පයින් ගස් අතරින් මුවා වෙන ඇසළ සඳ
අද ඇසළ පෝය බව කියනවා
නේක පාටින් දිලෙන කැමීලියා මල් අතර
මගේ හිත පිච්ච මල් හොයනවා
හිම මිදෙන සීතලත් එක්ක එන සඳ කිරණ
හිතට යස උණුසුමක් ගෙනෙනවා
සඳ එක්ක එකතු වී මටත් නොකියාම ගොස්
මගේ හිත දළදාව වදිනවා
තරු නොමැති අහසේ සඳ ට දැනෙනා තනිය
මටත් දැනෙනවා දැයි සඳ සෙමින් අහනවා
නෑ කියන්නත් බැරිව ඔව් කියන්නත් බැරිව
මගේ හිත ගොලුවෙලා ඉන්නවා
සඳට තනි රකින්නට නැගෙන ඉර බට තරුව
පායාවි ඉක්මනින් මගේ හිත කියනවා
ඈත පෙරදිග අහසෙ ගුරු තරුව නැගෙන තුරු
මගේ හිත තාමත් මග බලා ඉන්නවා
Saturday, July 30, 2011
Thursday, July 28, 2011
මතක කඳුළු
කෙසේ අදහන්නද?
ඔබ නික්ම ගිය බව
මටත් නොකියාම
මගෙන් සමු නොගෙනම
දුරු රටක සිටිනා මා එන්නට පෙරම
ඊයේ පෙරේදත් කථා කර
ඇවිත් යන්නට නොව
ඇවිත් ඉන්නටම එන්නයි කියූ
අම්මා අහිමි වූ අපට අම්මාම වී
ආදරය බෙදා දුන් ඔබට
කෙසේ නම් පතන්නද නිවන් සුව
සිත් කියද්දී අප නැවත හමු විය යුතුම බව
මේ සසර සැරිසරණ තුරු
(නිමිත්ත - මටත් නංගීටත් තමන්ගේ දරුවන්ට වගේ සලකපු, අපේ පවුලේ හිතවතියක් පසුගියදා අප අතරින් වියෝවුනා. එදා හිතට දැනුනු දුක අසරණ කම අදටත් එහෙමම තියනවා. පිටරට පදිංචි වීම වෙනුවෙන් අපි ගෙවන මිල හොඳින්ම දැනුන වෙලාවක් තමා මේ. හිතේ දුකට ලියපු කවියක්. දුක හිතෙන කවියක් ලියුවට සමාවෙන්ඩ)
ඔබ නික්ම ගිය බව
මටත් නොකියාම
මගෙන් සමු නොගෙනම
දුරු රටක සිටිනා මා එන්නට පෙරම
ඊයේ පෙරේදත් කථා කර
ඇවිත් යන්නට නොව
ඇවිත් ඉන්නටම එන්නයි කියූ
අම්මා අහිමි වූ අපට අම්මාම වී
ආදරය බෙදා දුන් ඔබට
කෙසේ නම් පතන්නද නිවන් සුව
සිත් කියද්දී අප නැවත හමු විය යුතුම බව
මේ සසර සැරිසරණ තුරු
(නිමිත්ත - මටත් නංගීටත් තමන්ගේ දරුවන්ට වගේ සලකපු, අපේ පවුලේ හිතවතියක් පසුගියදා අප අතරින් වියෝවුනා. එදා හිතට දැනුනු දුක අසරණ කම අදටත් එහෙමම තියනවා. පිටරට පදිංචි වීම වෙනුවෙන් අපි ගෙවන මිල හොඳින්ම දැනුන වෙලාවක් තමා මේ. හිතේ දුකට ලියපු කවියක්. දුක හිතෙන කවියක් ලියුවට සමාවෙන්ඩ)
Sunday, July 24, 2011
ඉලන්දාරි සමය ගමේ - part 2
මම හා අමර කමලුත් විමලුත් එක්ක
දුක සැප දෙකේදිම අප හා සිටි බොක්ක
හොඳ වැඩ මෙන්ම ඉඳහිට දඟවැඩ එක්ක
අප නම් නොවේ මිතුදම කිසිදා වික්ක
කළු බණ්ඩගේ කඩපිල පසුවන විටදී
ඇති නුග රුකෙහි මුල් බිමටම වාරුව දී
අපටත් වඩා වයසයි මේ ගස ඉපැදී
තවමත් සිටී ගම් වැසියට සෙවණ දිදී
හුණු ගෑ බිත්ති සතු සොල්දර වලව්ව
මල් ගස් තණ පිඩලි අල්ලා කලාව
