Sunday, July 8, 2012

කවදා නිම වේද බසයේ මෙවැනි වද.....


බස් රථයකට නැඟුනෙමි ගමනක්             යන්ට
තව ඉඩ තිබුණි ආසන වල ඉඳ                  ගන්ට
හොඳ හැටි තැනක් බලලා ඉඳගත්           මෙමට
අව්වෙන් පහර ලැබුණා තදබල               ලෙසට

එනිසා අයිනෙ නොමැතිව මම මැදට          වුණා
ටික මොහොතකින් හැමතැන සෙනගත්  පිරුණා
කොන්දස්තර මහතා ටික ටික ලඟා             වුණා
පුදුමයි නිල ඇඳුම ඇඳලා ටිකටි                  දෙනා

රුපියල් නවයෙ ටිකටය දහයට                 දුන්න
මාරු කාසි නෑ බෙහෙතටවත්                 හොයන
දවසට රුපියලක් ගානේ අපි                       පුදන
දහවැනි දිනේදී නැත මුදලක්                        ඕන

ටිකකින් සෙනඟ පිරුණා මේ හැම            තැනම
ගැබිනි මවක් නැග්ගා ඒ                මොහෝතේම
කරන්නට වුණා බංකුව                             දන්දීම
සිටියානම් අනෙක්පස නෑ                      නැගිටීම

ඉස්සර රියදුරයි කොන්දොස්තර               මහතයි
සිටියේ එපමණයි ඒ බව                       විශ්වාසයි
දැන්නම් හිඟන්නයි එතකොට            වෙළඳාමයි
බසයේ රජ කරයි අතවර                       අපචාරයි

නිල ඇඳුමට හේතුව දැන් වැටහුණේය            මට‍
බස් රථයට ටික්කන් ටික නැග්ගා            හනිකට
කට උත්තර නෑ දැන්නම් බස් ටික්කෝ          හට
පින් ලැබෙනවා පෙර බස් රථයෙන් එය   කිව්වට

අලුතෙන් හෝදලා ඇඳගත් ඩෙනිම                අද
මිනිසුන් පෑගුවේ එහි ඇති සටන                    මැද
දෙන්නට හිතයි පොල් පිත්තක් අරන්         හොඳ
කවදා නිම වේද බසයේ මෙවැනි                     වද

‍මේ මම පොල් ගහෙන් වැටුණේ           පෙරේදා
ඔපරේෂන් එකක් ඇත හෙට                    අනිද්දා
කීයක් හරි දෙන්න මාමා සහ                   නැන්දා
කියමින් බසේ යන හැමටම ඔහු               වැන්දා

එක පොත පනහ වේ මේ පොත්           පහකටම
එනමුත් සීය පමණයි නොවැ ගන්නෙ           මම
පොඩි දරුවන්ට ව‍ටිනවා මේ පොත්           පහම
එනිසා අරන් යනු මැන තම                  නිවසටම

තමුසෙට ලැජ්ජා නැති බව නම්         තේරේනවා
නැතිනම් මොකද ඔය හැටි මේ       තෙරපෙනවා
තමුසේ වයසකයි දැන් බැහැලා                 යනවා
කියලා සෙරෙප්පුව ගෙන ඈ           සොලවනවා

6 comments:

  1. handawata ena basayata naggama
    Kawuruth bahinne banala kondata

    ReplyDelete
  2. කොට්ටාවේ ඉඳන් පුරහල වෙත යන්න

    පැයකුත් තව භාගයක් වැඩියෙන් ගන්න

    බස් සින්දුවෙන් කන් අඩි රත් කර දුන්න

    මට සිහි වුණා පෙරදා විඳි දුක් ගොන්න

    ReplyDelete
  3. බස් එකක ගියා වගේම දැනුනා..හරිම ලස්සනට ගලපලා ලියල තියන කියවන්න ආස හිතෙන පද පේලියක්..

    ReplyDelete
  4. උදයේ සවස බස් තුළ වන දේ දකිමී
    කළයුතු දෙයක් නොමැතිව මුනිවත රකිමි
    විද විද මේ දුකම නැවතත් එහිම යමී
    ‍දිනයක ‍මේවා නිමාව්යැයි මම සිතමි

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................