Showing posts with label Wimalarathna Kumaragama. Show all posts
Showing posts with label Wimalarathna Kumaragama. Show all posts

Sunday, July 11, 2021

ආරච්චිරාළ - විමලරත්න කුමාරගම

 


අලියා වැටුණු වැව ආරච්චි              රාළට

මුවමස් ඌරුමස් භිඟ නොමැත       කෑමට

මුළු ගංගොඩම හිටියත් ඔහුගේ       වාලට

ඔහු වැඩිපුරම බය ලොකූ සයිබු      නානට

 

වට්ටක්කා වැලකි ඒ ගෙයි වහල          මත

එරඬු වැටේ වැඩිපුර ලොකු කපොලු   නැත

කුරහන් බිස්ස යට බල්ලට සෙවන      ඇත

ඔහුගේ ගෙදර මට හොඳටම මතක      ඇත

 

පස් බානක්ම ඔහු හට හොර හරක් ඇත

ගමනට පැදුරු දැමු බර බාගයක්     ඇත

නියඟක් අවත් ඉන් වැඩිපුර බයක්  නැත

වැව කිට්ටුවම වෙල ඉස්සර හයක්  ඇත

 

ඉදිකඩ ළඟම සිටහත් මහළු පලු             ගසේ

පොඩි පෙට්ටියක පානට මැසි පොකුරු නැසේ

ඒළියක් දුටිමි ඒ ඒළියෙන් ඔහුගේ          හිසේ

මට මේ ලියන විට තව ඒ ඒළිය              දිසේ

 

මුළු රෑ ලැගී ඉඳ පලු ගහක            මැස්සක

ලැබ ‌ගෙන අහිංසකයකු පිදුව         මස්ටික

වළඳා අදට වූවත් වසර                  විස්සක

පුදුමයි බලන්නට අද ඔහුගෙ          රැස්ටික


කිසිවෙක් නොවේ කෙරුමට ඔහු සමඟ  හබේ

වෙහෙසක් නැතුව යළ මහ අස්වනුද      ලැබේ

කුරහන් වියෙන් බිහි තුන ඉදිමුනද          ඉබේ

යම්කිසි බියක් ඔහුගේ නෙත් අතර         තිබේ


දවසින් දවස වන පෙත ගං ගොඩෙහි     හැපේ

ඔහුගේ ‌ගෙදර ළඟ කළුවර බුරුත         කැපේ

ගැමියන් පිහිට ලැබ ගිනි ඇවිලුනද         ලිපේ

හැම ගැමියෙක්ම ඔහුගේ පාමුලෙහි       හැපේ



Sunday, June 27, 2021

වලස් දඩයම - විමලරත්න කුමාරගම




පූලයි මායි පලු ගස් දෙබලක මැස්සේ
සයිමා සමඟ කඩියා කැටවළ අස්සේ
අඳුරේ හැම හඬට මගෙ හදවත ගැස්සේ
අඩ හඳ පාළු වන රොද මුදුනට ඉස්සේ
පලු ගහ අවට නැගි මැහි මදුරු නැළවිලි
තරු මල් වලා ගුලි නිල් ගුවන සැරසිලි
වැව් දිය ඇල් මැරී මසු අතර කැලඹිලි
බැලු හැම තැන ම මතු වුණු අමුතු සෙවණැලි
විසිතුරු වලා වැලි කම්මැලි ලෙස පාවේ
කිසියම් සතෙක් තව නැත වැව වෙත ආවේ
දාඩිය ගලා බැස මුලු සිරුර ම නෑවේ
ඈතින් ඇසේ මත් මුව දෙනකගෙ රාවේ
හදිසියෙ දුටිමි කලුවක් වැව වෙත ඇදෙන
වැලහින්නක්ය- ඇය පසු පස දරු දෙදෙන
යන්තම් ඇසුණි හඬ පැටවුන් දිය අදින
කැටවළ තුළින් ඵකණෙහි වෙඩි හඬ නැගිණ
වම් ඉළයට වැටී ගති ඒ වැලහින්න
මම කෑගසිමි කඩියට වෙඩි නොතියන්න
දඟලන අතර ඈ තැති ගෙන නැගිටින්න
දුක්මුසු ලෙසින් හැඬුවා පොඩි දරු දෙන්න
පොඩි පැටවුනුත් ඇදගෙන රැඳෙනු ඉඩ නොදී
ආ කැලයට ම ඵ් මව පැනපි ඇදි ඇදී
කකුලක් කැඩී ගියමුත් ඇයගෙ වෙඩි වැදී
දරු පෙම මරන්නට ඵ් මවට ඵය මදී
හෙමිහිට ඇදී යනතුරු දුරට ම බැද්දේ
හදවත පෙළී පැටවුන් වැළපෙන සද්දේ
සංවේගයෙන් මා සිටි මැස්ස ද පද්දේ
වැළපෙයි කිරල රැළ උඩ පැන වැව මැද්දේ
ගොළුවන් කියන දේ වැටහෙන සවන් පෙතී
මා සතු වෙන්ට ඵදවස සිට පටන් ගතී
දරුවන් දක්න විට සිය මෑණියන් නැතී
ඵ් හැම දෙන ම මගෙ ළග නෑ සියන් වෙතී

