Sunday, July 26, 2015

රුචිය

කියනවා සමහරු
අඹයක්ලු ආද‍රේ..
ඒත් කනකං විතරලු
රස ඒකේ....
කියනවා සමහරු
ටොපියක්ලු ආදරේ..
ඒත් කනකං විතරලු
රස ඒකේ....

ආදරේ රස
නිමාවෙනවද
ඉක්මණට එච්චර....

හිතෙන්නැද්ද
නිකමටවත්..

ආදරේ කොත්තුවක්....
දවස් ගාණක්
බඩ රිදෙන...

ආදරේ කොච්චි කරලක්...
ඉහිං කනිං
දුම් දමන......

8 comments:

  1. හුඟක් කාලෙකින් නේද මල්ලි ..

    ReplyDelete
  2. හ්ම්..........කාලෙකින්. ඒ රිදවීම ජීවිතේ තියෙන තුරුම තමා ඉතින්.

    ReplyDelete
  3. මම කැමතියි ආදරේ ඇට මිදුළු කාගෙන යන සීතලක් වෙනවනම්...ජිවිතේ රස්නේ දවස් වලට මතක්කර කර සැනහෙන්න...නැළවෙන්න ....

    ReplyDelete
  4. ආදරය ලොකුවටම ගූ ගොඩකි
    අන්ධයෙක්ගේ සුපිරි සිතුවමකි
    ගොලුවකුගේ සුපිරි කවියකි
    කියන්නට වදන් නැත වදන්නට කෙනෙක් නැත ithuru tika http://maheshslife-multiaxial.blogspot.com/2012/06/18_25.html

    ReplyDelete
  5. හොඳ කවි බ්ලොගයක්. ආයෙත් මේ පැත්තේ එන්නම්.

    ReplyDelete
  6. රහ බේරෙන, සැර දැනෙන නිර්මාණයක්.

    ජයවේවා!!!

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................