Sunday, October 16, 2011

ටයි මාමා

[නිකමට ලියු පදවැල් අතර පලකල මගේ ම කවියක් මා විසින් ම මෙහි ද පල කෙරුණි]

නොයෙකුත්  භූමිකම්පා සුළි සුළං ගැන
ගිනිගත්  සටන් හා මහ අවපාත එන 
දහසක් පුවත් අතරේ තිස්සෙම ඇසෙන
රහසක් කියා ඔහු නික්මී ගොස් තිබිණ

රේඛාවකින්  ඇරඹුණු දිගු ගමන් පෙත 
පළලින් උසින් පැතිරී ඇත සතර අත
මහ බරපතල් මුහුණක ගන රැවුල් කෙත
මුදු ලෙස පිපුණු සිනහව තව මතක ඇත

කැලේ  මැදින් දුවගෙන ආ හරි හාවා
වීනාවක්‌ වයා දුක් ගීයක් ගැයුවා
පිස්සු වුනත් පූසන් බක්කිය ගාවා
අපේ ඇසින් කඳුලක් හොරකම් කෙරුවා

දොස්තර හොඳ හිතේ ඉන්නේ කොහෙද ඔහේ
සතුනුත් හඬා වැලපෙන හඬ ඔහුට ඇහේ
මැරියන් රොබින් හඳයා පිට නැගී ඔහේ
ඔෂිනු ත් එක්ක මල ගෙදරට එනව මෙහේ

පෝලිම දිගට තව අය බොහොමත් ඇතිය
හිත්වල ඇදෙන රිය පෙරහැර බොහො දිගය
ඔබ දැඩි කල දුවා දරුවන් අපමණය
වියපත් වුනත් ඒ සිත් තව ඔබ ළඟය

සිංහල චිත්‍රපටියේ සිඳ පෙකනිවැල
සිනමාවක් ළමුන් හට දායාද කල
අද හරකුන් මඬින රූ වාහිනී වල
තවමත් දිලෙන තරු පෙළ ඔබ එලිය කල

පොඩි හිත් ඔබ තැනු මතු ලොව දිනන්නට

ලොකු හිත් වී දිනා ඇත ලොව හතර වට
සිනහව සමග බුද්ධිය ඇතිනම් අපට
සැකසුම අදියුරුව හිමි විය යුතු ඔබට

10 comments:

  1. ටයි මාමා ගැන කවි ලියන්නට කට්ටිය පොරකන්න ඉඩ ඇති බැවින් මේක කලින් ම දා ගන්න ලැබීම භාග්‍යයක්. මේ මනුස්සයා ගැන කවි කොච්චර ලියවුනත් කමක් නැහැ. මගේ පෝස්ට් එක උඩින ඕන තරම් පෝස්ට් දාන්න, ලියන්න හිතන් හිටිය නම මං ලියු නිසා නවත්තන්න එපා.

    ReplyDelete
  2. මා ඇතුළු මගේ පරපුරේ දහස් ගණනකගේ පැටි විය ආලෝක කළ, සිංහල බස වහරන සුවහසක් වෙනුවෙන් නොරට හොඳදේ ස්වදේශී කරණය කරන්නට පුරෝගාමී වූ ටයිටස් තොටවත්තයන්ට, ආදරණීය ටයි මාමාට සුභ ගමන්...!!! රොබින්හුඩ් ගේ සිට මායා බන්ධනහි ආෂ්කා දක්වා ඔබ මැවූ සියළු චරිත නාමයෙන්... !!!

    ReplyDelete
  3. @ Sujeewa Kokawala

    Thank you for publishing this post. I also join you in wishing Mr. Totawatte the great bliss of Nibbana.

    ReplyDelete
  4. මං ගාව පොඩි කාලේ "හිම කුමාරි" කියල පොතක් තිබුණෘ.හරි ලස්සන සරල පොතක්.එහි කතු වෙනෙකෙක් නොවේ ටයිටස් තොටවත්තයන් .ඔහුගේ බස් වහර ළමයින්ටම උරුම වුණූ එකක් කියලයි මට හිතෙන්නේ.
    කොහොම වුණත් තවත් සුවිශේෂී කලා කරුවෙකු දැයෙන් සමුගැනීම නම් අපට ඉමහත් පාඩුවක්.මට ආඩම්භර වීමට තවත් කරුණක් තමයි ඔහු ආදී ආනන්දියෙකු වීම.

