Friday, December 14, 2012

සිනා සපිරි මුව මඩලට කවදා සෙනෙහස ගෙනෙයිද

වැව් දියමත වැහි දිය කඳ
හෙළුවට දිය දෙබෑ වෙයිද
මද පවනට මහ ගස් වල
කඳ දෙපළුව බිම වැටෙයිද

පිපි මල්වල බමර තුඩග
රැඳි රැඳි රොන් රස උරයිද
මලේ සුවඳ නැතුවත් වන
බමරුන් විත් මල රඳයිද

කරදිය මුසු සිහිල් සුළං
ගතෙහි විඩා නිවා යයිද
හිරු බැස යන සැන්දෑවක
ඔබෙ මතකය නැවුම් වෙයිද

විහිළුවකට රතුවුණු ඇස්
අග කඳුළක් විත් රඳයිද
සිනා සපිරි මුව මඩලට
කවදා සෙනෙහස ගෙනෙයිද

කවිමුතුමල් facebook පිටුවේ සුභාෂිණි ගුණවර්ධන කිවිඳිය විසින් අකුරු අමුණා කළ සිත්තමකි මේ blog පිටුවේ පළ කෙරුණේ.

7 comments:

  1. හරිම ලස්සනයි . සිනා සපිරි මුව මඬලට සෙනහස ලඟදීම ලැබේවා! ජයම වේවා! පාළුවෙන්න නොදී කවි පිටුව පිරෙව්වාට පිං!

    ReplyDelete
  2. කොහොමද කවි ඇඩ් කරන්නෙ මේ බ්ලොග් එකට

    ReplyDelete
    Replies
    1. නංගි, අසංක මල්ලිට කියල මේ පිටුවට එක් වෙන්න එතකොට ඔයාට මේකට කවි ලියන්න පුලුවන්. ඔයාට සුබ අනාගතයක් පතනවා සෙනෙහසින්. අසංක පුතා ඔයා විස්තර දෙන්න කො සුභාෂිනීට.

      Delete
    2. මම මුලින්ම සුභාෂිනි කිවිඳියට mail එකක් යවනවා. ඒකේ තමයි කවිමුතුමල්වල invitation එක තියෙන්නේ. ඊටපස්සේ සුභාෂිණි අක්කට පුළුවන් ඒකේ තියෙන link එක හරහා ගිහින් අපේ blog එකේ account එක හදාගන්න. එතනින් පස්සේ සාමාන්‍ය විදියට බ්ලොග් පෝස්ට් දාන ක්‍රමයට පුළුවන් කවි පළ කරන්න.ඒක ගැනත් දැනගන්න ඕනේනම් ආයෙත් කියන්න.

      Delete
  3. අපූරුයි! ජය

    ReplyDelete
  4. ගොඩක් ස්තුතියි අසංක මල්ලි,ඒ වගේම චන්දි

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................