Monday, February 27, 2012

මතක රන් පැස

මග දමා යනු බැරි මතක
අරන් යමු අපි
සඟවා රන් පැසක
හදවතේ ගැඹුරුම තැනක

කොයිතරම් බර වුනත්
හදවතට ....
විසිකරනු බැරි මතක
කොයිතරම් සිරවී ඇත්ද
සිනාවෙන හඬන
ලස්සන මුහුණු යට




.....පසු සටහන


වෙන බ්ලොග් එකක කමෙන්ටුවක් විදිහට ලියවුන වචන ටිකක් . කවිමුතු පාළු වෙලා ගිහින් නිසා නිකමට ඔහේ ලියා දැම්ම .

12 comments:

  1. නිකමට ලියල දැම්ම කිවුවාට මේ තියෙන්න ලස්සන වචන ටිකක්. ලස්සනයි..

    ReplyDelete
  2. මේ දිනවල තිබෙන කාර්ය බහුලත්වය නිසාවෙන්ම කවිමුතුමල් පැත්‍‍තේ එන එක ටිකක් උගහට වුණත් තවමත් හිතේ තියෙන ලොකුම අදහසක් තමා කවිමුතුමල්....
    මේ කවිය පිළීබද මෙහෙම විචාරයක් දීම සුදුසුයි කියලා හිතෙනවා..

    පාළුවට ගිය වෙල් යායම මලානික දුඹුරැ පැහැයක්
    වක්කඩේ හකුරක් වුණත් දියවෙන්න වතුර බිදකුදු නැති
    අන්තිම දණ්ඩියත් නිවන් දැක දැන්..
    ඉරිතලා ගිය මඩ ගොහොරැවේ
    තිබුණූ එක තුත්තිරි ගහේ
    කහ පාට හැර කොළ පාට නැති..
    කාලය අවසන මේඝ නද පරදවන කිචි බිචිය සමගම
    වතුසුදු මලක් වැටුණී පොළොවට
    වහින්නට පෙර..
    ලස්සනයි ස්තූතියි

    ReplyDelete
  3. ර්ණා , අසරණයා ..අසංක බොහොම ස්තුතියි .

    අසංක මල්ලි ..

    මටත් එලෙසම සිතෙයි ..ඒත් කමක් නැහැ ආයිත් වැහි වැටිලා අලුත් කොළ දළු දමා ලස්සන මල්

    ReplyDelete
  4. Replies
    1. ස්තුතියි සොඳුරු මිනිසා

      Delete
  5. නිකමට හදිස්සියේ ලියවෙන කවි තමා ලස්සන

    ReplyDelete
  6. හරිම ලස්සන පද පෙලක් අක්කා.. (අක්කා වෙන්න ඕනේ මම හිතන විදියට)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රාර්ථනා.. අක්ක වෙන්න ඇති මන් හිතන්නෙත්

      Delete
    2. ප්‍රාර්ථනා අක්කටත් අක්කා නම මට ඇන්ටි තමයි! හි හි.. නියමයි කවිය! කමෙන්ට් එකක් විදියට යොදපු එකක් වුනාට රසයෙන් අඩුවක් නෑ. ජය!

      Delete
    3. පුහ් කවුද මේ පොඩි එකා .ඇන්ටි කියන්න අවසර අවුරුදු 15 ට අඩු අයට විතරයි .D මගේ ලොකු දුට 10 යි ...ස්තුතියි පුතේ ..දුවෙක්ද දන්නේ නැහැ

      Delete
  7. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි කවිමුතු පාලුවෙලා නැහැ...
    එහෙම හිතන්නවත් එපා

    ReplyDelete
  8. Eda wagema adath asanepen gedara inna dawasak... ohe hisa harunu athe blog loke awidagena yaddi menna bole Bindige Kaviyak...

    Lassanai Bindi.. Aththatama... Nelum wileth kavi mal pubudannako..

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................