    මේ ඔහු ගැන ආනන්ද ව්දුහලේ ව්දුහල්පති පසුගිය ඉරිදා දිවයින පුවත්පතට කියු දෙයකි.
    "ටයිටස්‌ තොටවත්ත වැනි යුග පුරුෂයන්, කලාකරුවන් මේ ලක්‌ දෙරණ මත තව තවත් බිහිවිය යුතුයි. ආනන්ද විද්‍යාලයෙන් බිහිවූ කීර්තිමත් සිනමාකරුවකු වන ටයිටස්‌ තොටවත්ත මහතා තම පාසලේදීම උපහාර ලැබීම සුවිශේෂී අවස්‌ථාවක්‌. අපේ රටේ වාසනාවට උපන් ඔහු ළමා ලෝකයේ මිත්‍රයකු වුණා. වරක්‌ ටයි මහත්තයා "මා රටට දුන් යමක්‌ වීද, ඒ ආනන්දය මට ලබාදුන් දේය" කියා ප්‍රකාශ කළා. එම ප්‍රකාශයෙන් ටයි මහත්තයාගේ නිහතමානී බවත්, ආනන්ද විද්‍යාලයේ සුවිශේෂී බවත් රටට පැහැදිලි වුණා. තමන් ගැන නොසිතා රට ගැන සිතන මෙවන් කලාකරුවන් රටට ණය නැහැ. සිංහල සිනමාවේ බිහිවූ අපූර්වත්වයෙන් පිරි සොඳුරු කැරලිකරුවකු ලෙස ටයිටස්‌ තොටවත්තයන්ව හැඳින්විය හැකියි."

    ‍ටයිටස් තොටවත්තයන්ගේ කලා ගමන ගැන මෙලෙසින් කියා නිම කළ නොහැකි තරම්ය.සුවිශේෂී කලා කරුවෙනි ඔබට නිවන් සුව!

    “ඤාව් ඤාව් ආව් ආව්
    සූට් බූට් දිග කලිසම්
    රෝල්ස් රොයිස් ගමන් බිමන්
    අද මැදුරේ - හෙට පැදුරේ
    පිස්සු පූසා මූ
    පිස්සා මූ - පිස්සා මූ
    පිස්සු පූසා මූ”

    ආ . . . සුජීව අයියගේ කවි ගැන කියන්නත් බැරිවුණා.හරිම අර්ථවත් අලංකාරවත් පැදි පෙළක්.ගොඩ කාලෙකින් සුජීව අයියා කවි ටිකක් දැම්මේ(විභාග කටයුතු අතරේ)ස්තූතියි අයියේ.........

    ReplyDelete
  5. සුජීව මේක දැම්ම එක හොඳයි . ටයි මාමා ගැන කියන්න ගොඩක් දේ තියෙනවා . මන් වැඩිය ටි වී බලපු ළමයෙක් නොවුනට . ඔහුට නිවන් සුව ලැබේවා

    ReplyDelete
  6. අපේ ඇසින් කඳුලක් හොරකම් කෙරුවා...ඇත්තමයි සුජීව.

    ටයි මාමේ..ඔබට නිවන් සුව.

    ReplyDelete
  7. කියන්න වදන් නැ

    ReplyDelete
  8. ටයි මාමේ..ඔබට නිවන් සුව.

    ReplyDelete
  9. ***ආදරණීය "ටයි මාමේ" ඔබට නිවන් සුව!!!***

    ReplyDelete
  10. ස්තුතියි හැමදෙනාටම. මේ ශ්‍රේෂ්ට මනුස්සයා වෙනුවෙන් කඳුලක් නොනගුනු ඇහැක් හොයන්න අමාරු වෙයි.

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................