Wednesday, June 20, 2012

කන උන්දෑ - සාගර පලන්සූරිය


මා දිනූ ගමේ පොඩි කාලේ වෙසෙන ක           ල
මතකයි හොඳට නා ගහ මුල තිබුණ පැ            ල
කවුරුත් දන්න හඳුනන යක්ගැහැලෙ හෙ         ළ
කන උන්දෑය විසුවේ මේ කුටිය තු                    ළ

ඇගෙ ඇස් දෙකම අන්දය එනමුත් පුදු             ම
අඳුනන්නීය ඈ කොස්විනි මුළු ගම                  ම
දුප්පත් නමුත් ඈ කවදාවත් එහෙ                    ම
පහතට නොබැස්සා හිඟමනකට තර                ම

හරකා සතා මගදී හමුවන ඇය                        ට
කාගෙද කියා කිව හැකි නිවැරදි ලෙස            ට
කොපමණ දුරට ඈ හුරුපුරුදු ද ගම                 ට
බල්ලෙක් පවා නුබුරයි කිසිවිට ඇය               ට

ඇය ආ වේලාවට අ‍ප ගෙදරට දොර                ට
ලොකු සතුටක්ය පොඩි දරුවන් වන අප         ට
ඇය ඇතුළත් වුණේ අප කුළුපග බව              ට
කොහොමද කියා මට පැහැදිලි නැත දැන       ට

ඈ හොඳ හොඳ කතා කවි සීපද ද                න්නී
ඒවා රසට පැය ගණනක් පවස                   න්නී
අපගේ විහිළු ගැන වෙනසක් නොතක       න්නී
කන උන්දෑ අපේ මිතුරිය වී උ                    න්නී

            *    *     *     *     *     *      *
කලකට පසුව ඇය විසු පැල්පත පැව              තී
නාගහ මුලට මම ගොස් බැලුවෙමි නැව         තී
පැල තිබු ගෙපළ මත නා කොළ ගොඩ මහ   තී
ඇය මළ බව පවා දන්නෙක් ගම නොමැ       තී

සාගර පලන්සූරිය

12 comments:

  1. අපූරු කවි ටිකක් පලන්සුරියයන්ගේ

    ReplyDelete
  2. බලන්න කවි පද වැලකින් ගමේ එක් පැතිකඩක් මවලා තියෙන අපුරුව ස්තුතී බෙදා හදා ගත්තට

    එපවත ලක්තලේ මහ කවියන් උන්නී

    ලක්තැල පුවත් රසබර කොටැ ගෙනැදුන්නී

    ඒ පුවත් අසා පාඨක කැල මනලොල්වී

    කවියන්ගෙන් එකැකි සාගර පලන්සුරි................

    ReplyDelete
    Replies
    1. සාගර පලන්සූරිය ලියු කවි ‍රොත්ත
      කියවන විට හිතේ යන්නට ගම් පැත්ත
      කවියෙන් ලියපු ඒ දේවල් හරි සත්ත
      අද මම ඵල කළෙමි කවිමුතුමල් ඉත්ත

      Delete
    2. අන්ධ කාන්තාවක් ගැන නේද

      Delete
  3. සරලයි , සුගුම වෙයි එලෙසම මිහිරි වෙතී

    කොළඹ යුගයෙ කවි ළඟ සිත නතර වෙතී

    සොයයි ලියයි කිසි විට නැහැ අලස ගතී

    ඔබට පුදමි මල්ලියෙ මල් සුවඳ තුතී

    ReplyDelete
    Replies
    1. අධිකය මගේ වැඩකටයුතු මේ කාලේ
      පීඩනය හිතේ නැතිවී ඇත තාලේ
      ඒ පීඩනය නැතිකරගන්නට රාලේ
      නිතරම කරේ දාගන්නෙමි කවි මාලේ

      Delete
  4. "කවි මුතු මල්" දම් ගොතා ඔබ අතින්
    ගෙන බ්ලොග් අඩවිය හෑඩ දමා සෙමින්
    මන් මත් කරනා මුදු වචන මල් සරින්
    සැනහෙන්නම් මිතුරෙ නුඹ බ්ලොගෙන්

    මේ කවි බ්ලොගයෙ දැවටෙන්න මගෙ අදහසේ
    ආ-සංකගෙ කවි කියවන්න මගෙ අදහසේ
    මට පවසන්න බෑ එම කවියෙ විරහවේ
    මගෙ හිත තාම ඒ කවියෙ ‍රැඳිලා තියේ

    හැමදා පැමිණ විපරමින් බලමින්
    හැඟුමට කොමෙන්ට් නුඹෙ බ්ලොගයෙ තබමින්
    හෙමිහිට බ්ලොගය ශෙයා කර ගනිමින්
    මිතුදම පතමි මෙහි කොමෙන්ට් කරමින්

    රුරු රුරුරූරු රු රු රුරුරුරු :)

    ReplyDelete
  5. ඇත්තෙන්ම සුන්දර කොමෙන්ට් එකක්. මේකට මම කොච්චර ඇළුම් කළාද කියතොත් මේ වෙනකොටත් ‍සෑහෙන වතාවක් කියවලා වගේම ඉදිරියටත් කියව කියව ඉඳියි. මේක මම මුලින්ම කවි ටිකක් වගේ දැක්කේ.පසුවයි තේරුණේ සෙන්ටිග්‍රේඩ්ස් නැමති ගීත කණ්ඩායම විසින් ගායනා කරනු ලබන 'රනවන් මල්දම් ගොතා මා අතින්' නැමති ගීතය බව. බොහොම ස්තූතියි. ඉදිරියට සුවිශේෂ වෙනස්කම් ටිකක් වෙයි කවිමුතුමල් වල.

    ReplyDelete
    Replies
    1. ඒක මුලින්ම ලිව්වෙ ඇඩ්මින් Bindi කියල හිතලයි, පස්සෙ අසංක කියල දැනගත්තාම ටිකක් වෙනස් කළා.

      http://www.youtube.com/watch?v=A5-oqvw6Lzc

      Delete
  6. Can someone bring full verses of Ugathkama by keyas. It is so sarcastic...I am searching for it...or eles where should I search for it?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඉල්ලීම ඉටුකළා. පළකළා. https://kavimuthumal.blogspot.com/2021/06/blog-post_87.html

      Delete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................