Monday, August 13, 2012

ඇය


මගෙ එළිසමය රැකගන්නට බැරිව           ගියා
මුළු හදමඬල මොහොතෙන් ගල්වෙලා    ගියා
හිරිවැටි ගතම සසලව වෙවුලුවා               කියා
අද දින උදෑසන නැවතත් දුටුවා                 එයා

සසරේ සුපුරුදුම සෙවණැල්ලකින්           සැදී
මා තව එතනමුත් නෙත් දෙක ගියා           ඇදී
අංකුර පෙමක රැල්ලක් හදවතේ               වැදී
ඇය රුව වනනු රිසි වුව උපමාද                 මදී

ඇගෙ නිල් වරලසට යට විය මොනර      නිල
සුසිනිඳු දෙකම්මුල් නිසසල හංස              විල
ගිනියම් හිරුගෙ රත්පැහැ ගත් ඇගේ    තොල
මැණීට පින හිමිය මෙලොවට ජාත          කළ

නිශ්චල ගැඹුරු දිය කතරක් වැනි             දෑස
සුළඟද කිති කැවෙයි ඇයගෙන් ලැබ    පහස
ඇගේ සුවඳටයි මම මුළු ලෝකෙන්        ආස
ඇය නැති දාට සඳ මඬලත් නෑ              අහස

ඇය යන විටදි වනමල් ඈ දෙසට          හැරේ
විහඟුන් කිචිබිචිය නවතින             අතරතුරේ
ඈ ගිය විටදි හිරු බැස මෙනි           අවරගිරේ
එවිටයි සිහිවුණේ තවමත් යතුර          දොරේ

දුටුවම හිමිදිරියෙ මට දවසම                 සරිය‍
පුරවන්නට වීය හිත තුළ පෙම්              කවිය
ඇය හා කතා කරනට රිසි වුව               බැරිය
ඒ කිම මෙමා තුළ නැත තවමත්            ජවය

ළඟකදි මුණ ගැසුණු මිතුරෙකු මෙමා       හට
ඔය බව කීවේ උමතුවකිනි විටින්             විට
මට සිත් වීය එය කවියෙන්            ලියන්නට
පෑනක් රැගෙන කටු ගෑවෙමි පොතක       පිට

14 comments:

  1. මගෙත් මුළු හදමඬලම මොහොතෙන් ගල්වෙලා ගියා කවිය දැකල.!!.niyamai machan...patta ...!!!!

    ReplyDelete
  2. :) ලස්සනයි යාළු :)

    ReplyDelete
  3. අතීතයේ පටන්ම කවියො වැඩියෙන්ම වර්ණනා කලේ කාන්තාව. මොකද ඇය ඕනෙම වස්තු බීජයකට උපමා කරන්න පුලුවන්.

    මේ කවි ටිකත් ඒවගේ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ඒකනම් 100%ක් ඇත්ත. ඒක කොහොම වෙනවද දන්නේනම් නෑ. හැබැයි හැම එකටම ගැළපෙනවා.ස්තූතියි රත්නායක

      Delete
  4. Replies
    1. ස්තූතියි චතුර සහෝදරයා

      Delete
  5. හරිම ලස්සනයි කවි පෙල අසංක පුතා . හැබැයි මේ වගේ අයට රැවටෙන්නෙ බලාගෙනයි කියල මිතුරාට කීවොත් හොඳයි නේද? හා හා හා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හි හි මම කියන්නම්. මම කියන්නම්. :D

      Delete
  6. කොළ කඩලා මොටද ගස අඳුනන විටදි
    වයසේ වරද''මිතුරා'' නම් නැහැ වැරදි

    ReplyDelete
    Replies
    1. ගස අඳුනනවාද එහෙනම් මම වැරදි
      ඊළඟ කවිය කියවනු මැන දෙමි ළඟදි

      ඇය 2 නමින් තවත් කවි පෙළක් ඊයේ පෙරේදා මම ලිව්වා. ඒකත් කියවලා බලන්න. ළඟදිම දාන්නම්..

      Delete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................