Showing posts with label Ananda Rajakaruna. Show all posts
Showing posts with label Ananda Rajakaruna. Show all posts

Friday, July 22, 2011

පක්ෂි භාෂාව - ආනන්ද රාජකරුණා


            මට අළුතින් පොඩි වැඩක් පටන් ගන්න අදහසක් ආවා.ඒ කියන්නේ මේ බ්ලොග් එකේ දාන්නේ අපි ලියපු කවි විතරයිනේ.අපි පරණ අයගේ කවිත් නම් එක්කම (ඕනේනම් තව පොඩි විස්තරයකුත් එක්ක නම් වඩා හොදයි )මේකේ දානවා.එකෙන් ගොඩක් කට්ටියට කියවන්න ලැබෙනවා වගේම දන්නැති දේවල් දැනගන්න ලැබෙනවා විතරක් නෙවේ කවි රීතී වගේ දේවල් වුණත් දැනගන්න ලැබෙනවා.ඒත් එක්කම කවි ලියන උනන්දුවත් වැඩි වෙයි කියලා හිතෙනවා.අනික  internet එකේ හින්දා ගොඩක් කල් ආරක්ෂා වෙලා තියෙයි. පොත්පත් වගේ නෙමෙයිනේ.එතකොට අනාගතේ කවියට ආදරේ කරන අයට හරි බ්ලොග් ලියන අයට හරි ඒවා සෑහෙන වටියි කියල හිතන්න පුළුවන්.
            ඒ වගේම තව දෙයක් තමයි අපි post , comment වගේ දේවල් දානකොට පැරණි කවියෙකුගේ කවක් අවශ්‍ය වුණ ගමන් කෙළින්ම මෙතන link එක දාලා වැඩේ පහසුවෙන් කරගත හැකි වීම.මෙය සියල්ලටම පොදුයි. එනිසා ඔබ සියල්ලටම කවි දැමිමේ හැකියාව තියෙනවා. (කවියාගේ නම සදහන් කිරීම විශේෂයි). පටන් ගැන්ම තකා ආනන්ද රාජකරුණා කවියාගේ "පක්ෂි භාෂාව" යොදාගතිමි.

හදිස්සියක් වූ විට එක්තරා හඬක්
නඟා සියල්ලන් එක රැස් කරත් තෙපි
නයින් පොළොංගුන් දැක අන්තරාවකැය්
දැනුම් දෙතී අන් හඬකින් අපූරුවය්

ගසක් වැලක් හෝ ගොමුවක් කරා ගොසින්
බොහෝ දෙනා මල් පැණි බී උදම් බැවින්
අතුත් ඉතිත්හී රදමින් යමින් එමින්
ගයත් එකා වන් තුටු ගී අපුරුවය්

කුසුම් වනේ රුක් මුදුනේ ගුවන් ගැබේ
වහල් පළේ හෝ පොළොවේ කැදැල්ලෙහිත්
එකින් එකාගේ අනුරාග ගායනා
කුලේ සියල්ලෝ හදුනත් අපූරුවය්

වියෝගයක් වූ විට සිත් තැවුල් බැවින්
අමීරි වූ සෝක හඬක් නඟත් තෙපී
බයක් සැකක් නම් එය දන්වමින් අනෙක්
හඬක් නඟන්නාහු මෙයත් අපූරුවය්

කිසිත් හඬක් දැන් අරුණෝදයක් කියය්
අනෙක් හඬක් දැන් ඉරිමා උදෙය් කියය්
තවත් හඬක් දැන් එළි වී තිබෙය් කියය්
සියල්ලෝ මත් මේ හඬවල් හොදින් දනිත්

කිසිත් හඬක් වැස්සට කල් වනැය් කියය්
අනෙක් හඬක්  මල් පල ගැන්වෙතැය් කියය්
තවත් හඬක් ගිම් කල ළං බවක් කියය්
සියල්ලෝ මත් මේ හඬවල් හොදින් දනිත්

                                                  ආනන්ද රාජකරුණා (1885 - 1957)
                                                   ( ළදරු කව් මී,හතර වන ප්‍රමාණය )