ගොක්කොළ පැළ නැහැනෙ තවමත් ගැලෙව්ව
මොනවා නමුත් පන්නා ඇත යකාව
ලොකු හාමිනේ ඇත ඉදිරිය බලාගෙන
ආරච්චිල ඇඳි පුටුවේ නිදාගෙන
අප දුටු විගස හෙමිහිට මෙන් ඇඟිලි ඇන
ආරච්චිට නැහැ ගාණක් හිනාවෙන
විමලේ ඉන්නවා දැයි විමසන විටදී
ඉන්නව තමා හිටියට අර ඇදේ බුදි
තවමත් නැතුව ඇතිනේ අනෙ කාලා ඉඳිං
කාලත් බෑ නොකෑවොත් හෙම හිතට මදි
එක කටකට කිරිබත් කැට හතර පහයි
ලුණු මිරිස නම් කෑවට මොක කඳුළු පනියි
අතිරස මුංකැවුම් අළුවා එළම තමයි
වලව් කෑම තවමත් අපේ හිතේ මැවෙයි
පන්සල පැත්තට යන්නට පාරට ඇදුනා
උඩහවෙලේ සිරිසෝමෙගේ කරත්තෙ මැවුනා
ගමේ ඉන්න ලොකු කේලම පොඩි කිරි එතනා
මෙන්න බොලේ අපෙන් අහපි මේ කොහි යන්නා
ඇයව පහුවුණා ඉන්පසු ඇති දොළපාර
දෝතපුරා ගප්පින් ඇල්ලු ජල පහර
දෙපස අරක්ගත් රූස්ස දං පළු වීර
කවදා වතුර නෑ හිඳුනේ එයනම් මාර
කිරි රස තිබෙන වී කරලක් කඩාගෙන
වක්කඩ නියර පසු කරමින් දුවන් යන
දුවන් යන්නේ නිකමට නොව කරුණු දැන
එල්ලුනොතින් ලේ බොයි අප නම් නොදැන
බලාපොරොත්තු වන්න...........
ඉලන්දාරි සමය ගමේ - part 3
දුක සැප දෙකේදිම අප හා සිටි බොක්ක
හොඳ වැඩ මෙන්ම ඉඳහිට දඟවැඩ එක්ක
අප නම් නොවේ මිතුදම කිසිදා වික්ක
කළු බණ්ඩගේ කඩපිල පසුවන විටදී
ඇති නුග රුකෙහි මුල් බිමටම වාරුව දී
අපටත් වඩා වයසයි මේ ගස ඉපැදී
තවමත් සිටී ගම් වැසියට සෙවණ දිදී
හුණු ගෑ බිත්ති සතු සොල්දර වලව්ව
මල් ගස් තණ පිඩලි අල්ලා කලාව
ගොක්කොළ පැළ නැහැනෙ තවමත් ගැලෙව්ව
මොනවා නමුත් පන්නා ඇත යකාව
ලොකු හාමිනේ ඇත ඉදිරිය බලාගෙන
ආරච්චිල ඇඳි පුටුවේ නිදාගෙන
අප දුටු විගස හෙමිහිට මෙන් ඇඟිලි ඇන
ආරච්චිට නැහැ ගාණක් හිනාවෙන
විමලේ ඉන්නවා දැයි විමසන විටදී
ඉන්නව තමා හිටියට අර ඇදේ බුදි
තවමත් නැතුව ඇතිනේ අනෙ කාලා ඉඳිං
කාලත් බෑ නොකෑවොත් හෙම හිතට මදි
එක කටකට කිරිබත් කැට හතර පහයි
ලුණු මිරිස නම් කෑවට මොක කඳුළු පනියි
අතිරස මුංකැවුම් අළුවා එළම තමයි
වලව් කෑම තවමත් අපේ හිතේ මැවෙයි
පන්සල පැත්තට යන්නට පාරට ඇදුනා
උඩහවෙලේ සිරිසෝමෙගේ කරත්තෙ මැවුනා
ගමේ ඉන්න ලොකු කේලම පොඩි කිරි එතනා
මෙන්න බොලේ අපෙන් අහපි මේ කොහි යන්නා
ඇයව පහුවුණා ඉන්පසු ඇති දොළපාර
දෝතපුරා ගප්පින් ඇල්ලු ජල පහර
දෙපස අරක්ගත් රූස්ස දං පළු වීර
කවදා වතුර නෑ හිඳුනේ එයනම් මාර
කිරි රස තිබෙන වී කරලක් කඩාගෙන
වක්කඩ නියර පසු කරමින් දුවන් යන
දුවන් යන්නේ නිකමට නොව කරුණු දැන
එල්ලුනොතින් ලේ බොයි අප නම් නොදැන
බලාපොරොත්තු වන්න...........
