1.නුගේගොඩට දුර නැත
එය ඔබ අත ලඟ ඇත මිනිසුන් නිතරම ගැවසේ
ජනගහනය එහි ඇත
2.එකමත් එක මිනිසෙකි
හැට පැන්නා පමණකි
දවසක්දා නුගේගොඩට
ඔහු යන්නේ බසයෙනි
3.බැලු හැමතැනකම කඩ
පුරවා ගැනුමට බඩ
ගොඩවූවා හෝටලයට
එහි ඇත්තේ ලොකු කුඩ
4.කුඩ කන්නට පුළුවන
එහෙත් ඒවා නොදිරන
මෙන්න මෙහෙම කෑමත් ඇත
කට දිව රස පිනවන
5.එම කඩයෙන් එළියට
බැසගෙන ඔහු ආ විට
නෝනෙක් ඔහු හට බැන්නා
උස්සාගෙන රෙදි පට
6. හේතුව හැප්පීමද ?
නැතිනම් වෙන කුමක්ද ?
" නාකි විසේ ගෙටත් උසේ "
කියා ගියා එම ලඳ
සරමක් ගන්නට කියා
කොටු කොටු සරමක් ගත්තා
දුන්නා බිල්පත ලියා
8.ඔහු හොඳටම බිය වුණා
දවල් තරුත් විසි වුණා
නැවතත් එය දී කඩයට
ඔහු යන්නට සැරසුණා
9.ඔහු යනහැම තැනකම
වෙනවා ගෝරි නිතරම
ඔහු කිව්වා මෙන්න මෙහෙම
" නඟරේ වගේ නෑ ගම " 10. ඔහුව අතරමං වුණා
හැම තැනකම කැරකුණා
ඔළුව හැරුණු අතකට දැන්
ඔහු යන්නට සැරසුණා 11.ටයි දාගත් මහතෙකි
දිග කලිසම් ඇන්දෙකි
"මහත්මයා මේ කොහේද ?"
ඔහු ඇසුවේ පැනයකි
12.ආඩම්බරයක් නැති
නිහතමානී ගති ඇති
" නුගේගොඩයි මේ නඟරය " 13.ගෙදර යන්න සැරසිණි
පැවසුවේ දමමින් හති හාමිනේ ගැන සිහිවිණි
මොනවද ඔහු ගන්නෙ ඇයට
රෙදි කඩයට ගොඩ වුණි
14.ගියා සාරි තිබෙන තැනට
සාරි තිබේ පාට පාට
එතැන ඉන්න ගෑනු ළමයා
මෙන්න මෙහෙම කියනවා මට
15.පිරිමි අඳින සාරි නෑ
අපි ලඟ බොරු චාටු නෑ
ඇත්ත තමයි මේ කියන්නේ
පිරිමි අඳින සාරි නෑ.... 16.නැතුවට වෙන කාරිය
මට ඉන්නවා බාරිය
දැන්වත් දෙන්නකො මා හට
ඔය ලස්සන සාරිය
17.කවුන්ටරය වෙත ගියා
මිල මුදළුත් එහි තියා
එහා පැත්ත හැරුණේ ඔහු
ගෙදර යන්න යමි කියා
18.බස් නැවතුම් පොළ වෙත
යන්නට නම් දුර නැත
ඉක්මණින්ම යා යුතු වේ
ඔහු මෙතැනින් වෙයි චුත
19.මිනිසුන් හැම තැනකම
ගැට කැපීම නිතරම
ඔබ රැකීම කළ යුතු වේ
මුදල් පසුම්බිය තම
20.මහ සෙනඟක් අරගෙන
නුගේගොඩට පැමිණෙන
මෙය ලංගම බස් රථයකි
රෝද හතර කැරකෙන
බස් රථයේ හැම තැන
ඇඟිලි ගසන්නට ඉඩ නැත
කර මත ඇත හැම දෙන
22.හැම තැනකම බර බර
එහි ඇත යුද්ධය මර
ටිකට් ගන්න ටිකට් ගන්න
කියනවා කොන්දොස්තොර
23.ඉදිරියටම ඇදෙනවා
එක එක අය බහිනවා
ඒත් ඉතිං සමහර අය 24.ජුබිලිකණුව පසු වුණා
එක එක තැන නිදනවා මිරිහානෙට ලං වුණා
ඇඹුල්දෙණිය ලඟ ලඟ එයි
සීට් එකක් හමු වුණා
25.පොඩ්ඩක් ඇල වී ඔහු
බහින තැනත් වී පහු
මහත්මයා බහිනවාද ?
