Tuesday, January 17, 2012

මිය ගිය සෙනෙහස!



මගේ නෙතු පිය අතර කිමිදී

සොයයි ඔහු ආදරය

වසර ගණනනකට පෙරදී

අහිමි වූ ඒ ආදරය

යලිත් සිත් මල පුබුදු වා ලූ



සිත දෙතැනක නැවතී

ඔහු හා ඔබ අතර වෙලී

හඳුනා ගත නොහැකිව

දෙගිඩියාවෙන් පෙළයි

මා සිත උමතුව මත්වී



දියණිය මාගේ සිහිවී

කඳුළු අතර සිත හිරවී

මිදෙන්නට බල කරාවී

යළිත් එමි සිහියට පියවී

ඔහු සුරතින් මිදී

ආවෙමි හදකට වේදනා දී

13 comments:

  1. ම්...පපුවට නොව බුද්ධියට ඉඩ නැද්ද..."ණයට දිමේන් මුදලත් මිතුරාත් දෙකම නැතිවේ...ලු"

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මල්ලි.

      Delete
  2. මේ කවියේ තේරුම මුලින් යාළු වෙලා හිටිය කොල්ලව ආයේ විවාහයෙන් පස්සේ හමුවීමක්ද

    ReplyDelete
  3. පරණ සිතුවිලි වලට හදෙ ඉඩ වෙන් නොකර
    අළුත් ලොව දෙස බලමු නෙතු පියන් විවර කර
    එවිට මල් දළු නැගේ හද රුකේ අතු පතර
    එකින් එක නෙලා ගමු නිතර කරදර නොකර

    Chandi අක්කේ බොහොමත්ම ලස්සන අදහසක්.... ඒ වගේම විශේෂ ස්තුතියක්...කවි මුතුමල් එළිය කරන්න උදව් කරාට..
    බින්දි අක්කගේ,අනිත් චාන්දි අක්කගේ,සුජීව අයියගේ කවියක් දැකපු කාලයක් මතක නෑ(ඔයාලගේ කවි වල ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා)විශේෂ ඉල්ලීමක් ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසන්ක මල්ලි. අනෙක් අය ඉල්ලීම ලඟදීම සලකලා බලාවි කියල හිතනවා.

      Delete
  4. ලස්සන අදහසක් . අපොයි ඔව් ...ඔය හිමි වුනේ නැති හන්දයි අගේ . පරණ තුවාල පාර ගන්නේ මොකටද .


    අසංක ...හරිම විවේකය අඩුයි මල්ලි . ගමන් බිමන් වගේම නොයෙකුත් වැඩ යෙදුනා . මාර්තු වලින් පස්සේ පොඩි විවේකයක් ලැබෙයි

    ReplyDelete
    Replies
    1. මරු උත්තරේ දීල තියෙන්නෙ. ඒකට මාත් එකඟයි.

      Delete
  5. සංවේදී කවියක්..

    ReplyDelete
  6. ස්තූතියි ආවට අසරණයා සහෝ.

    ReplyDelete
  7. හ්ම්ම් ලස්සනයි

    ReplyDelete
  8. ස්තූතියි වර්ණා.

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................