අරන් යමු අපි
සඟවා රන් පැසක
හදවතේ ගැඹුරුම තැනක
කොයිතරම් බර වුනත්
හදවතට ....
විසිකරනු බැරි මතක
කොයිතරම් සිරවී ඇත්ද
සිනාවෙන හඬන
ලස්සන මුහුණු යට
.....පසු සටහන
වෙන බ්ලොග් එකක කමෙන්ටුවක් විදිහට ලියවුන වචන ටිකක් . කවිමුතු පාළු වෙලා ගිහින් නිසා නිකමට ඔහේ ලියා දැම්ම .
නිකමට ලියල දැම්ම කිවුවාට මේ තියෙන්න ලස්සන වචන ටිකක්. ලස්සනයි..
ReplyDeleteමේ දිනවල තිබෙන කාර්ය බහුලත්වය නිසාවෙන්ම කවිමුතුමල් පැත්‍තේ එන එක ටිකක් උගහට වුණත් තවමත් හිතේ තියෙන ලොකුම අදහසක් තමා කවිමුතුමල්....
ReplyDeleteමේ කවිය පිළීබද මෙහෙම විචාරයක් දීම සුදුසුයි කියලා හිතෙනවා..
පාළුවට ගිය වෙල් යායම මලානික දුඹුරැ පැහැයක්
වක්කඩේ හකුරක් වුණත් දියවෙන්න වතුර බිදකුදු නැති
අන්තිම දණ්ඩියත් නිවන් දැක දැන්..
ඉරිතලා ගිය මඩ ගොහොරැවේ
තිබුණූ එක තුත්තිරි ගහේ
කහ පාට හැර කොළ පාට නැති..
කාලය අවසන මේඝ නද පරදවන කිචි බිචිය සමගම
වතුසුදු මලක් වැටුණී පොළොවට
වහින්නට පෙර..
ලස්සනයි ස්තූතියි
ර්ණා , අසරණයා ..අසංක බොහොම ස්තුතියි .
ReplyDeleteඅසංක මල්ලි ..
මටත් එලෙසම සිතෙයි ..ඒත් කමක් නැහැ ආයිත් වැහි වැටිලා අලුත් කොළ දළු දමා ලස්සන මල්
ලස්සනයි
ReplyDeleteස්තුතියි සොඳුරු මිනිසා
Deleteනිකමට හදිස්සියේ ලියවෙන කවි තමා ලස්සන
ReplyDeleteහරිම ලස්සන පද පෙලක් අක්කා.. (අක්කා වෙන්න ඕනේ මම හිතන විදියට)
ReplyDeleteස්තුතියි ප්‍රාර්ථනා.. අක්ක වෙන්න ඇති මන් හිතන්නෙත්
Deleteප්‍රාර්ථනා අක්කටත් අක්කා නම මට ඇන්ටි තමයි! හි හි.. නියමයි කවිය! කමෙන්ට් එකක් විදියට යොදපු එකක් වුනාට රසයෙන් අඩුවක් නෑ. ජය!
Deleteපුහ් කවුද මේ පොඩි එකා .ඇන්ටි කියන්න අවසර අවුරුදු 15 ට අඩු අයට විතරයි .D මගේ ලොකු දුට 10 යි ...ස්තුතියි පුතේ ..දුවෙක්ද දන්නේ නැහැ
DeleteCommented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි කවිමුතු පාලුවෙලා නැහැ...
ReplyDeleteඑහෙම හිතන්නවත් එපා
Eda wagema adath asanepen gedara inna dawasak... ohe hisa harunu athe blog loke awidagena yaddi menna bole Bindige Kaviyak...
ReplyDeleteLassanai Bindi.. Aththatama... Nelum wileth kavi mal pubudannako..