ඉලන්දාරි සමය ගමේ - part 3
Friday, July 22, 2011
පක්ෂි භාෂාව - ආනන්ද රාජකරුණා
මට අළුතින් පොඩි වැඩක් පටන් ගන්න අදහසක් ආවා.ඒ කියන්නේ මේ බ්ලොග් එකේ දාන්නේ අපි ලියපු කවි විතරයිනේ.අපි පරණ අයගේ කවිත් නම් එක්කම (ඕනේනම් තව පොඩි විස්තරයකුත් එක්ක නම් වඩා හොදයි )මේකේ දානවා.එකෙන් ගොඩක් කට්ටියට කියවන්න ලැබෙනවා වගේම දන්නැති දේවල් දැනගන්න ලැබෙනවා විතරක් නෙවේ කවි රීතී වගේ දේවල් වුණත් දැනගන්න ලැබෙනවා.ඒත් එක්කම කවි ලියන උනන්දුවත් වැඩි වෙයි කියලා හිතෙනවා.අනික internet එකේ හින්දා ගොඩක් කල් ආරක්ෂා වෙලා තියෙයි. පොත්පත් වගේ නෙමෙයිනේ.එතකොට අනාගතේ කවියට ආදරේ කරන අයට හරි බ්ලොග් ලියන අයට හරි ඒවා සෑහෙන වටියි කියල හිතන්න පුළුවන්.
ඒ වගේම තව දෙයක් තමයි අපි post , comment වගේ දේවල් දානකොට පැරණි කවියෙකුගේ කවක් අවශ්‍ය වුණ ගමන් කෙළින්ම මෙතන link එක දාලා වැඩේ පහසුවෙන් කරගත හැකි වීම.මෙය සියල්ලටම පොදුයි. එනිසා ඔබ සියල්ලටම කවි දැමිමේ හැකියාව තියෙනවා. (කවියාගේ නම සදහන් කිරීම විශේෂයි). පටන් ගැන්ම තකා ආනන්ද රාජකරුණා කවියාගේ "පක්ෂි භාෂාව" යොදාගතිමි.
හදිස්සියක් වූ විට එක්තරා හඬක්
නඟා සියල්ලන් එක රැස් කරත් තෙපි
නයින් පොළොංගුන් දැක අන්තරාවකැය්
දැනුම් දෙතී අන් හඬකින් අපූරුවය්
ගසක් වැලක් හෝ ගොමුවක් කරා ගොසින්
බොහෝ දෙනා මල් පැණි බී උදම් බැවින්
අතුත් ඉතිත්හී රදමින් යමින් එමින්
ගයත් එකා වන් තුටු ගී අපුරුවය්
කුසුම් වනේ රුක් මුදුනේ ගුවන් ගැබේ
වහල් පළේ හෝ පොළොවේ කැදැල්ලෙහිත්
එකින් එකාගේ අනුරාග ගායනා
කුලේ සියල්ලෝ හදුනත් අපූරුවය්
වියෝගයක් වූ විට සිත් තැවුල් බැවින්
අමීරි වූ සෝක හඬක් නඟත් තෙපී
බයක් සැකක් නම් එය දන්වමින් අනෙක්
හඬක් නඟන්නාහු මෙයත් අපූරුවය්
කිසිත් හඬක් දැන් අරුණෝදයක් කියය්
අනෙක් හඬක් දැන් ඉරිමා උදෙය් කියය්
තවත් හඬක් දැන් එළි වී තිබෙය් කියය්
සියල්ලෝ මත් මේ හඬවල් හොදින් දනිත්
කිසිත් හඬක් වැස්සට කල් වනැය් කියය්
තවත් හඬක් ගිම් කල ළං බවක් කියය්
ආනන්ද රාජකරුණා (1885 - 1957)
( ළදරු කව් මී,හතර වන ප්‍රමාණය )
Wednesday, July 20, 2011
කටුරොද ගම තවම ඒ වගෙ ලස්සනද - බින්දියට දුන් පිළිතුරක්
ටික දිනකට කලින් බින්දිය දියට හළ
කවි වියමනක් රැළි නැගුවා නෙලුම් විල
ඇය හට මා දුන්න කවි ප්‍රතිචාර පෙළ
පල කරනට සිතුනි මේ කවි පිටිය තුල
"කටුරොද ගම තවම ඒ වගෙ ලස්සනද?"
