Sunday, January 20, 2013

ආසයි මම නුඹෙ උණුසුම ලඟම රැදෙන්න

සීතල අතරින් පෙරි පෙරි මීදුම් සිරි ගලන වෙලේ
කවුලුව අතරින් ඇවිදින් හිනැහී යන්න
සිහිනෙන්වත් හෙමින් සැරේ නුඹෙ දෙනුවන්
තුලම රැඳෙන්න
ගී කියනා කුරුල්ලන්ට රස රහසක් කියාදෙන්න
කුරුල්ලනේ නුඹලා ගී ගයනවා නේද
ආසයි මම ඒ ගීතය අහගෙන ඉන්න...

වළා පෙලින් එහා සඳේ ආවාටය මැද හිඳගෙන
පොළෝ ගැබට බැලුම් හෙලන්න
තරු පොකුරක සැඟවීගෙන
ආයෙත් එක සැරයක්වත් ඇවිදින් යන්න
නුඹේ සුසුම් පොදින් නැහැව
ජීවිත ඟඟ ගලාන යන්න
ආසයි මම එකම වරක් ඔබව දකින්න...

දුරුතුමහේ සීතල මැද කිටි කිටියේ දෑත් බැඳන්
ඔබත් එක්ක මල් පාරේ ඇවිදන් යන්න
නිසල විලට වැටි මල්වල සුවඳ රදන්න
ඒ විල මැද මානෙල් මල විලස හිඳින්න
සීතල උදයක සුපිපුණු නුඹෙ කම්මුල් දෙක අතරින්
එකම වරක් තොල් පෙති මත තිලක තියන්න
ආසයි මම නුඹෙ උණුසුම ලඟම රැදෙන්න

2 comments:

  1. හරිම ලස්සනයි. බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නෙ. ස්තූතියි! කවිමුතු මල් එළිය කලාට.

    ReplyDelete
    Replies
    1. අනේ මම නැති කාලෙ අක්කි බ්ලොග් එක වෙනස් කරලා........මම ඉල්ලපු විදියෙ කවි ගොඩක් ලියලා...හෙමිහිට ඔක්කොම බලන්නම්...

      අද එකනම් හරිම ලස්සනයි....

      Delete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................