සුදු වැලි මිදුලේ කොලපත මත හිඳ
තක්කිත තරිකිත රවුම් ගසන්නට
පොල් පිති ගොන් වස්සා උඩ නැගලා
අයියට කියලා කාර් පදින්නට
ආසයි මට තාමත්
නංගියෙ ආසයි මට තාමත්
පාට සරුංගල් ඈත යවන්නට
කුරුම්බැට්ටි මැෂිමේ හැඩ දමලා
ඔළිඳ මදටියා බොත්තම් අල්ලාලා
පාට ගවුම් පොඩි ඇඳුම් මසන්නට
ආසයි මට තාමත්
මල්ලියෙ ආසයි මට තාමත්
සීතල පින්නේ මුතු පාවඩ මත
චක්ගුඩු චක්ගුඩු චක්ගුඩු කියලා
ලන්ද එහා කෙළවරට දුවන්නට
බෝවිටියා දං දෙතොල් තෙමන්නට
ආසයි මට තාමත්
නංගියෙ ආසයි මට තාමත්
දොළ පාරේ ගල් තලාව මත හිඳ
දණ්ඩි පැටව් උඩ පනිනු බලන්නට
පුංචි දෙපා පොඩි සිසිල් කරන්නට
රබර් පියලි පොඩි බඹර තනන්නට
ආසයි මට තාමත්
මල්ලියෙ ආසයි මට තාමත්
කෝම්පිට්ටු බත් ඉදිලා හරිම රසයි
බිත්තර හොදි හදලා හනි හනිකට
නෙළුම් කොලේකට බෙදලා දෙන්නට
එක්කන් යන්නට පුංචිම කාලෙට
ආසයි මට තාමත්
නංගියෙ ආසයි මට තාමත්
යකඩො මේ සෙරොම අපි පොඩිකාලේ කොරපු සෙල්ලම් නේ බොලන්ලා...
ReplyDeleteචීනෙන් මාමල හදලා පටවන
ReplyDeleteපාට පාට නෙක අයුරින් හැඩවුන
කැරකෙන දුවයන ඉගිලෙන හඬදෙන
සෙල්ලම් බඩු පේමන්ට් වල තැන තැන
..හැබැයි මොන සෙල්ලම් බඩු තිබුනත් අදත් ළමයෙක් පරිසරයට ගෙනිච්චොත් එයාල රස විඳිනවා . අපේ දෙන්නම එහෙමයි .
සොඳුරු දසුන් මවන කවි !
ReplyDeleteචන්දී අක්කගේ කවි දිගේ ගිහින් මමත් කුරුම්බැට්ටි මැෂිමක් හදලා ඇදුමකුත් මැහුවා හිතෙන් !!
ReplyDelete@ රාජ්;
ReplyDeleteබොහොම ස්තූතියි! රාජ්.
@ බින්දි,
ReplyDeleteඒක ඇත්ත නංගි , දරුවන්ව පරිසරයට අරන් යන්න ඕනෙ. එයාල අපිට වඩා එහෙම ඉන්න ආසයි. දැන් අම්මලාට එහෙම වත් ගෙනියන්න වෙලාවක් නෑ. ස්තූතියි! නංගි ඇවිත් ගියාට.
@ රසික;
ReplyDeleteස්තූතියි! රසික මල්ලී. සාදරෙන් පිලිගන්නවා ඔයාව.
@ Chandy VIC;
ReplyDeleteම්.... එහෙම නම් කොච්චර හොඳද නංගී, අපිට ඒ කාලෙට යන්න බැරිකමක් නෑ හිතෙන්. ස්තූතියි! ලංකාවට එන්න ලඟද?
"මට දෙන්න මගේ පුංචි කලේ" මට දෙන්න මගේ පුංචි කලේ
ReplyDeleteජීවිතයේ සමහර දේවල් තියන තමන් ලඟ මොනා තිබ්බත්/මොනවා දීලවත් ගන්න බැරි! ළමා කාලයත් අන්න ඒ වගේ තමා!කරන්න පුලුවන් එකම දේ ඇස් වහගෙන ඒ ලෝකෙ මවා ගන්න උත්සහ කරන එක විතරයි~
ReplyDelete2012 වසර නංගිලා, මල්ලිලා, දුවල සහ පුතාල හැමටම වාසනාව සම්පත පිරුණු නිදුක් නිරෝගී සුවයෙන් පිරුණු වසරක් වේවා!
ReplyDelete