කියලා පටන් ගත් ඇගෙ කවි සංවාද
පැටලී වාදයට සඳැස ද නිසදැස ද
කීයක් තුවාළ ව රෝහල් ගත වී ද?
වල්පල් ලියූවට බින්දිගෙ නෙලුම් විලේ
ප්‍රශ්නය කිසි කෙනෙක් නැහැ අහවරක් කලේ
කටුරොද තවම පෙර මෙන් සුන්දර ද බොලේ
දන්නා කෙනෙක් ඇති දෝ මේ වියත් කුලේ
කටුරොද කොහේ තියෙනා ගම් පොජ්ජක් ද?
පලබර ගමට තවමත් හිරු පායත් ද?
නැතහොත් මේ රටේ ඇවිලුණු ගිනි යුද්ධ
අන් හැම තැන මෙන් ම එගමත් වනසත් ද?
ගිම්හානිය කියා ඇති දුක්බර ඇත්ත
ඩෝසර් කර දමා ඒ පල බර වත්ත
බොරු තණකොළ වවා වට කොට හැම පැත්ත
"සංවර්ධනය කර" බෙදල ද මේ හැත්ත
ගොඩ මඩ දෙකම අඩු ගානට මිලට ගෙන
මඩ ගොඩ කර දමා සාරය උරා ගෙන
කණු හිටවලා කොඩි බැනරුත් දමා ගෙන
නමකුත් "තෝනි බුෂ්" වාගේ දමා ගෙන
ඒ ගම මැදින් ගලනා මනහර නදිය
කුණු පුරවලා ලඟටත් යන්නට බැරිය
කඩ මණ්ඩියේ සද්දෙට මුළු ගම යටය
නගරය අසල නම් වනු ඇත මේ හදිය
පිහිටුම අනුව ඉරණම කියුමට හැකියෙන්
කොහි වෙ ද මෙගම හෙළි කර ගන්නා අටියෙන්
වෙන කිසි මගක් කටුරොද සොයනට නොවුයෙන්
තකහනියක් ම වැන්දෙමි ගූගල් දෙවියන්
දෙවියන් වුවද නැහැ මේ ගම දෙසට හැරී
මුල් පිටුවෙහි නොවුනි කිසි සඳහනක් කෙරී
කවි ගී කතා අතරේ යට ගිහින් පෙරී
දුටු සටහනක් උපුටා නොදමන්න බැරී
"However Samanera Velivita Sri Saranankara born in 1698 in Velivita village in Galagedera entered the order at the age of 16 as a pupil of Ven. Suriyagoda Rajasundera, who had received upasampada ordination from Arkanese monks in 1697 at Suriyagoda (Kadaroddawa) Vihara at Pujapitiya. This village has been immortalized by poet Sagara Palansuriya (Keyas) in 'Sudo Sudu', the opening verse of which gives it as 'Katuroda'."
රුවන් පුරේ හිමි අනඳය සාගරය
කේයස් නමින් පළකළ කවි ආකරය
නුවරට නුදුරු මේ ගම පූජා පිටිය
කටුරොද නමින් බොරු නමකින් ලියු හැටිය
කටුරොද යන්න ඔහුගේ කවි සිතට එන
කල්පිත ගමක් බව මෙතනත් ඇත හැඳින
ඇතැමුන් කියන සුද්දගෙ මුල් පොතේ එන
කටුරොද වැනි ගමේ නමවත් කියනු මැන
පූජා පිටිය කටුරොද බව ඇත්තක් ද?
සිවුරෙහි උන්නු කේයස් එහි උන්නෙක් ද?
නැතිනම් ඔහුගෙ මරණින් පසු කටුරොද්ද
කේයස් කියන සිතුවිල්ලක සැතපෙත් ද?
