Wednesday, September 14, 2011

දරු නැළවිල්ල - ඇස් මහින්ද හිමි.


දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල

මුනි සිරිපා සිඹිමින් නේ

සමනොළ ගිරි පෙදෙසින් නේ

මඳ සුළඟයි මේ එන් නේ

මගේ පුතා නිදියෙන් නේ


නිදහස මහ මුහුදක් වේ

එහි උල්පත පුත නුඹ වේ

ඒ බව සිහිකොට මෙලො වේ

යුතුකම් ඉටු කළ යුතු වේ


විජය තුමා තම්මැන් නේ

පිරිවර සෙන් සමඟින් නේ

සිටි හැටි දැන් සිහි වෙන් නේ

මගේ පුතා නැළවෙන් නේ


දෙන දිවි මුත් රට වෙනුවෙ න්

ජාතික දරුවන් ලැබුවෙ න්

මිදී නොයන් සතුරු මුවෙ න්

ලක්මව් විසුවාය සුවෙ න්


තව්සෙකු සේ ඇඳ පැල ඳා

පඬුවස් දෙව් මහ නිරි ඳා

මා කඳුරින් ගොඩබට දා

මඟුලක් වී රට මුළු දා


දෙව්පුර මෙන් දෙවියන් නේ

සිරි ලක්දිව් බබළන් නේ

එහි සක් දෙව් රජු මෙන් නේ

මගේ පුතා ලොකුවෙන් නේ


ලස්සන මෙන් මහ පොළො වේ

අනුරාපුර ඉඳි කෙරු වේ

දොරමඬලේ කුමරිඳු වේ

උඹට පුතේ සුව එළ වේ


ජාතික රණ දෙරණ ම තේ

ගැටී වැටී මළ මොහො තේ

සුන්දර සුරඹුන්ගෙ අ තේ

නැළවෙන බව සිතනු පු තේ


සිරි මහ බෝ සිඹිමින් නේ

මහමෙව්නා පෙදෙසින් නේ

සුළං දැලක් මේ එන් නේ

මුටසිව රජු සිහි වෙන් නේ


ලක් වැසියන් කෙරෙහි නැ මී

අරහත් මහ මිහිඳු හි මී

පෙවුවෙ උතුම් සඳහම් මී

පුත! නුඹටත් පොවෙමි එ මී


ඇස් මහින්ද හිමි.


ජාතික නිදහස උදාකර ගැනීම සඳහා කවිය අවියක් කරගත් ඇස්.මහින්ද හිමියෝ දේශාභිමානය හා ජාත්‍යානුරාගය ලමාවියේ සිටම අප සිත් වල රෝපනය කොට පෝෂණය කිරීම සඳහා ස්වකීය පද්‍ය රචනා උපයෝගී කර ගත්හ. මේ පද්‍ය නිර්මාණයෙහි අභිප්‍රාය වන්නේ ද හෙළ දරුකැළ තුළ සිය දෙස රැස හා සමය පිළිබඳ වාත්සල්‍ය ජනනය කරවීමයි. කවි හිමියෝ ඒ සඳහා දේශාභිමානය සංකල්පය පදනම් කර ගනිති.

සෑම වැඩිහිටියෙකු තුළම ළමයෙකු සැඟවී සිටින බැවින් මෙම නිර්මාණය හුදෙක් ළමයින්ටම පමනක් සීමා නොවී සෑම රසිකයෙකුටම සමීපවී දේශවාත්සල්‍යය ප්‍රබෝධනය කරයි.

පුතුගේ තොටිල්ල සිඹගෙන මදනල හමයි. ඒ මදපවන එන්නේ සමනොළ ගිරි පෙදෙසිනි. මුනි සිරිපා සිඹිමින් එන ඒ මදපවන පූජනීය වේ. තොටිල්ලේ සැතපෙන බිළිඳුට බුදුසරණින් සුවසේ සැතපිය හැකිය.

නිදහස මහ මුහුදකි. පුත නුඹ ඒ මුහුද සඳහා උල්පතය. පුතෙකුගේ වගකීම පිළිබඳව සිහිකොට ඒ ඉටුකිරීම පිළිබඳ යුතුකම තොටිල්ලේදීම එය පුතුට අවධාරනය කරයි.

කවියා විජය කුමරු ගේ ලක්දිවට පැමිණීම පිළිබඳව රසික මනසේ සිතුව්ම් කරයි.

