු හතරෙන් කවිය නිමවන විට ඊට පෙර එක එක අකුරු තිබීමයි. මේ අකුරු හතර කටේ කියවෙන්නේ යන්තමින් නිසා එලිසම අලංකාරයට ඊට පෙර අකුරත් බලපානවා.

    මෙන්න යවහන් දෝෂය මග හැරපු කවියක්.

    නැගණීය මළ විටදි දොස්තර සමඟ ගො සින්
    ඇගෙ කය කපන ලදි හේරත් හාමි වි සින්
    බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බ සින්
    ඔහු හට වැඩක් නැත ලොව ඇති රිහිරි ම සින්

    අසංකට නැවතත් ස්තුතියි මේ කවි ඉදිරිපත් කරනවට. හේරත් හාමි ගුරු කොට ගෙන අසන්කගෙනුත් කවි පෙළක් ලැබේවි කියා බලා ඉන්නවා.

    ReplyDelete
  8. මේ මහා සමාජ කර්තව්‍ය සෑහෙන්න අගය කරනවා..
    පුළුවන් කෙනෙක් ඉන්නවා මට නම් ජී.බී සේනානායකගේ පලිගැනීම පොතේ පිටපතක් ලබා ගන්න උදවු කරන්න.. මම ඒ වෙනුවෙන් ගොඩක් වෙහස උණා. නමුත් සාර්ථක උනේ නෑ. පුළුවන් නම් ලොකු උදව්වක්..

    ReplyDelete
  9. විමල්රත්නකුමාරගමගේ අනෙක් කවිපන්ති ද හැකිනම් සොයා ඉදිරිපත් කරන්න. ඔබ අතින් සිදුවන මහා පින් කමක් වනු ඇත. හේරත්හාමි තුළින් ඉදිරිපත්වන මනුස්සකම පිරුණු අපේකම නැවත සිහිකරනු පිණිස ඔබ ගෙන ඇති වෑයම ඉතා අගය කරමි

    ReplyDelete
  10. විමල්රත්නකුමාරගමගේ අනෙක් කවිපන්ති ද හැකිනම් සොයා ඉදිරිපත් කරන්න. ඔබ අතින් සිදුවන මහා පින් කමක් වනු ඇත. හේරත්හාමි තුළින් ඉදිරිපත්වන මනුස්සකම පිරුණු අපේකම නැවත සිහිකරනු පිණිස ඔබ ගෙන ඇති වෑයම ඉතා අගය කරමි

    ReplyDelete
  11. සිතෙන් කිසි දින නොමැකෙන
    කවියෙක් හිදියි නොමැරෙන
    වන්නිය හොදින් හදුනන
    කවියා විමලරත්නය






    ReplyDelete
  12. එතුමාගේ හුඟක් කවි එකතුකළ කවි පොතේ තිබෙනවා. නමුත් මුතුගේ ප්‍රශ්න තිබුනේ පද්‍යාවලියේ පමණයි.

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................