Monday, July 16, 2012

12ක් බැලුවෙමි......


12ද බැලුවෙමි
හිතින් විඳ විඳ...
අපූරුය වදන් වැල්
ශාලාව පිරී ඉතිරි ගිය
මීයට පිඹිනු වැනි විටෙක,
සිනහවද විටෙක,
අවසාන පේළියේ බැල්කනිය මත
පුටු ඇන්ද රත් කළෙමි
පැය දෙකක් එක දිගට
කවදාවත්ම නැතිව....
එක දිගට
අපූරුව
අවසනද ඉටු විය
දුක්මුසුව...
ඉතිරි කොට හිතන්නට
බස් නැතුව
ලතවෙනකොට
පයින් ගාටනකොට
කිසි ගාණක් නැතුව
මම නැවත බැලුවෙමි
12ක් හිතින්......

2 comments:

  1. 12 බලපු රඟ තේරුනේ බස් නැතුව
    නැවතුමේ ලතවෙනකොට....

    ReplyDelete
    Replies
    1. දන්නවද නුඹ
      වුණු වග මට
      හයිලෙවල් සිට
      ජුබිලිකණුවට
      පයින්ම යනකොට
      12 රිපිට් කෙරුවෙමි මම
      12ක් 12ක්
      හිතුවෙමි නැවත ...
      ගෙදරට යනකොට
      ළඟයි 12ට.

      Delete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................