කවි වියමනක් රැළි නැගුවා නෙලුම් විල
ඇය හට මා දුන්න කවි ප්‍රතිචාර පෙළ
පල කරනට සිතුනි මේ කවි පිටිය තුල
"කටුරොද ගම තවම ඒ වගෙ ලස්සනද?"
කියලා පටන් ගත් ඇගෙ කවි සංවාද
පැටලී වාදයට සඳැස ද නිසදැස ද
කීයක් තුවාළ ව රෝහල් ගත වී ද?
වල්පල් ලියූවට බින්දිගෙ නෙලුම් විලේ
ප්‍රශ්නය කිසි කෙනෙක් නැහැ අහවරක් කලේ
කටුරොද තවම පෙර මෙන් සුන්දර ද බොලේ
දන්නා කෙනෙක් ඇති දෝ මේ වියත් කුලේ
කටුරොද කොහේ තියෙනා ගම් පොජ්ජක් ද?
පලබර ගමට තවමත් හිරු පායත් ද?
නැතහොත් මේ රටේ ඇවිලුණු ගිනි යුද්ධ
අන් හැම තැන මෙන් ම එගමත් වනසත් ද?
ගිම්හානිය කියා ඇති දුක්බර ඇත්ත
ඩෝසර් කර දමා ඒ පල බර වත්ත
බොරු තණකොළ වවා වට කොට හැම පැත්ත
"සංවර්ධනය කර" බෙදල ද මේ හැත්ත
ගොඩ මඩ දෙකම අඩු ගානට මිලට ගෙන
මඩ ගොඩ කර දමා සාරය උරා ගෙන
කණු හිටවලා කොඩි බැනරුත් දමා ගෙන
නමකුත් "තෝනි බුෂ්" වාගේ දමා ගෙන
ඒ ගම මැදින් ගලනා මනහර නදිය
කුණු පුරවලා ලඟටත් යන්නට බැරිය
කඩ මණ්ඩියේ සද්දෙට මුළු ගම යටය
නගරය අසල නම් වනු ඇත මේ හදිය
පිහිටුම අනුව ඉරණම කියුමට හැකියෙන්
කොහි වෙ ද මෙගම හෙළි කර ගන්නා අටියෙන්
වෙන කිසි මගක් කටුරොද සොයනට නොවුයෙන්
තකහනියක් ම වැන්දෙමි ගූගල් දෙවියන්
දෙවියන් වුවද නැහැ මේ ගම දෙසට හැරී
මුල් පිටුවෙහි නොවුනි කිසි සඳහනක් කෙරී
කවි ගී කතා අතරේ යට ගිහින් පෙරී
දුටු සටහනක් උපුටා නොදමන්න බැරී
"However Samanera Velivita Sri Saranankara born in 1698 in Velivita village in Galagedera entered the order at the age of 16 as a pupil of Ven. Suriyagoda Rajasundera, who had received upasampada ordination from Arkanese monks in 1697 at Suriyagoda (Kadaroddawa) Vihara at Pujapitiya. This village has been immortalized by poet Sagara Palansuriya (Keyas) in 'Sudo Sudu', the opening verse of which gives it as 'Katuroda'."
රුවන් පුරේ හිමි අනඳය සාගරය
කේයස් නමින් පළකළ කවි ආකරය
නුවරට නුදුරු මේ ගම පූජා පිටිය
කටුරොද නමින් බොරු නමකින් ලියු හැටිය
කටුරොද යන්න ඔහුගේ කවි සිතට එන
කල්පිත ගමක් බව මෙතනත් ඇත හැඳින
ඇතැමුන් කියන සුද්දගෙ මුල් පොතේ එන
කටුරොද වැනි ගමේ නමවත් කියනු මැන
පූජා පිටිය කටුරොද බව ඇත්තක් ද?
සිවුරෙහි උන්නු කේයස් එහි උන්නෙක් ද?
නැතිනම් ඔහුගෙ මරණින් පසු කටුරොද්ද
කේයස් කියන සිතුවිල්ලක සැතපෙත් ද?
Saturday, July 16, 2011
ප්‍රිය හිමියන්ට!
ප්‍රිය හිමියන්ට!