"කවිවලට ලැබුණු අදහස්වල බොහෝ ඉල්ලුමක් තිබූ කවි පන්තියකි."

Tuesday, January 31, 2017

ටාසන් මළා - විමලරත්න කුමාරගම



සිව් වසරකට  පෙර විත් මගෙ ඇසුර       බලා
මේ  වනතුරුම මගෙ තනිකම බැහැර     කළා
අද අළුයම ම උණුසුම් වෙන විටදි           වළා
පිංචිත් මාත් මරමින් ටාසන්ද                  මළා

හඟුරන්කෙතේ  පෙරහැර පැවතුණු        දාක
මා උඹ ගෙනාවේ මහ කළුවර                රෑක
මා පමණක් ම දුටු ඉඩකඩ ඇති            ගේක
උඹ මා සෙවූ සැටි මට වැටහෙන          දේක

රෑ සුළඟිල්ල උරමින් නිදි වැදුණු           ඇඳේ
මගෙ කට, නහය ලෙවකෑවෙහි නැගිට  උදේ
උඹ ගැන මතක නො නැවත හදවතට  ඇදේ
මගෙ හිස ඇසද පපුවද එක විලස          රිදේ

පිටිසර ලියන් දිය සැනහෙන තැනට     පැන
දිව ආවෙහිය තනපට හෝ හවරි         ගෙන
උන් උඹ අඹා ආවිට හුරතලට              බැන
උඹ දත්තහෙිය මා නැවතී සිටිය           තැන

දිව දිව පෙරළි පෙරළී උඩ පැනපු         හැටි
ගස් දිග යන්ට ඉගිලෙන්නට හැදුව       හැටි
පූසි සමඟ උඹ සෙල්ලම් කරපු             හැටි
මා උඹ මෙන්ම මියයෙන තුරු මතක    හිටී

දරු සයදෙනෙකුගේ පියෙකුව මළද      උඹ
මම ‘‘නිදරුවී“ වැඩුවෙමි උඹ නිතර      සිඹ
මීයන් අඹා දොළ බජ ගල් තුළට           පිඹ
උඹ යළි එතිද පීරා මඩ වතුර             ගොබ

සන් දෙන වෙණක් සේ සිහිපස හඳ     පානේ
දුන් නෙහි  උඹත් මට හුදු සෙනෙහස   දානේ
දැන් මට දැනෙන්නේ හැබැහින් හෝ   සීනේ
රන් කිරියා මල් සුවඳයි උඹෙ              මූනේ

මියගිය පසුව උඹ ඉවකර යුතුව             සෙනේ
පිංචි කිමද මා ළඟටම තුරුළු                   වුණේ
ඇය හට දැනුදු තනිවූ බව හොඳට            දැනේ
මට අද උඹෙන් මුළු ලොව එක තැනක පෙනේ

මහ කළුවරක් බිහිවිය හැක උදා             සනින්
මළ බෙර හඬක් සැනසුමකට යොදා       ගනින්
ටාසන් මළා මගෙ පාළඟ නිදා               ගනින්
මා මෙන් උඹත් පිංචි හිත හදා                ගනින්


දේදුන්න - 1951-  විමලරත්න කුමාරගම

Thursday, July 5, 2012

අයියනායක - විමලරත්න කුමාරගම



සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො  ණේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙ‍              ණේ
මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ               නේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ    නේ

බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව                 ල
මේ සන්හි‍‍‍ඳේ එළියක් ඇත සවස් ක                 ල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක                   ළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව         ල

වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර          ත
ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ               ත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ ම                  ත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ            ත

දෙවි දේවතාවුන් සැරි සරන මහ ව                නේ
පවතින  බලය ඇඟ ලොම් කුඩකටද දැ          නේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු        ණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු          ණේ

සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී                         ම
කෙම්වර දවස්වල පානින් සැරසී                       ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී                      ම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී      ම

සාගත වසංගත හා එන නියඟ                    වලින්
සහනය පතා වන දෙවියන් ළඟට           කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ                 මලින්
පෙළෙඹෙන අයට අනුකම්පා කරමි          මුලින්

ගංගොඩ ව‍ටා මෝරන වන ලැහැබ            මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු                 වන
බලවත් අය්යනායක, දෙන ගොදුරු          ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු           තැන

පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින            තැන
මීමුන් මදින් මත්වී අං මදින                     තැන
වැව්වල මිනී කන කිඹුලන් ගැනද              දැන
මේ අය රකිනු මැන යන එන සියලු          තැන

මා පිල් පිඹුරු නයි පො‍ළඟුන් සිටින         තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන      තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින              ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු                මැන

Tuesday, June 5, 2012

ඉර පායා ඉර මුදුනට එන්න එපා - විමලරත්න කුමාරගම


සටනක වගේ වෙඩි හඬ ගෙය දෙසින්         ඇසේ
මම දිව ගියෙමි වැව සිට තෙත පිටින්           හිසේ
දැඩි සේ ගොරදෙමින් දුක් බැල්මකින්         ඇසේ
නාඹර මුව දෙනක වැව ළඟ හෙමින්           නැසේ

කටු කම්බියට ලස්සන හම ඇත                       සීරී
මා මය දතුයෙ මගෙ හද ගිය සැටි                   පෑරී
වැදි කොලුගෙන් ඇයට නොගියැකි විය       බේරී
ඇගෙ මළ බුරුල්ලෙන් වෑහෙයි කිරි            බේරී

වෙඩි හතකින්ම හම සිදුරුව තිබුණි             ඇගේ
හැඬු බව ඇසූයෙමි ඈ වත්තෙහි ම               මගේ
මිනිසුන් ළඟට ඈ ආ වග හිතට                  නැ‍ඟේ
සිතිවිලි වුණා පිනිබිඳු කම්බියක                   දිගේ

මිරිසට උයා තිබු ඇගෙ මස එදින                රැයේ
මට කිරි රසට වැටහුණු බව මතක               තියේ
මුළු රෑ මසිත මව නැති දරු වෙතය               ගියේ
මම නිදි ගතිමි පසු දින හිරු නැ‍ඟෙන          පැයේ

''ඉර පායා ඉර මුදුනට එන්ට                        එපා''
''හඳ පායා හඳ මුදුනට එන්ට                        එපා''
''දිවි නරි පිඹුරු කටකට කැපවෙන්ට            එපා''
''අම්මා නැති අපට බඩගිනි වෙන්‍ට             එපා''

ඈ මිනිසුන් මැදට මහ දාවල                      එන්ට
බියකින් විය යුතුය දඩයම්කරු                  වන්ට
එද මහ දවල් මිනිසුන් මැද හඬ                දෙන්ට
හේතුව දනිමි මවු පෙම කිරි දරු                 වන්ට

''ඉර පායා ඉර මුදුනට එන්ට                        එපා''
''හඳ පායා හඳ මුදුනට එන්ට                        එපා''
''දිවි නරි පිඹුරු කටකට කැපවෙන්ට            එපා''
''අම්මා නැති අපට බඩගිනි වෙන්‍ට             එපා''

කිරි දී සතප්පා පැටවුන් සෙවණ                   තුළ
සඟවා රස බලන බව මව ළපලු                    වල
ඇසුවත් පෙරදි මා වන්නියෙ සිටිය              කල
නොදනිමි කරුණ ඈ මගෙ වත්තෙහිම         මළ

දා ගිය අතු පඳුරු ගින්නෙන් නිකිණි           මසේ
සෝකිව ඇඹෙරෙමින් වැළපෙන හැටිය   ඇසේ
ඉඳ හිට සුළඟ නවතී  ඩා නිවන                ලෙසේ
හදවත සිරස බර මම නිදියමිද                 කෙසේ


