Wednesday, July 25, 2012

මරණය

සොයා ගියෙමි
වැරදිකරු මරණයට
හැමදාම
හැමතැනම
මැරෙන නිසා
ආයුධ, වස, තොණ්ඩුව
සියල් වැරදිකර බව
පසක් විය මට
නමුත් වැරදිය එයත්
සත්‍යය
"මරණය" ලෙස
තිබීමයි වචනයක්
වැරදුණි එයත්
"ඉපදීම" යනු තවත්
වදනක් නිසා
ඉවත් කිරීම වචනය
විය එකම
පිළියම...

6 comments:

  1. අනියත ජීවය ගැන ගැඹුරැ දහමක් කියා දෙනවා ව‍ගෙයි.

    ReplyDelete
  2. තන්හාව දුරලන්න.. ඉපදිම දුරලන්න...

    ReplyDelete
  3. අපූරුයි!

    ReplyDelete
  4. ඉපදීම නැති කලාම මරණය ද නැත.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................