මාගේ හිමියනි දුන් දරු තිදෙනා
පින් ලැබ ගනු බුදුබව ලඟ බැවිනා
නැත අන්සරණක් ඔබ හැර ම’වෙතා
රැක ගනු මැන මා පින්බර පුතුනා
කරුණා මෙත්මල් පිනිදිය අතුරා
අතහැර යනු බැරි ඔබ හිත මිතුරා
හදේ නැගෙන කරුණා දිය දහරා
අතුරමි ඔබගේ හදවත පුරවා
ගෙවූ සසර මඟ දිගු බව දැනුනා
යන්ට ඇති මඟත් දුර බව පෙනුනා
බුදු සිසිලස අප ලද බව හැඟුනා
එක්වම එමි නිවනට මඟ හඳුනා
පැවතුම නැති බව වැටහී සොඳිනා
සිත සනසා ගමි දිරි ලැබ පුතුනා
ඔබගේ ගුණයන් මඩයට පිපෙනා
සුදු පියුමක් බව වැටහී සැනිනා
යශෝධරා මෙන් සසරෙහි සරනා
හිමි ඔබ බැතියෙන් ළය කිරි එරුනා
ඒ කිරිබිව් මගෙ හිමි සඳ කරුණා
බුදු වන්නට මතු විවරණ දුන්නා
හැම කුලගෙයකම පතිනිය වී මා
මව්වරු පියවරු දරුවන් බෝ මා
මතු බුදු වන්නට විවරණ දුන් මා
හිමි වරුණට වෙන කවුරුද පෙම්මා
විවරණ ලද ඔබ මතු සංසාරේ
බුදු වෙනවා ඇන්දා හද මැදුරේ
මෙත් දිය පිරිලා නෙත් දිය අතරේ
සැනසෙමි ඔබ ලඟ අම සුව මිහිරේ………
Tuesday, July 12, 2011
ඉලන්දාරි සමය ගමේ - part 1
කඩ මණ්ඩියට ගියොතින් නම් හොඳ හිතිලා
වතුර පොදක් ගෙන ගත මෙන් සිත දොවලා
කමිසය උඩින් දැමුවෙමි මිදුලට බැසලා
මිරිස් පැදුර වේලෙන්නට දැමු අම්මා
මිදුලේ නංගී දැමු රටාවේ අඩි දැම්මා
ලිඳේ බොලොක්කය කිරි කිරි හඬ නම්මා
සිතේ සතුට තව වැඩි කර කර දැම්මා
තවමත් අව්ව ගස් අතරින් ඇත මිදුලේ
වෙනදා මෙන් තවම නැත එය ගෙයි ඇතුලේ
එමඟින් පිබිදී සුවඳක් දෙන මල් කැකුලේ
එකට එකතු වී මොනවද උන් ගුගුලේ
සුමනේ යන හඬක් නගමින් අමර කමල්
සයිකල් රිම තල්ලු කරමින් ගහන විසිල්
ගජ මිතුරෙකි ආරච්චිගේ පුතා විමල්
තවමත් ඔහු නැතේ පෙරදා නටපු තොවිල්
අම්මේ මම යනවා කියමින් බැස්ස විට
හනිකට වරෙන් යැයි කිව්වා අම්මා මට
මිතුරන් සමඟ එකතුව පාරේ මැදට
ටොමියත් අපේ පස්සෙන් එයි නොතනියට
කළු බණ්ඩා සිල්ලර කඩ මුදලාලි
අප යන විට ගළවනවා දොර ලෑලි
අපිත් උදව් දුන්නෙමු නොව කම්මෑලි
දොරින් එබී බැලුවයි දුව සමන්මලී
ඉදුණු කෙසෙල් කැන ඉදිරියේ එල්ලාලා
අද මොකදැයි පරක්කු මේ විමසාලා
ආරච්චිගේ ගෙදර තිබුණු තොවිල් බලා
ගෙදරට එනකොට හොදටම රෑත් වෙලා
දාං ඉත්තෝ ඇදෙනවා එකිනෙක අතට
වෙනදා මෙන් නෑ කෙනෙකුන් පරදන්ට
හකුරු සමඟ කහටත් ලැබුණා අපට
එය බී පිටවුවා පවසා සතුට
පන්සල පැත්තේ ඇදුනානම් හොදයි වගේ
පොඩි නම ඇත්තේ බලමින් මෙන් පාර මඟේ
හිමිනම තවම නෑ දන්නේ මහණ අගේ
එනිසයි තවම පීනන්නේ පහළ ගඟේ
බලාපොරොත්තු වන්න........
ඉලන්දාරි සමය ගමේ - part 2
Monday, July 11, 2011
මල් කෙල්ලක් මං !