''ඉර පායා ඉර මුදුනට එන්ට                      එපා''
''හඳ පායා හඳ මුදුනට එන්ට                      එපා''
''දිවි නරි පිඹුරු කටකට කැපවෙන්ට          එපා''
''අම්මා නැති අපට බඩගිනි වෙන්‍ට           එපා''

බලු කුකුරුවන්ගේ බඩගිනි හැඬුම             වැනී
හැඬුමක් ඇසේ නල බල වන විටදි              තුනී
මුව පැටවුන්ගෙ පැමිණිල්ලකි හොඳට       දැනී
මහ රෑ මගේ දෑසින් උණු කඳුළු                   පනී

ඇස් දෙක රතුව දුටුයෙමි පසු දවස             උදේ
මට පැහැදිලිය මුව පැටවුන් විඳින              වදේ
උන්ගේ බැගෑ හඬ මා පසු පසම               ඇදේ
මගෙ හදවත එයින් බිහිසුණු විලස             රිදේ

ගෙවුයන නිමා අවටැති වතු පිටි                නුදුරු
පැටවුන් සොයන්නට පීරූයෙමු                 පඳුරු
වැදි කොලු කෑ ගසයි පඳුරක් ළඟ              අඳුරු
ඔහුගේ හඬින් මිදුණා පිඹුරුගේ              ගොදුරු

එක පැටවෙක් එතී පිඹුරගෙ දරණ              මැද
නිදහස් වෙන්ට දඟලත්දී වෙහෙස               විඳ
වැදි කොලු පිඹුරු ගෙල මිරිකන විටදි         ඇද
පැටවා දුවන්නට විය මළ පඳුරු                   බිඳ


''ඉර පායා ඉර මුදුනට එන්ට                      එපා''
''හඳ පායා හඳ මුදුනට එන්ට                      එපා''
''දිවි නරි පිඹුරු කටකට කැපවෙන්ට          එපා''
''අම්මා නැති අපට බඩගිනි වෙන්‍ට           එපා''

විමලරත්න කුමාරගම

මේ කවිය පල කරන්නට විශේෂ හේතුව මීට පෙර විමලරත්න  කුමාරගමයන්ගේ 'හේරත් හාමි' කවි පන්තිය පල කිරීමෙන් පසු මෙවැනි අදහසක් ලැබූ බැවිනි.

සරත් ගුණතුංග said.
විමලරත්න කිවිඳුන්ගේ පබැඳුම ට
දහසක් වරක් පින් සිදු වේවා ඔබ ට
පාසැල් වියේ රස විඳි ඒ කවි වල ට
තවමත් දුවයි සිත පණහේ දශකය ට්

එපා එපා හිර මුදුනට එන්න එපා
එපා එපා සඳ මුදුනට එන්න එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා
මේ කවි පදය නම් නොලියා ඉන්න එපා
Bindi said.
ඔන්න මම ආසම කවියෙක්ගේ ආසම කවි පෙළක්. කොළඹ යුගයේ කවි රසවින්දින්නෙක් ලෙස මගේ ස්තුතියත් ඔබට අසංක . සාමාන්‍ය මිනිසාගේ සරල බව සුගම ලෙස කියන්නට හපනෙක් කුමාරගම කවියා . ඔහුගේ ඉතුරු කවි ටිකත් ඉඩ ඇති විට දාන්න මල්ලි හැකිනම්

Monday, August 29, 2011

හේරත් හාමි - විමලරත්න කුමාරගම

අලියා වැටුණු වැව සිටි හේරත් හා                        මි
මා වැනියකු වුවද මම වැදගත් වී                           මි
මිනී කපන මුත් ඒ හේරත් හා                               මි
ඔහු මට වඩා විසි තිස් ගුණයෙන් දෑ                      මි

ඉස්පිරිතාලයේ අලියා වැටුණු වැ                        වේ
මළ මූ ඇදීමෙන් ඔහුගේ දවස ගෙ                      වේ
මාසික පඩිය ලැබ පෙන්නූ නමුදු සු                     වේ
ඔහු දුටු සෑම විට මා දුක් මුසුව තැ                       වේ

