Tuesday, October 16, 2012

හිමිවිය සම්මානේ අයගම මෙනෙවියට......


මේ බව කියන්නේ සන්තෝසෙකින්          මම
ඔබ හට නැඟෙනු ඇත පැනයක් කරුණු     කිම

කලකට කලින් රජයෙන් දුන්              සම්මාන
කවුරුත් කියන්නේ රාජ්‍ය                   සම්මාන

අකුරුද ඇමිණුවා අප බ්ලොගයෙහිම           සිට
හිමිවිය සම්මානේ අයගම              මෙනෙවියට

කතා ගොඩක් ලීවා ඈ                        ළමයින්ට
වැඩිහිටි අයට වුව බොහොදේ ඇත           ගන්ට

තව තව ලියන්නට සතුටින් පතමු                 අපි
සුවඳ හමනු ඇත තව තව කැකුළු                  පිපී


            ඇය නමින් තනුජා එන් අයගමයි. මෙය විශේෂයෙන්ම කිව යුත්තේ ඇය කවිමුතුමල්වලද කවි පද ගොතන ලේඛිකාවක් වන නිසාවෙනි. 2011 වසරේ රාජ්‍ය සම්මාන දිනූ කෘති අතරට ඇයගේ කෘතියක්ද එක් වීම කවිමුතුමල්වල අපට ගෞරවයක් මෙන්ම සතුටක්ද ගෙනදෙන්නක් බව කිව යුතුයි. හොඳම ළමා සාහිත්‍ය කෘතියට හිමි සම්මානය දිනා ගැනීමේ වරම් ඇය විසින් රචිත අහස්ගමට ගිය පුංචි සිත්තරා කෘතියට හිමි වීම මහත් භාග්‍යයක් ලෙස සිතේ. ඉදිරියටත් මෙවැනිම වටිනා කෘති නිර්මාණකරණය කිරීමේ හැකියාව වැඩිදියුණු වේවා යැයි කවිමුතුමල් වල අපි ඉතසිතින් ප‍්‍රාර්ථනා කරන්නෙමු.

7 comments:

  1. ලැබෙන්න තියෙන දේ මොන බාධක ආවත් ලැබෙනවා. ඒක ආයිත් කාටවත් වළක්වන්න බෑ.
    මේ සම්මානයත් මම දකින්නේ අන්න එහෙම දෙයක් විදියට.
    ජීවිතය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්.
    වෙලාවකට සතුටක් !
    තවත් වෙලාවකට දුකක් !
    තනුජා නම් කිවිඳියද බාධක දුක් කම්කටොලු මැදින් ගත කල දිවියේ එක් පියවරක් ඉදිරියට තැබීමක් තමයි මේ.
    ඉදිරියටත් මෙවන් වූ අව්‍යාජ, සංවේදී, හදවතට දැනෙන සිතිවිලි ඔස්සේ අප රසවත් කිරීමට ඔබට හැකි වේවායි මම ඇයට හදපිරි සුභාශිංසන පතමි...

    ReplyDelete
  2. උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
  3. ෂඃ! නියමයි! ජයම වේවා!

    ReplyDelete
  4. සියලු දෙනාටම බොහොම ස්තූතියි

    ReplyDelete
  5. සියලු දෙනාටම බොහොම ස්තූතියි

    ReplyDelete
  6. සතුටුයි...ඇයට සුභ පතමි.

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................