Tuesday, June 26, 2012

සතිය හෙවත් week එක..


පුංචි සන්දියේ
මටත් තිබ්බා
සතියක්
ඉරිදා ඉවර වෙලා
සඳුදා පටන් ගන්න
දැන්
යාන්ත්‍රික වෙච්ච
මට
කොහිද දින සති මාස
එක දිගට 
වැඩ මිසක
නිකම්ම නෙමේ
සම්මා සතියත් නැතුවම
ඉතින්
සත්සතියක් කොහිද ?

10 comments:

  1. මේක කවියක්ද?
    නැත්නම් සිතුවිල්ලක් ද? මල්ලියෙ.

    ReplyDelete
    Replies
    1. සිතුවිල්ලක් මගේ නිසදැස් ආරට පෙරලීමක්. (කවි සිතුවිල්ලක්)

      Delete
  2. මේ දවස් ටිකේ ස්ට්‍රයික් නිසා ගෙදරටම වෙලයි හිටියේ. එතකොට දින සති ගැන ගාණක් තිබුනේ නැහැ. ඒත් අද හවස ස්ට්‍රයික් ඉවර වුණාලු. දැන් ආයිත් දින සති ගැන අවබෝධෙන් ඉන්න වෙනවා.

    ReplyDelete
  3. අපිටත් සතිය අමතක වෙනවා නොවැ

    ReplyDelete
  4. අම්මෝ මේකනම් ඇත්ත.. මටනම් අහම්දාම එකම දිනයක් වගේ වැඩ වැඩ

    ReplyDelete
  5. බාලම කාලේ අපි නොදනියි සති මාස

    පොඩි සංදියේ මුල් දින පහ හරි දිගය

    කොලු කාලේදී සනි ඉරු දින හරි කෙටිය

    වසරක් ගෙවෙන්නේ දැන් නම් සති සේය

    ReplyDelete
  6. ලස්සනයි......යාළු....

    ReplyDelete
  7. සිකුරාදට හරි කැමතියි

    සෙනසුරාද වඩා හොඳයි

    ඉරිදත් වරදක් නැතුවට
    සඳුදා නම් වස නරකයි

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................