කන
මඩ කන
මඩෙහි නිදන
පණ
රැක ගෙන
ගඟට නොයන
දින
දිය එන
තුරු වේලෙන
පින
පෑදෙන
සිහින මවන
[චිරන්ත ජයසේන ගේ මුහුණු පොතේ කවියකට දුන් පිළිතුරක්. පර්යේෂණාත්මක උත්සාහයක් ලෙස මෙහි පළ කරමි]
මඩ කන
මඩෙහි නිදන
පණ
රැක ගෙන
ගඟට නොයන
දින
දිය එන
තුරු වේලෙන
පින
පෑදෙන
සිහින මවන
[චිරන්ත ජයසේන ගේ මුහුණු පොතේ කවියකට දුන් පිළිතුරක්. පර්යේෂණාත්මක උත්සාහයක් ලෙස මෙහි පළ කරමි]
@සුජීව
ReplyDeleteඔබ මේ කෙටි වදන් වලින් කරන වික්‍රමය නම් අති විශිෂ්ටයි . 2/4/6 කොච්චර අපූරු මාත්‍රා ගලපීමක්ද කියලා දැනුනේ අද. කවදාවත් මම උත්සහ කරලා නැහැ. හරියට බෙර පදයක් වගෙයි. මුල් කවියත් පලකෙරුවොත් මේ කවිය වඩාත් රස විදින්න පුළුවන් වෙයි කියල හිතෙනවා. පුලුවන්නම් පල කරන්න
හරිම අපූරු රිද්මයක් සුජීව..ඇත්තටම ලස්සනයි..කනයා කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නෙ ලූල නෙ..ඒ නිසා මමත් දෙපදයක් එකතු කරනවා...
ReplyDeleteලොකු
අය නැති
වලක් සොයන
තැන
අර ගන
බණක් දෙසන
වචන ටිකයි ..රුප ගොඩයි ..හරිම හැඩයි.
ReplyDeleteමම හරිම කැමතියි අඩු වචන ගානකින් වැඩි දෙයක් කියවෙන නිර්මාණ වලට . හයිකු කවි වලත් තියෙන්නේ ඒ ගතිය නේද . මගේ ප්‍රියතම කවි වර්ගයක් හයිකු. අරියවංශ රණවීර පරිවර්තනය කල හයිකු කවි පොතක් මන් ළඟ තිබුන . විවිධා ආකාරයෙන් මේ වගේ නිර්මාණ කරන එක කවි මුතුවල ගුණය ඉහල නංවනවා . ස්තුතියි සුජීව .
@ඔක්කොමලා;
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරෙට. ඔව් මාත් ආසයි කොට කවි වලට.
@චාන්දී;
මෙන්න චිරන්තගේ හරබර කවිය [ඇත්තෙන්ම ඔහු ඉතාම හොඳ කවියෙක්]
----------------------
මඩ කනයා
දියවෙලා ගිය ගවර හිස් මත
දිලිසෙනා වියැලුන ඕජස්ය
පැළුණ හදවත හිරුට පෙන්වා
පරවෙලා වැළපේ වෑපිටිය
පාළු මූසල සොහොන් පිටියක
සැලෙන සුදුකොඩි ලෙසින් නැළවෙන
සාද ලොල් කන කොක් රෑන
තලු මරයි අවසන් මත්ස්‍ය සම්පත
වියැලිලා ගිය නෙළුම් අලයක
මුල් පරඬලා අතර සැඟවුන
කලල් යට ලා තෙතෙහි දියවුණ
අවසාන පණ නලෙන් සැනසෙන
පීඩිතම ජීවියා සොයනුව
ඉඩෝරය බොල් සුළං විසුරයි
ඊසාන පවනැලක සිහිලස
දුර තියා දැන හැඳින නුවණින
වියරු ගිනියම් කූටකේ දුක
නිසි උපා ලා මඟ හරින නුඹ
දිනක ඉතිරෙන වැව් තලාවේ
නැවුම් මානෙල් ඕලු යායක
මුල්ම අංකුර පුබුදුවාලන
නෑඹුල්ම ජීවී ස්පර්ශයෙන්
මවනු නිසැකය නැවුම් ලෝකය..
චිරන්ත ජයසේන
කනයා දිය වියලුනු මඩෙහි ගුලි ගැසී හයිබනේට් [මේ ශිෂිරකාරක නින්ද කියන වචනේ අවුල්] වී මාස ගණනක් ඉන්න බව ඔබ දන්නවා ඇති යයි සිතමි.
ReplyDeleteචන්දි සමඟ මම 200%ක් එකඟයි...සුජීගේ කවියේ අන්තර්ගතයෙන් සහ රිද්මයෙන් මුල් කවියට සපයන පිලිතුර ඔලුවට වදින්නේ කන හරහා...)
ReplyDeleteඅපූරුයි සුජී..
@චිරන්ත;
ReplyDeleteස්තුතියි මෙහි ආවාට. කවි ලියන කට්ටියට වේදිකාවක් හදන්න අසංක කැපවීමෙන් පවත්වා ගෙන යන අඩවියක් මේක. ඔබේ භේරුන්ඩ අඩවිය කරන්නේ නැතිනම්, මේ කට්ටියට එකතු වෙන්න චිරන්ත.
කවි ලියන්න මෙන්ම කවි ලියන අයට උපදෙස් දෙන්නත් හොඳ කවියන් අපට අවශ්‍යයි.
මම කියන්න
ReplyDeleteහිතන් උන්න
හොද ඔවදන
කියල ඔන්න
කිව යුතු සියල්ල අනෙක් අය කියා අවසන්.ඇත්තෙන්ම ලස්සනයි..මේ කවි පද කියවපු සැනින් මතකෙට ආවා තවත් කවි පද 2ක්.නමුත් ඒක මොන කවියේ කොටසක්ද කියල මතකෙට එන්නෙ නෑ.
තනියම කන - කාලා නිදන
මට මතක විදියට කාටූන් එකක තේමා ගීතයක්ද කොහෙද..
චිරන්ත සොයුරා ලීයු කවිය නම් මරු.ඔබ වැනි අය කවිමුතුමල් සදහා අත්‍යවශ්‍යයි.email ලිපිනය පබා දිය හැකි නම් මැනවි.
chirantha@classiclk.com
ReplyDeletechiranthajayasena@gmail.com
කවි දෙකම ලස්සනයි. හොදට රස වින්දා. සුජීව මල්ලී බොහොම ස්තූතියි. චිරන්ත මල්ලිත් ආදරෙන් පිලිගන්නවා මේ අඩවියට.
ReplyDeleteඅසංක චිරන්ත ව එකතු කරන්න පුළුවන් වුනාද?
ReplyDelete