Saturday, May 26, 2012

කැරපොත්තා


රඹ පැහැ ගැනුණු මුත් රත් පැහැයට                හැරුණු
ඔබ වත දකින විට බිය වෙයි සිත                     පිරුණු
ලොව උන් පිරිසිදුම සතෙකුය මුණ                 ගැසුණු
එනමුත් දකින විට හිරිකිත බව                        දැනුණු

තව එක් දෙයක් මේ ළඟකදි දැන                   ගත්තේ
පරිණාමය නැවතුණි තව පෙර                       තත්තේ
අප මෙන් වුණානම් පරිණාමය                      චිත්තේ
මෙලහට අප නැතිය ඔබ රජෙකුව                ඇත්තේ

හිස ගැලවුණොත් හෙම අනතුරකදී               ඔබගේ
ඉන්නට හැකිය තවදුර සයමසක්                      වගේ
ඉන්පසු නව හිසක් මතු වේ ඔබේ                    ඇ‍‍ඟේ
ඔබ වැනි සතෙක් නෑ මිහිපිට තවම                  අගේ

හදිසියෙ න්‍යෂ්ටික බෝම්බය             හෙළුවෝතින්
මිහිපිට සියළු සතගේ දිවි අහිමි                    වෙමින්
ඔබ පමණකි මේ ලොව තව ඉතුරු               වෙමින්
නැවතත් පරිණාමේ ඇතිවෙයි ඔබෙ              සිතින්

දැන්වත් මිනිසුනේ අපි මේ ගැන                   හිතමු
හිරිකිත කියා බොරුවට පොඩි ‍‍නොකර            ඉමු
හුරතල් සතෙකු ලෙස අපි මූ ඇති                  කරමු
නැතිනම් මූ දිහා බලලා අපි                        හැදෙමු


11 comments:

  1. Replies
    1. අනේ සොරි හො‍‍ඳේ.. (කැරපොතු විශේසඥ Geethanjana©2012)
      ඒක නෙමේ ඔය තව තව අළුත් දේවල් ටිකක් කියල එවන්නකෝ මම කවියෙන් ලියලා දාන්නම්.......

      Delete
  2. ලස්සනයි. කැරපොත්තටත් කව් මරැ මරැ

    ReplyDelete
    Replies
    1. හී හී උන් වඳ වෙල යන්න කලින් ලියන්න එපැයි. තව ඔය ඉන්න ඉන්න හැම සතෙක් ගැනම ලියන්න ඕනේ..

      Delete
  3. මන් කියන්න හැදුවේ යවහන් ගැන සැලකිලිමත් නම් ඒ අකුරින් ඉවර වෙද්දී ඊට පෙර අකුර සමාන වෙන්න ඕන කියල මේ ලඟදි දන ගත්ත . ඔයා ගොඩක් ලියන නිසා ප්‍රයෝජන වත් වෙයි . මටත් ගොඩක් වෙලාවට වරදිනවා .

    උදා . පද හතරම

    අරන්

    කරන්

    දරන්

    තරන් ....හරි


    බලන්, කරන් , වයන් ගයන් ...වැරදියි .

    චතුර ගේ හද පතුල බ්ලොග් එකේ ගොඩක් විස්තර තිබුන .

    කවදත් වගේ අදත් අලුත් දෙයක් හමුවෙලා . අපි නොදකින නොහිතන දේවල් ගැන ලියන ඔබේ හැකියාව අපුරු එකක් . කැරපොත්ත ඔලුව කැඩුවම ආයේ ඔලුවක් එනවද . මන් ඉගෙන ගෙන නැහැනේ එහම එකක් D

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කතාවක්. දැනට ලෝකේ ඉන්න පිරිසිදුම වගේම ඔළුවක් නැතුව මාස 6ක් ජීවත් වෙන්න පුළුවන් සහ නැවත වතාවක් ඔළුවක් එන්නේ ලෝකේන්ම එකම සතාටයි.(දැනට මම දන්න විදියට,වෙන ඉන්නවද දන්නේ නෑ)ඒ තමා කැරපොත්තා......

      අක්කගේ කවියක් දැක්කේ නෑ ගොඩ කාලෙකින්.

      Delete
  4. ලස්සන හුරතල් සතා? :D

    ReplyDelete
  5. අත්තටු දෙකට පණ ඇවිදින් ඉගිලෙද්දි

    ගන්නව ඉලපතක් හොඳ හැටි හයිය ඇති

    වෙල්මුල් වයිකාල් අවසන් මහ යුද්දේ

    ඇරඹෙන්නේය අපේ ගෙයි සාලය මැද්දේ.........

    ReplyDelete
    Replies
    1. වැසි දවසකදී වැස්සට පෙර කොමල පපා
      කැරපොත්තන් පිරී පියඹයි ‍නොමැත දෙපා
      රබර් පටිය ගෙන තැනකින් දෙකට කපා
      උන් හට විදියි ඉස්සර නම් අපේ පපා

      Delete
  6. එල හොඳේ නියම කවිය :ඩ

    ReplyDelete
  7. හ්ම්ම් නියමයි යාළුවා ,,

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................