එවිටයි පිබිදුනෙ මොහු
26.තලපත්පිටියෙන් බැස
ඔහු තම හිස කස කස
හාමිනෙ දැන් නිදිද දන්නැ
හොඳ බත් හැලියක් පිස
27.නෝනෙකි වේගෙන් යන
ලොකු මළු අත හැම තැන
ඔහු දැක්කේ නැත මේ ලඳ
එක් විටදිම හැප්පුන
28.දෙනවද මට සමාව 29.මළු සීකඩ විසිරිලා
වුණේය පොඩි පමාව තම මල්ලත් අහුලලා
"මේ මිනිහා බීලා වගෙයි" නිවස බලා දිව්වෙ ඔහු
ගියාය ඇය රවාම දැන් හොඳටම රෑ වෙලා
30.දොරකඩ ඇත බාරිය 31.සද්ද නොකර ඇතුළට
ඔහු ලඟ ඇත චාරය ගියාය හාමිනෙ ගෙට
හාමිනෙ දැන් බනින්ට පෙර "මොනාද මේ ගෙනත් ඇත්තෙ"
ඔහු දුන්නා සාරිය සරමකි පෙන්නුවෙ මට
32. දැන් මා හට තේරුණි
බඩු මළු ඇත මාරු වී
"ඒත් හැබැයි නරකක් නෑ
මට ඇත හොඳ වාසි වී "
අසංක ආසිරි
2008.04.20
සරම ලැබුන එක හැබැයි
ReplyDeleteඔහු පැරදි නැති හැඩයි
මට මොකවත් නැහැයි කියා
බාරිය නහයෙන් අඬයි
සාරිය නැතුව සරමක් අද ගෙනාවට
ReplyDeleteපදයක් බැඳන් නව තාලෙට කලාවට
සොම්නස සතුට උතුරා දස අතින් කට
රහසක් හෙම නොකීවද කොඳුරා කනට
ඉස්සර කාලෙ ගැමි කවියන් අත රැඳුණු
ReplyDeleteබස්වල වික්ක කවි කොළ මට සිහි ගැනුණු
විස්තර කතා රස නොමරා පෙළ ගැසුණු
ලස්සන කවි පෙළකි නිසඟ ව පද බැඳුණු
@ බින්දි
ReplyDeleteඒ කතාව හරි තමයි
බාරිය නහයෙන් අඬයි
එනමුත් හැප්පුන නෝනට
ලැබුණේ හොද සාරියයි
මම දැක්කා බින්දි ගොඩක් තැන්වල මේ බ්ලොග් එක ගැන කියලා තියෙනවා ස්තූතියි බින්දි........
@ නෙතුපිය
සාරිය නැතුව සරමකි ඔහු ගෙනාවේ
සරමක් වුවද වටිනවා මේ කලාවේ
රහසක් නොවේ කවි ගොතලා මා කීවේ
මෙය මට නොවේ වෙන කාටද වුණාවේ
@ සුජීව
තුති පුද කරමි මේ අදහස් දුන්නාට
ඔබේ සිතේ ගැමිකම සිහි කරවන්ට
හැකිවේනම් මා ලියු මේ කවි පෙළට
එයයි මෙයින් මා හට ලැබෙනා සතුට
ආවෙමි බලන්නට සුවඳයි මේ පැත්ත
ReplyDeleteඇරඹුම හොඳයි ආසිරි මේ අර ගත්ත
කියනෙමි ඔබට මම මේ සහතික ඇත්ත
යනු ඇත ඉහලටම කවි මුතු මල් ඉත්ත
@ලකී
ReplyDeleteසුවඳින් සුවඳ උතුම්ම සුවඳකි මේක
හටගත්තොතින් කවියක් හෙම යම් සිතක
ඉක්මණ් කර ලියා මෙහි දමනා විටෙක
මේ බ්ලොග් ඉත්ත ඉදිරියටම යනු නිසැක
ඉස්සර කාලෙ ගැමි කවියන් අත රැඳුණු
ReplyDeleteබස්වල වික්ක කවි කොල මට සිහි ගැනුණු
විස්තර කතා රස නොමරා පෙළ ගැසුණු
ලස්සන කවි පෙළකි නිසඟ ව පද බැඳුණු
පෙර සිට පැවත එන
කවි කොලය සිහි කර ගෙන
නොස්ටල්ජික් පරණ
කතන්දර බ්ලොග් කරනු සිත් වින
මතක මිහිර
දෙමි කවිකර
මා එක්කර
ගන්න මිතුර
@සූජීව
ReplyDeleteනිතැතින් සබද මා ඔබ එක්කර ගනිමි
කලිනුත් ලියන්නන් හට මා ඉඩ දුනිමි
බ්ලොග් අවකාශේ කවි පලසක් දිග හරිමි
ඒ පාවඩ මතින් එනු මැන කවි ගොතමින්