Thursday, July 5, 2012

අයියනායක - විමලරත්න කුමාරගම



සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො  ණේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙ‍              ණේ
මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ               නේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ    නේ

බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව                 ල
මේ සන්හි‍‍‍ඳේ එළියක් ඇත සවස් ක                 ල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක                   ළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව         ල

වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර          ත
ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ               ත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ ම                  ත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ            ත

දෙවි දේවතාවුන් සැරි සරන මහ ව                නේ
පවතින  බලය ඇඟ ලොම් කුඩකටද දැ          නේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු        ණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු          ණේ

සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී                         ම
කෙම්වර දවස්වල පානින් සැරසී                       ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී                      ම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී      ම

සාගත වසංගත හා එන නියඟ                    වලින්
සහනය පතා වන දෙවියන් ළඟට           කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ                 මලින්
පෙළෙඹෙන අයට අනුකම්පා කරමි          මුලින්

ගංගොඩ ව‍ටා මෝරන වන ලැහැබ            මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු                 වන
බලවත් අය්යනායක, දෙන ගොදුරු          ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු           තැන

පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින            තැන
මීමුන් මදින් මත්වී අං මදින                     තැන
වැව්වල මිනී කන කිඹුලන් ගැනද              දැන
මේ අය රකිනු මැන යන එන සියලු          තැන

මා පිල් පිඹුරු නයි පො‍ළඟුන් සිටින         තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන      තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින              ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු                මැන

21 comments:

  1. මේක ඉස්සර සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍යය පොත්තිබුනා ,හරිම ලස්සන කවිපෙලක් තමා

    ReplyDelete
  2. අමතක වෙලා යන කවි මේ විදිහට සයිබර්ගත කරන එක වටිනවා :)

    ReplyDelete
  3. කොළඹ යුගයේ දාර්ශනික කවියා විදියට සලකන්නේ කුමාරගම කවියා නේ. අපූරු සටහනක්!

    ReplyDelete
  4. ''මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම''
    බොහොමයක් දේවල් විවේචනයෙන් වලකින්න මට මේ කවි පදය උදව් වුනා ජීවිතේටම .

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මටත් ඒ අත්දැකීම සමීපයි .

      Delete
  5. මේව අමතක නොවී තියන්න කරන උත්සාහය හරිම වටිනවා මල්ලියේ. කොච්චර වටිනා අදහස්ද?''මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම''

    ReplyDelete
  6. aththatama gadak watina deyak oya karala thiyenne

    ReplyDelete
    Replies
    1. හ්ම් මමත් ආසයි මේ කවි පංතියට

      Delete
  7. මම අවුරුදු ගානක් මේක හෙව්ව.... බොහොම පිං

    ReplyDelete
  8. ස්තුතියි. මේක කියවන්න ලැබුනේ බොහෝම කාලෙකින්. පද දෙක තුනක් තාමත් මතක තිබුනා. මං හිතන්නේ මේ කවි මම කියවුයේ දැනට අවුරුදු 20 කට විතර කලින්.

    ReplyDelete
  9. අනේ ඔබට පින් අප්‍පේ පුංචිකාලෙ මතකය අවස්සා නැවත ඒ සින්දර අතීතයට ගෙන ගියාට

    ReplyDelete
  10. හරිම ලස්සනයි
    මම මේක කියෙවුවෙ අවුරුදු 25 කට පස්සේ

    ReplyDelete
  11. "මා නොකෙරුවත් නොකලෙමි ගැරහීම"
    මගේ පෞද්ගලික ජීවිතයට ඉතාමත් වැදගත් වුන කියමනක් වුනා.
    මේ කවි පන්තිය පල කිරීම ගැන ස්තුතියි ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. තවත් කියවන්න ආස කරන පැරණි කවි තිබේනම් කියන්න.

      Delete
  12. Very valuable task. I was looking for this since years.
    Good work.

    ReplyDelete
  13. මේ කවි පංතියේ තවත් කවි තිබුනා. ඒවත් දාන්න..
    "දවසින් දවස වනපෙත ගං ගොඩෙහි හැපේ.."
    ඉතුරු පේලි මතක නෑ..

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................