Showing posts with label Anjali. Show all posts
Showing posts with label Anjali. Show all posts

Saturday, October 15, 2011

රිදෙනව දැන්නම් - ‍හොඳටම මගෙ හිත



සෙල්ලමකට නුඹ
ගත්තද මගෙ හිත
නැත්තම් නුඹ දැන්
වයසද හොඳටම,,


ගන්නට බැරිනම්
නිවැරදි එල්ලය
කුඹුරක් කොටපන්
දුනු හී විසිකර,,


එල්ලය වැරදී
නුඹ එවු හී සර
ඇනිලා මගෙ හද
කඩ‍‍තොළු වී ඇත,,


වරදන වරදන 
හැම පාරම නුඹ
ගලවල හී සර
එක දෙක හෙමිහිට,,


"රිදෙනව දැන්නම්
හොඳටම මගෙ හිත"