ඇඟපත දැඩිය හැඩ ඇත හීන්දෑ                          රිය
වයසක් නොමැත නාඹර ඉලන්දා                       රිය
කිසිවෙක් තවම නැත පැවසුමට බා                    රිය
මට පුදුමයකි ඔහු මේ කරන කා                         රිය

මා වැනියෙකුට තද සංවේගයම දි                         දී
හැමදා උදේ ඔහු මගෙ වැසිකිළිය අ                     දී
හදිසියෙ යමකු මළහොත් දොස්තර ද ව                දී
අප ඉදිරියේ ඔහු මළකුණ කපන ල                       දී

ගොවි-කම්කරු රදල-උඩරට කිසිම කු               ලේ
වෙන කිසි කෙනෙක් තව නැත මේ වැඩය ක     ළේ
දැනගන්නට කිසිදු වරදක් නොමැත මො           ළේ
කිසි අනතුරක් නොකරයි කිසිවකුට කැ             ලේ

අවනත සිනා රැලි වත නිතරම පතු                      රයි
හැම වදනක් ම අවිහිංසකව පතු                         රයි
හැමදා වගේ සවසට බොන ගිනි වතු                  රයි
ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතු                  රයි

පිහියා පහර ලැබ ඔහුගේ නැගණි අ                  නේ
මළ හැටි සිහිව මගෙ නෙත තෙත ගතිය දැ        නේ
නෑඬුව නමුත් ඔහු නැගණිය මැරුණු දි               නේ
උණ ගත් දාට වැලපෙයි නෙත කඳුළු පෙ           නේ

නැගණීය මළ විටදි දොස්තර සමඟ ගො           සින්
ඇගෙ කය කපන ලදි හේරත් හාමි වි                සින්
බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බ             සින්
ඔහු හට වැඩක් නැත ලොව ඇති රිහිරි ම          සින්

නූපන් නිසා දනවත් මහරු පා                           යක
පන්සල වෙතට යයි හැම විටම පෝ                 යක
අලුතෙන් හැදුව වෙහෙරට ඔහු ද දා                  යක
ඊටත් වඩා සලකයි අයියනා                             යක

                                    ----------------------------------------------------------------------------


 1919 ජනවාරි 18 දින පාතදුම්බර පාලිස්පත්තුව බස්නාහිර කොරළේ නාරම්පනවේ දි ජන්මය ලැබු විමලරත්න බණ්ඩා කුමාරගම ගේ පියාණෝ විමලරත්න කුමාරගම 1928 ජනවාරි 18 වන දින පාතදුම්බර පාලිස්පත්තු බටහිර කෝරලයේ නාරම්පනාව ග්‍රාමයේ උපත ලැබිය.පුංචි බන්ඩා කුමාරගම හා බණ්ඩාර මැණිකේ කුමාරගම ඔහුගේ දෙමාපියන් විය. ඔහු හත දෙනෙක් ගෙන් යුක්ත පවුලක දෙවනියා විය.
                            ඔහු මහනුවර මාකොලදෙනිය වේරපිටිය පාසලේ මුලික අධ්‍යාපනය ලැබූ අතර පසු කාලීනව තෙල්දෙණිය ද්වි භාෂා විද්‍යාලයේ හා කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ අධ්‍යාපනය ලැබිය. ඔහු අවසාන වශයෙන් නුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර මැට්‍රිකුලේෂන් විභාගය විශිෂ්ඨ සමර්ථ සහිතව සමත් වූ අතර ,පාසැල කාලයේද සිංහල කවිය පිළිබද උනන්දුවක් දැක්වූ අතර කවි රචනයේද නියැළුණි.

  පොත්
  • නිල්සීනය (1941)
  • ඔරුව (1942)
  • සංවේග වේදනා (1946)
  • සපුමලී (1946)
  • සුරතල්ලු (1961)

කවි
  • හේරත් හාමිනේ
  • අයියනායක
  • දඩයම
  • වන්නියෙ මල්
  • ගමේ වැව
  • කිරා
  • ආරච්චි රාළ
  • සිරගෙය
  • යන්තම් බේරුනා
  • හරක් හොරා
  • බුදුරුව
  • සුන්දර හාමි
  • ආගන්තුක සත්කාරය
  • අවුරුදු නිවාඩුව
  • මුතුගේ ප්‍රශ්න
  • වන්නියෙ දොස්තර

                                         උපුටාගැනීම :  විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්