Tuesday, December 18, 2012

අහිමි බව









                         ඉරගල වැටුන විට මහ කන්දෙන් එපිට
                         තෝපා වැවේ වැව් දිය සිඳුනි අකලට

                         යලට වැපිරු කුඹරේ පැල රකින්නට
                         හැකිවෙද හෙටත් රෑ පැල් කවි කියන්නට

                         බිම්මල් පිපි හිනැහීගෙන බලාඋනි
                         කණමැදිරියන් කෑ ගසමින් රෑන් උනි
                         කළුවර මැදින් නුඹ ඇවිදින් සිනාසුණි
                         සිනහ වෙන්න නම් මට අමතකම වුණි


                         සිපද රාවයක් සවනත වැකෙන කොට
                         එගොඩහ ගොඩේ පන්දම් එළි ඇඳෙන කොට
                         මී මැසි කැලත විත් ගෙයි මැසි බඳින කල
                         නොසිතුව එකයි පුදුමය නුඹ අහිමි බව.

2 comments:

  1. ගම්මානෙක සිරිය මවනා කවි පෙළක් , බොහොම ආදණීයයි කියල හිතුන.

    ReplyDelete
  2. නොසිතුව එකයි පුදුමය නුඹ අහිමි බව....
    හරිම දැනෙන සුළු පැදි පෙළක්..

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................