Thursday, July 12, 2012

නිවනු මැන අපෙ දුක

සුදු මහත්තයා ඇවිදින්
නෙක තෑගි බෝග සමගින්
නොරිසුම් බැලුම් එපා
මඟ හැර යන්න එපා

වැල් ඇඳටම සින්නවෙලා
ලෙඩ ගානේ ඉන්න අම්මා
පොඩියකට මතක් කරපන්
ඇගෙ බෙහෙත් ගැනත් හිතපන්

හරිහමන් කුලිය මලියක්
කරගන්න බැරිව සටනක්
මං ගැනත් ටිකක් හිතපන්
හිත හදාගන්න බලපන්

දීගේ ඇරුණු නංගී
ඈ පුතා සමග හැංගී
ඒ ගැන නොකරනු සද්ද
සිත බිය නොමගෙන වද්ද

සැන්දෑවේ වැහි අඳුරූ
හිල්වුන වහලේ සිදුරූ
ගෙන එන පෙර නිමිති
කල්පනා කරණු දෝනී

කොට බෙල්ල තිබෙන මූණ
දළ රැවුල ‍‍ලොකුම බඩද
නොසිතා පිට රූප
හදවත ගැන සිතපන්

මල් පීරිසි කුට්ටමට
ඉඟුරු රසැති කහට
නුඹෙ දෝතින් පිළිගන්නා
පුරුදු සිනා පාපන්

මඩේ පිපුන නෙළුම
මගෙ හැඩකාරිගෙ වරුණ
රත්තරනේ බහක දියන්
අප සැමගේ දුකම නිවන්

9 comments:

  1. අපූරුයි!!!

    ReplyDelete
  2. කියෙව්වෙමි වතාවකට වඩා වරක්
    අමුතුම කතාවක් කිව්ව හින්දා කවිය
    වෙනස්ම වෙච්ච පද පේළි
    තවත් පාරක් හිතන්න කියලා හිත කිව්වා
    නිකම්ම නෙමේ අළුත් සොයාගැනීමක් වගේ
    පර්යේෂණයක්ද මන්දා මේ කවියත්
    හරිම සුන්දරව ගළපපු පද වලට
    බැලුවාම අපූරුව
    ලස්සන වෙනසක්.....

    ReplyDelete
  3. ෂාඃ.... මම කලින් මෙතනට ඇවිත් නෑනෙ. හුගක් සාර්ථක කවියක් - අපූරු රිද්මයනුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හැකි හැම විට සැරිසරන්න
      ඔබෙ අදහස් පළ කරන්න
      ස්තූතියි

      Delete
  4. v can understand her kindly heart . her writing ability is prefect. i v like her thinking ....go ahed

    ReplyDelete
  5. කවි පෙළම රසවත්.

    දිගටම ලියන්නට
    ලොවම දිනන්නට
    සුභම සුභ අනාගතයකට
    ආසිරි පතන්නෙමි...

    ReplyDelete
  6. ‍බොහොම ස්තූතියි එරන්ද.

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................