Tuesday, March 5, 2013

නිලුපුල ඔබයි සිත් විල කළඹන නිසල
බිමි කඩ ඔබයි කතරක දිය බිඳු ඉසින
ඉඳුවර දෙනෙත් තුල නිකැලැල් බව සිඹින
සෙනෙහස කොහේ සැඟවි යා දෝ විටෙක

ඉරබටුවකින් අසමින් මග ගෙවා දුර
වළාකඩින් වසමින් හිරු කිරණ මැඩ
නොපෙනෙන තරු පොකුරු මැද හිඳ සිනාවෙන
සිහසුන ඔබයි සෙනෙහේ දිය සතපවන

මාලති මලින් මල්කම් කර කැටයමට
විලිකුන් පඳුරකින් තොරණක් ගසා හැඩ
සියොතුන් ඉගිලයනවිට දසතම පැතිර
ඔබමයි මගේ හදවත දිනු සෙනෙහෙ විල

3 comments:

  1. හරිම ගීතවත් කාව්‍යයක් සුභාෂිණී.

    ReplyDelete
  2. බොහෝ කාලයකට පස්සේ. මට මේක අමතක වෙලානම් නෙමේ තිබුණේ. වේලාව නැතිකම තමයි කොස්සකට හිටියේ. ඉස්සරහටත් එහෙම්මම තමා. ඒත් කොහොමහරි කවියක් දෙකක් දාන එක මගේ යුතුතමක්. වගකීමක්......
    මේක කියවමින් හිටි බොහෝ දෙනෙක් දැනටමත් හැලිලද මන්දා...
    ඒ වගේම ලස්සන සහ මාර අදහසක් තියෙන කවියක් දැම්මට ස්තුතියි සුභාෂිණි අක්කේ.
    එ පාරක් කියවලා තේරුම් ගන්න බැරි වුණ හින්දා අයේ පාරක් කියෙව්වා. ලස්සනයි
    මාත් ලියනවා ආයේ ලඟදිම......

    ReplyDelete
  3. ලියන්න මල්ලි.අපි පුළුවන් විවේක වෙලාවට කොහොම හරි ලියමු

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................