මල් කෙල්ලක් මං !
සමන්ගිරෙන් කන්ද කපා හිරුදෙවියෝ ලොව බලාවි
ලා තනපත් මත වැටිච්ච මුතුපිනි කැට මල් පිපේවි
පිල්ලෑවේ බෝසමිඳුගෙ පිහිටපතා දහසක් දන ඇදී ඒවි
සියපත් දහසක් උදයෙම මගේ අතින් විකසිත වේවී
සුදු බේබිත් උදෑසනම ඇවිත් ඔන්න
විභාගයට සමිඳු පිහිට පතා ගන්න
අම්ම සමග භාර හාර වෙලා යන්න
සුපිරි රියෙන් මහපොළවට පය තියන්න
බෝසමිඳුට මල් දෝතක් හිතේ හැටිය පුදාගන්න
අනේ බේබි සුදු නෙළුමක් මගේ අතින් අරන් යන්න
සුවඳ කූරු ටිකක් එක්ක තෙල් ටිකකුත් රැගෙන යන්න
පූජා වට්ටියත් එක්ක සුවඳ පැනුත් මෙන්න ගන්න
අපි දෙන්නා එක පන්තියෙ අකුරු කරපු බව ඇත්තයි
දෙවියන් හට භාර වෙන්න කාසි පනම් අපට නැතෙයි
විභාගයට යන්න කලින් අඩුපාඩුත් මට බොහොමයි
මල් විකුනා කාසි පනම් සොයා ගන්නෙ ඒ නිසාමයි
මලක සිරිය ඇදුනු මුහුණ යටින් ඇත්තෙ දුකනෙ බේබි
අප්පච්චි ගෙ ගොරොද්දෙ හඬ ඔබට ඇහුන නේද බේබි
පන්තියෙ පළවෙනිය වෙලා ජය ගත්තත් ඉතින් බේබි
මට කොයින්ද යන්න තැනක් මල් යායෙන් එහා බේබි
Thursday, July 7, 2011
Wednesday, July 6, 2011
බ්ලොග් ලොවට නවක මම......
ඇරයුමට පළමුවෙන් තුති පුදමි ඔබහට
මටත් ගොඩවදින්නට හැකිය දැන් ඉඳ හිට
නවකයෙක් වන නිසාවෙන් තවම බ්ලොග් ලොවට
කියන්නම් මා ගැන මට හිතෙන හැටියට
දියණියක් වීම හැර මා පියාණන්ට
සොයුරියක් වීම හැර එකම නැගණියන්ට
යෙහෙලියක් වීම හැර පිය සබද ඔබ සැමට
වෙන කිසිම බැදීමක් නොමැත මාහට දැනට
කරණීය මෙත් සුතුර කියවෙන සැහැල්ලුව විඳිමී
ලොවෙන් නිබඳවම ලැබුණු ආදරය අගයමී
දිවි මගේ සතුට, දුක එකලෙසම විදගමී
ලොවෙන් ලද ආදරය නිතර ආපසු දෙමී
තරහා ගියත් ඉද හිට ටිකක්
තියා ගන් නැ හිතේ කහටක්
ලියා ගන්ට ඇහැකි මුත් කවියක්
තවම නොමවෙමි කිවිඳියක්
මටත් ගොඩවදින්නට හැකිය දැන් ඉඳ හිට
නවකයෙක් වන නිසාවෙන් තවම බ්ලොග් ලොවට
කියන්නම් මා ගැන මට හිතෙන හැටියට
දියණියක් වීම හැර මා පියාණන්ට
සොයුරියක් වීම හැර එකම නැගණියන්ට
යෙහෙලියක් වීම හැර පිය සබද ඔබ සැමට
වෙන කිසිම බැදීමක් නොමැත මාහට දැනට
කරණීය මෙත් සුතුර කියවෙන සැහැල්ලුව විඳිමී
ලොවෙන් නිබඳවම ලැබුණු ආදරය අගයමී
දිවි මගේ සතුට, දුක එකලෙසම විදගමී
ලොවෙන් ලද ආදරය නිතර ආපසු දෙමී
තරහා ගියත් ඉද හිට ටිකක්
තියා ගන් නැ හිතේ කහටක්
ලියා ගන්ට ඇහැකි මුත් කවියක්
තවම නොමවෙමි කිවිඳියක්
Subscribe to:
Posts (Atom)

