Sunday, May 19, 2013


ගතු නොකියමි බමරිඳුනි....






සඳ ඇති රැයෙක
පිපුණු
කඩුපුල් මලක
රොන් රස විඳින
බමරෙක්මි...



පෙති කඩා හල මල
හඬද්දි දුකින්
විඳි රස රැගෙන
ඉගිලුනා සැණෙන
ඉසිඹුවක් ලදින්
වෙන මලක් වෙතට...

කඩුපුලේ රැඳුනු
රොන් වලින් මත්ව
ඒ මලේ පෙතිද
කඩා හල විටක
හැඬුවෙ නැහැ එමල
නෙතේ රැඳි කඳුල
සැඟවුවා විගස..

3 comments:

  1. වජිරා ඔබ මෙතනට කඩුපුල් මල ගත්තේ ඇයිද පැහැදිලි කරනවද?. සද ඇති රැයක වුව කඩුපුල් යනු මධ්‍යම රාත්‍රියට පෙර පරවන මලක්..

    ReplyDelete
  2. කඩුපුල් මල සුදු වාශාල මලක්.රාත්‍රියට රොන් ගන්නා අය වැඩිපුරම ඇදේනේ සුදු මල් වලටයි.ඒ රාත්‍රියට ඒ මල් හොඳින් පෙනෙන නිසා.අනෙක් කාරණය තමයි මේ මල සුවඳිනුත් වැඩියි.ඒ නිසා රොන් උරන්නන් වැඩි ලැදියාවක් පෙන්වනවා මේ මලට.අනෙක් කාරණය තමයි මල ප්‍රමාණයෙන් විශාල වීම.
    මධ්‍යම රාත්‍රියට පරව ගියත් පිපි ඇති කල්හි මනරම් සුවඳ මලක්...

    ReplyDelete
  3. ගීතයක් මතක් වුණා....
    කොතැනක හෝ පිපිලා යළි ඔබට මැ සුවඳ සදන්නම්....

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................