Monday, July 2, 2012

පුංචි කවි පද මෙන්න ගෙතුණා

නැග එන ඇසල     සඳ
ඉමිහිරි කවිරසය     විඳ
මේ කවි ලියන           ලද
ජූනි තිස්වනදාය දින    අද

නව රස පිරේ    වා
අදහස් සඵල    වේවා
කවි මුතු     දිනේවා
පිපෙන සුව`දැති මල්ම     වේවා

ආරාධනා    ලැබුණා
කවක් ලියනට    හිතුණා
අලසකම    මැකුණා
පුංචි කවි පද මෙන්න     ගෙතුණා

සයිබරයෙ    වෙසුමට
නවමු දැකුමන්    ලැබුමට
බ්ලොග් කවී    ගෙතීමට
සිතක් සිතිලා මෙන්න අද    මට

කවි පද    ලියන්නම්
කවි මුතු මල්    බලන්නම්
අඩවියේ    ඉන්නම්
හැකි සෑම විට     සැරිසරන්නම්

බ්ලොග් අඩවියෙන්    දෙන
අමුතුය අමුතු දේ    වෙන
මුතු ඇට ඇමුණූ    මෙන
එකතුවේවා අඩවියට    ජන

ඔබේ ආරාධනා ලැබ අඩවිය ගැන        සිතුවේ
තනුජා අයගමයි මේ පදවැල්        ගෙතුවේ

9 comments:

  1. ඔබේ කෙටි කවි වෙත

    ඇදුනි විගසින් මානෙත

    ReplyDelete
    Replies
    1. දිගට කියවන්න

      එවිට හැකි වෙයි හඳුනගන්න

      Delete
  2. අම්ම, පා..... ඇත්තට

    පංකාදුය ඔබේ කවිපද

    ගෙතුනොත් තවත් එලේසට

    බ්ලොග් ලොව වෙතේ තව රස......

    ReplyDelete
    Replies
    1. සංවේදනා හඳුනා කවි පද ගොතමු
      කවිරස නොමැකෙනා බව හැම විට සිතමු

      Delete
  3. ආරාධනාව පිළිගෙන කවිමුතුමල් වෙත පැමිණි ඔබව පිළිගන්නේ හිත පිරුණු සන්තෝශයෙන්..ඊටත් වඩා සතුටු විය යුත්තේ ඔබ වැනි විශිෂ්ඨ ලේඛිකාවක් අප හා සම්බන්ධ වීමයි.මේ වන විටත් ළමා පොත් කිහිපයක්ම ඵල වීම ඔබේ ඒ හැකියාව නියමාකාරයෙන් කියා පානවා.මේ වන විටත් අප සතු සුවිශේෂි කවි කිවිඳියන් අතරේ තවත් වෙනස්ම විදියට කවි ලිවීමට ඔබට හැකි වේවා..ජය

    ReplyDelete
  4. කොතරම් ලීවත් මමත් කවිපද
    ඇසවෙත ගැටුනොත් නැවතී බලමි කවිපද
    ආවා දැකගන්න නුඹගේ කවිපද
    ආයෙ ආයෙමත් එනවා බලන්න කවිපද

    මමත් අදමයි මේ පැත්තෙ ආවෙ..ආයෙමත් එන්නම්කෝ..මම ලියපු කවිය නම් ලස්සන නෑ.

    ReplyDelete
  5. බ්ලොගයට ආවෙමි
    කවි රස වින්දෙමි
    බ්ලොග් කෙරුවාවට ආසාවෙමි
    ඉතිං... මමද බ්ලොග්කරුවකු වුනෙමි

    මගේ කවි පද ගැලපීම් නම් එච්චර හොඳ මදි. මොකද මට කවි මුතු මලේ කවියන්ට වඩා ලස්සනට කවි ලියන්න හැකියාවක් නැති නිසා. දිගින් දිගටම කවි ලියන්න. ඔබලාට ජය පතමි.

    ReplyDelete
  6. කවිපද ටික හරිම ලස්සනයි
    එයින් මිදී යන්නට නොසිතෙයි
    තවත් කවියට පෙම් බඳින්නයි
    සෙනෙහසින් ආසිරි! ඔබටමයි

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................