Sunday, July 22, 2012

සුරත් තොල්


සුරත් තොලක් සිප ගත්තෙමි
ඉන් මා තොල රත් පැහැ විය.
ලේන්සුවෙන් පිස දැමුවෙමි
ලේන්සුවද රත්පැහැ විය
ග‍ඟේ දියෙන් දොවාලීමි
ග‍ඟේ දියද රත්පැහැ විය

මුහුද මැදත් වෙරළ අගත්
රත් පැහැයෙන් සිත්තම් විය

එක් රාජාලි‍යකු බිමට
ඉගිල ආපි දිය බොන්නට
උගේ ඇ‍ඟේ පියාපත්ද
එකපාරට රත්පැහැ විය.
හිරු මඬලක් අඩක් සමඟ
මුළු සඳ මඬලම සැණෙකින්
රත් පැහැයෙන් සිත්තම් විය.


     කර්තෘ ආඥාතයි. නමුත් ග්‍රීසියේ තවත් එක් කවියෙකු බව දැනගන්නට ලැබුණි. ඒ කරුණාරත්න අමරසිංහ කවියා විසින් "ජගත් කාව්‍ය නිර්මාණ" නමින් 1993  දී පළ කළ කාව්‍ය සංග්‍රහයක්  තුළ තිබීය. එය මට ලැබුණු රත්රං  ගොඩක් බඳුය. කිම්ද යත් එහි ඇති කවි අපිව තවදුරටත් සිතන්නට දෙයක් ඉතිරි කරමින් අපව ජාත්‍යන්තරයටද ගෙන යන නිසාය. ඉදිරියට  බලාපොරොත්තු වන්න.

7 comments:

  1. හරිම අගෙයි!

    ReplyDelete
  2. ලස්සන කවියක්.
    සුරල් ද "සුරත්" ද?

    ReplyDelete
  3. ඇත්තටම ඒක එහෙම්ම තමා..බොහෝම ස්තූතියි ඔන්න වෙනස් කළා මම. ඒ වගේම සමාවත් අයදිනවා.

    ReplyDelete
  4. හරිම ලස්සනයි!

    ReplyDelete
  5. හරිම ලස්සන අදහසක් . චමත්කාරජනක කියන එක තමා හරිම වචනේ .ස්තුතියි මල්ලි

    ReplyDelete
  6. me kaviya baladdi mata mehema hithuna...

    me sipaganme sundarathwaya koi tharamda kiyanawanam ohu ein math wela... Ohuta mulu lokayama e sundarathwayen penna gannawa..

    ehema nathnam waradakari hangemakin ohu peedawata path wela... me lanweema thulin

    ReplyDelete
  7. යුද්ධයෙන් පීඩිත වූවෙකු සැනසුමක් සොයා ගිය ගමණක්! හරිම ලස්සනයි අසංක පුතා.

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................