("මකරන්ද" යෙහි පළ කළ කවි පන්තියකි.
අසංක ආසිරි ගේ ඉල්ලීම පරිදි මෙහි නැවත පළ කළෙමි.)
එකමත් එක ගම් පොඩියක - හේනක් කුඹුරක් වවාන
බත බුලතින් සරුසාරෙට - උන්නා ගම රාල කෙනෙක්
කේන්දරේ
බලල තමා - ගම රාලගෙ වැඩ සේරොම
පැල
හිටුවන්නෙත් නැකතට - අස්වනු ගන්නෙත් නැකතට
දවසක්
දා කේන්දරේ - අතට අරන් බැලූ කලට
හෙනහුරු
අපලය එන බව - ගමරාලට පෙනී ගියා
බලපුලුවන්කාර
කමින් - හෙනහුරු මහ ඉහළ කෙනෙක්
අපල
කරන්නට ගත්තම - නෑ කිසි වගතුවක් ඉතින්
"අනේ ඉතින් හේන් කුඹුරු -
කරල මොටද මේ කාලෙට"
ගමරාලත්
හිතේ දුකින් - ඔහෙ ඉන්නව පසු තැවෙමින්
අනේ
අනිච්චං කියාන - අතක් කම්මුලේ තියාන
පිල් කණ්ඩියෙ වාඩි
වෙලා - ගමරාලගෙ දවස
ගෙවේ
දිනක්
මෙහෙම ඉන්න කලට - කැලේ හිටිය නරි නයිදේ
ගමරාලගෙ
පැල පැත්තේ - කුකුල් දඩයමේ ආවේ
"වෙනද වගේ නෙමෙයි ගමය -
හරිම හිතේ දුකින් වගේ
මොකදෑ
මේ ඉන්න විදිහ - ගම හාමිනෙ මැරිල වත්ද?"
මෙහෙම
හිතපු නරි නයිදේ - හෙමින් ඇවිත් රාල ලඟට
අකම්පාල
වෙලා ඉන්ඩ - හේතු කාරනා ඇහුවා
"නරි රාලේ මේ කාලේ - මට මහ
අපලයි වාගේ
කේන්දරේ
බලපුවාම - හෙනහුරු නොවැ උඩ ඉන්නේ
හෙනහුරු
අපලය ආවම - කිසිම වැඩක් හරි යන්නෑ
ගොවිතැන්
බත් හේන් කුඹුරු - කළාට කිසි
වගකුත් නෑ"
මේක
අහපු නරි නයිදෙට - කට කොනකින් හිනා ගියා
"අනේ මෙහෙම මෝඩ ගමයො -
ඉන්නව නොවැ මේ කාලෙත්"
"රාලේ දුක් වෙන්න එපා -
ඉන්නා විට නරි නයිදේ
ඔය
අපලෙන් බේරෙන්නට - දන්නව මං කලයුතු දේ"
"ඒ මොනවැයි නරි රාලේ -
මන්තරයක් වත්ද බොලේ
අනේ මටත්
කියා දියන් - අපලෙන් ගැලවෙන කරමේ"
"රාලේ උඹ මේ අහපන් - මං
කියනා ලෙස කරපන්
බකන්නිලන්
ඉන්නෙ නැතුව - කුඹුරු කොටන්නට පලයන්"
ගමරාලත්, කිව්ව
ලෙසට - උදැල්ලකුත් අරන් කරට
කුඹුරට
බැහැලා ආයෙත් - කුඹුරු කොටන්නට ගත්තේ
ආකාසේ
ඈත ඉඳන් - බලන් උන්නු හෙනහුරාට
ගමරාලත්
උදලු අරන් - කුඹුරු කොටන හැටි පෙනුනේ
"මෙන්න
බොලේ මේ ගමයා - හෙනහුරු අපලය නොතකා
කුඹුරු කොටන්නට අරගෙන - හිටුකො උඹට කරවන්නට"
හෙනහුරාට පෙනුණු විගස - වහාම නියඟය එව්වා
නරි නයිදෙත් දුවගෙන විත් - ගමයට මේ ලෙස කිව්වා
"රාලේ
දැන් ඉතින් ගිහින් - හේනක් කොටලා හිටහන්"
ගමයත් කැත්තක් අරගෙන - හේන් කොටන්නට ගත්තේ
කැලෑ කොටා එළි කරලා - ගිනි ගහන්න හදනකොටම
හෙනහුරාට මෙය පෙනිලා - මහ වැස්සක් ඇති කෙරුවේ
වැස්සෙම නරියත් ඇවිදින් - රාළට මේ ලෙස කීවේ
"ආයෙත්
කුඹුරට බැහැපන් - හේන දැනට අතහැරපන්"
නරි නයිදෙගෙ අණ අහලා - රාලත් කුඹුරට බැස්සා
මී ගොන් නගුලේ බැඳගෙන - කුඹුර හාන්නට ගත්තා
හාගෙන හාගෙන යනකොට - හෙනහුරාත් මෙය දැක්කා
හෙනහුරු අපලය විලසට - ආයෙත් නියඟය එව්වා
නරියත් දුවගෙන ආවා - රාළට උපදෙස් දුන්නා
සුද්දකරපු හේන ගිහින් - කොටන්න ගන්නට කිව්වා
හේන කොටා වැට බැඳලා - කුරහන් ටික අතට අරන්
පැල කරන්න හදනකොටම - හෙනහුරු අපලය එව්වා
ආපහු වැහි වහින කලට - රාලත් කුඹුරට බැස්සා
පෝරු ගාල වී ඉහලා - කුඹුරේ වැඩ කර ගත්තා
ඔය විදිහට විඩින් විඩේ - හෙනහුරු අපලය එවනව
ගමරාලත් සුදුසු ලෙසට - ඒ අයුරින් වැඩ කරනව
කුඹුරත් සරු සාර උනා - හේනේ බෝගත් පැහුනා
හෙනහුරු අපලයෙ පිහිටෙන් - රාලගෙ කරලත් පැහුනා
එදා පටන් ගමේ රටේ - රට්ටු කියන්නට ගත්තලු
හෙනහුරාත් මහ බලවත් - නරි නයිදෙට පැරදුනාලු
කේන්දරේ විසි කරලා - සිය බුද්ධිය යොදවාලා
එයින් පස්සෙ ගමරාලත් - ජීවිත සරු කරගත්තා
ප.ලි. : සුනිල් ජයවීර ලේකඛයාණන් විසින් විජය පුවත්
පතට මේ කතාව අපූරු චිත්‍රත් සමග කවියෙන් ලියූ බව මතකයි. නමුත් ඒ කවි මගේ මතකයේ නැහැ. මුල් කතාව ඇසුරු
කරමින් කවියෙන් ලිවීමි.