රිදෙනව දැන්නම් - හොඳටම මගෙ හිත
සෙල්ලමකට නුඹ
ගත්තද මගෙ හිත
නැත්තම් නුඹ දැන්
වයසද හොඳටම,,
ගන්නට බැරිනම්
නිවැරදි එල්ලය
කුඹුරක් කොටපන්
දුනු හී විසිකර,,
එල්ලය වැරදී
නුඹ එවු හී සර
ඇනිලා මගෙ හද
කඩතොළු වී ඇත,,
වරදන වරදන
හැම පාරම නුඹ
ගලවල හී සර
එක දෙක හෙමිහිට,,
"රිදෙනව දැන්නම්
හොඳටම මගෙ හිත"
නිතරම දකින දේ වෙනස් විදියකට දැකපු ලස්සන පද පෙලක්.
ReplyDeleteඇඟට නොදැනි ඉලක්කයටම එල්ල කරන හී පාරක්...
ලස්සනයි.
හපොයි... හුඟ දොහකින් මේ අහ ගාටන්න බැරි වුනා නොවැ. අසංග සහෝ මේක සම්පූර්ණයෙන්ම කණපිට හරෝලනේ... අඳුන ගන්නත් බැරි වුනා... නියමයි ආ... සන්තෝසේ බැරුවා... ජයවේවා !!!
ReplyDeleteෂාහ් මාරු කවියක් නේ. ලස්සනයි අංජලී දිගටම ලියන්න. සුබ පැතුම්!
ReplyDeleteමමත් ආසයි..වදිනව නම්...හී සර..ඔය වාගෙ..මගෙ..හදෙහිත්..ආසයි..බලන්න..එහි..රග...දැනිලම නැතුව..ඔය වේදනාව..මට...
ReplyDeleteගොඩක් ස්තූතියි හැමෝටම..
ReplyDeleteමගෙ ඉල්ලීම භාර අරගෙන කවිමුතුමල් වලට එකතු වුණූ එක ගැන අක්කට ගොඩක් ස්තූතියි
ReplyDeleteවෙනස්ම විදියේ කවි ලියන අය අතරට අක්කගේ නමත් එක් වීම නම් අරුමැයි.....දිගටම කවි ලියන්න.ලස්සන කවියක් තව ලියන්න තව ලියන්න ....... ජය පතනවා !
ඉලක්කෙ හරි ගොස් වැදිලා ඊ තල
ReplyDeleteඅද මට සිදුවී ඇති වින්නැහි බල
..අපුරුයි කවි පෙළ . ජය
අපූරු කවි පෙළක් නංගියේ, ආදරෙන් පිළිගන්නවා අපේ පියසට. ජයම පතනවා ඉදිරි අනාගතයට.
ReplyDeleteලස්සන අදහසක්. කෙටි වචන පෙලකින් හිතට වදින විදිහට.
ReplyDeleteලොකුම ලොකු කතාවක්.
ෂා තවත් අලුත් කිවිඳියක්.
පටන් ගැන්ම නියමයි. හැම අකුරකින්ම එක සේ රසය ඇති කරන කවි පෙළක්.
අපූරුයි
ReplyDelete