Thursday, June 14, 2012

කවිමුතුමල් වලට එතකොට අවුරුද්දයි...


කාලය ගෙවෙයි නොදැනිම සට පට        ගාලා
ලෝකය වෙනස් වෙයි සැම අළුතෙන්    හිතලා
අළුතෙන් හිතන්නට මනසට ඉඩ               දීලා
කවිමුතුමල් එන්න කවි කියවලා            බලලා

අවුරුදු එකයි මාසද දොළහක්               වියැකී
සති පනස් දෙකයි දින තුන්සිය              හැටකී
පැය අටදහස් හත්සිය හැටකින්             කැරකී
කවි මුතු මලට බඹරුන් එකසිය              හතකී

මිනිසුන් විවිධ වේ ලෝකය තුළ              විසුව
සම අදහස් දරයි ටික කලකට                   පසුව
අමුතු අමුතු කවි මේ බ්ලොග                සැරසූව
ඔක්කොම දහයක්ය ඒ කවි පද                ලිව්ව

ස්තූතියි කියන්නට ඇරඹුවොත්                 මම
එහෙම කියන්නට වෙයි මට වෙලේ         හැම
මම දැන් නොකීවත් ඔබලගේ නමයි          ගම
හදවත පුරා තුති පුදදෙමි සුවඳ                  පෙම

දිනකදි බින්දිගේ නෙළුමට කමෙන්ට්          දිදී
ඉන්නා විටදි මේ අදහස සිතට                     වදී
සුජී අයියා දුන් නමකින් හොඳට                හැදී
සතුට පිට කරන්නට මට වචන                    මදී

එක අතකට මේ බ්ලොග බැංකුවක්          වගේ
පරණ කවි රකියි එය නම් හරිම                අගේ
දිගටම එන්න කවිමුතුමල් පාර                 දිගේ
පැතුමක් පුදමි එය පිළිගන්නවද               මගේ

වසරක් ගෙවී මේ බ්ලොග තව අළුත්      කෙරේ
සැමටම හැකියි කවි දැමුමට බ්ලොග      අතරේ
පහළින් දානු මැන ඊ ලිපිනය                  මිතුරේ
එවිට ඔබ මලකි කවිමුතු අතු                   පතරේ

ඔබගේ යෝජනා සහ අදහස්                දෙන්න
අනිවා කරමි මම ඉදිරියටම                    ඔන්න
නැවතත් තුති පුදමි එය දැන්             පිළිගන්න
දිගටම එන්න ලොකු වෙනසක් ඇත     වෙන්න
( ඔබ‍ත් කවි ලියන්න ආසාවෙන්,දැනටත් කවි ලියන හෝ ඉතාම වටින පැරණි කවි සතු අයෙක් නම් අප හා සම්බන්ධ වන්න. කළ යුත්තේ ඔබගේ email එක ලබා දීම පමණි. එය මෙතන පහළින් දැමිය හැකි නම් අගනේය. නැතිනම් එය asankaasiri@gmail.com යන ලිපිනයට එවන්න. එවිට ඔබට එවනු ලබන invitation එක මඟින් අප හා සම්බන්ධ වන්න )

9 comments:

  1. බ්ලොග් බොක්කුව උඩට කවිමුතු මල් ආවා

    කවි දම් වැලින් ඒය හොද හැටි සවි වූවා

    එන යන හැමොටම කවි හොදෑ රසයක් දුන්නා

    මතු හෙට දිනත් කවි මුතු මෙහි බැබ ලේවා.......!

    ReplyDelete
  2. ඉස්සර ඉඳන් එන්නෙමි කවි බලන්නට
    දැන් නම් වෙලා මදි නිතරම රැඳෙන්නට
    අමතක වෙලා නෑ කවි රස විඳින්නට
    පතමි අසිරි කවි මුතු මල් බ්ලොගයට

    ආසිරි, සුජී, බින්දි, චන්දි ඇතුළු සොයුරි සොයුරියන් හැමෝටම ගොඩක් ස්තුතියි, කවි මුතු මල් අවුරුද්දක් අරන් ආවාට ! ඉදිරියටම යමු... ජයෙන් ජය !!!

    ReplyDelete
  3. "කවි මුතු මල් "පළමු වර්ෂ පුර්ණය සදහා අපේ උණුසුම් සුබ පැතුම් ....!!!!!

    ReplyDelete
  4. මගෙනුත් උණුසුම් සුබ පැතුම් ආ

    ReplyDelete
  5. Hithenawa pada dekak gothala yanna
    Lapee atha natiya maage welawata
    Jangama dukagen kavi pada gethuwata
    Kavi raha natiya me singlish kalawata

    Suba pathtm

    ReplyDelete
    Replies
    1. හිතෙනවා පද දෙකක් මෙහි ගොතලා යන්ට
      ලැපේ අත නැතිය මාගේ වෙලාවට
      ජංගම දුකාගෙන් කවිපද ගෙතුවාට
      කවි රහ නැතිය මේ සින්ග්ලිෂ් කලාවට

      Delete
  6. කවි මුතු මල් පිටුවට සුබ පැතුම් . තවත් දිගු කළක් දිනේවා...

    ReplyDelete
  7. වසරක් ගෙවී ගියෙ අපටත් නොදැනීම
    රසවිඳි හැමටත් වේය මේ තුති පිදුම
    සරසපු හැමටද කරනෙමි තුතිපුදදීම
    දිගුකල් දෙනේවා කවිමුතුමල හැමදාම

    ReplyDelete
  8. ඉදිරියටත් එනවා,සුබපැතුම්!!

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................