Saturday, March 28, 2015

කඳුලක දැවටුන නොමියන සෙනෙහස!




පෙනෙන දුරක හිටියත් ලඟින් ඉන්න වරම් නැති
සුවඳ දැනෙනා ලඟක සිට සිඹින්නට වරම් නැති
පහසක ලඟ සිටියත් දැවටෙන්න වරම් නැති
වදනක් දොඩනට බැරිව  වැට මායිම් දමා ඇති

සඳ ඇවිත් ලඟටම නිල් අහස තව දුර නැතී
සිප ගන්න නොයිඳුලෙන් ඔය මුහුණ මට බැරී
ලබා ගන්න නම් ඉතින් ඔය දෑත දැන් බැරී
දරන්නේ සියලු දුක් කල සසර  පින්  මදී

මැවු සිහින ආදරෙන් ලඟ ඉන්න දැවටි ලා 
බොඳවෙලා ගිහින් මා මෙහි තනිකර දා
ගිය මග තොටේ මල් කැකුළු පරවෙ ලා
පිපෙන්නේ කවදා ද කියන් මට ලං වෙ ලා

හදේ රැඳුන සෙනෙහස කොතරම්  දැයි කියනු බැරී
දුර සසර පුරා ආවත් මෙ ලෙස අප දෙදෙනා බැඳී
රහසේ බැඳි ආදරේ  ගිලිහිලා නෙත් අගට කඳුළු  දී
කඳුළු ගඟක් ගලා ඇවිත් සරයි  මහ සාගරේ  රැළී


2 comments:

  1. හැම දාම වගේ හරිම සංවේදී කවි පෙළක් අක්කේ. ප්‍රේමය විරහව අපි හැමෝටම පොදුයි නේද?. ඒ විරහව ජීවිත කාලයම විදවන්නෙ මේ වගේ. හිතට තදින්ම වැදුන කවි පෙලක් අක්කා.

    ReplyDelete
  2. ලස්සනම ලස්සන අදහසක් නැන්දා :)

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................