අතීතයේ සිට වරින් වර ලක් මව ගිල ගැනීමට සතුරෝ පැමිණියහ. එහෙත් ඇය සතුරු මුවෙන් මිදී සුවෙන් විසුවේ ඇය රට වෙනුවෙන් ජීවිතය වුවද පරිත්‍යාග කරන දරුවන් ලැබූ නිසාය. ජාතික දරුවන් ජාතික විරුවන් වන්නේ ඒ ජාතික මෙහෙවරෙනි.

ලක්දිව රාජ වංශය තහවුරු වන්නේ පඬුවස් දෙව් රජුගේ පැමිණීමෙනි. ඔහුගේ පැමිණීම මුළු රටට ම මඟුලක් වූයේ එහෙයිනි. කවියා දෙව්පුර මෙන් බබළන සිරිලක් දිවෙහි සක්දෙව් රජ මෙන් පුතා ලොකුවන්නට පැතීමෙන් ළමා සිතෙහි ගොඩ නඟන පෞර්ෂය ඉතා ප්‍රබල ය. මහ පොළවේ සුන්දරත්වය ල්‍රෙස අනුරාධපුරය ඉඳිකෙරුවේ දොරමඬලාව කුමරිඳු නම් වූ පණ්ඩුකාභය කුමරුය. එම චරිතය ළමා මනස අභියෝගශීලී භාවයෙන්ද නිර්මාණශීලී ගුණයෙන්ද සන්නද්ධ කරවන පූර්වාදර්ශයකි.

යුද වැදී ජාතික රණ දෙරණ මත ගැටී වැටී මිය යන විරුවෝ සොඳුරු සුරඟනන් අතේ නැළවෙන බව පුතුට පෙන්වන්නේ යුද්ධයෙන් මිය යන විරුවෝ ස්වර්ගයෙහි උපදින බව හින්දු සංකල්පයෙහි ඇතිබවද දක්වමිනි.

ශ්‍රී පාදය මෙන්ම ශ්‍රී මහා බෝධිය ද බෞද්ධයන්ගේ සදා පූජනීය සිද්ධස්ථානයන් ය. එහෙයින් මහ මෙව්නා පෙදෙසින් සිරිමා බෝ සිඹිමින් සුළං දැලක් එන මොහොතේ මුටසිව රජු සිහි කරයි. මෙරට උද්‍යාන සංකල්පයේ පියා එතුමාය. සිය ජීවන පරිසරය සුන්දර කරගැනීම සඳහා සංවේදීවූ ඔහුගේ දර්ශණයේ ප්‍රබල බව කවියා ද්වනිත කරන්නේ පිරිසිදු නළ මුදු සුවඳක මහිමය සිහිගන්වමිනි. බුදුන්වහන්සේගේ ලංකා ගමනය සිහිපත් කරවමින් අරඹන මේ නිර්මාණය සමාප්ත කෙරෙන්නේ මහින්දාගමනය සිහිපත් කරවමිනි.

ලක්වැසියන් කෙරෙහි උපන් දයනුකම්පාවෙන් යුතු අරහත් මහ මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කර පෙවූ උතුම් සඳහම් මියුරු රසය පුතනුවනි නුඹටත් පොවමි යන යෙදුම මිහිඳු හිමි අනුදත් සිංහල බෞද්ධ සංස්කෘතිය පරපුරෙන් පරපුරට ප්‍රදානය කළ යුතුය යන කවි සිතෙහි වූ ප්‍රර්ථනාව මැනැවින් කුළුගැන්වීමකි.

එහෙහින් ළමා වියෙහි සිටම ජාතික අභිමානය හා දේශවාත්සල්‍ය ජනිත කරවන මෙම නිර්මණය ශෘති රම්‍ය සුගායනීය විරිතකින්ද සුභාවිත බසකින්ද සුපෝශිත වත්සල රසය උපදවන නිර්මාණයක් ලෙස අගය කල හැකිය.

^ මෙම විස්තරය ලබා ගත්තේ ජූනි මස 19 වන ඉරිදා සිළුමිණෙහි පලවූ මහාචdර්ය දර්ශන රත්නායක මැතිඳුන් විසින් පළකරන ලද තිලකය නම්වූ පද්ය සංග්‍රහයෙනි. ඔහුටත් " එස්. මහින්ද හිමියන්ටත් හදපිරි ප්‍රණාමය. &

14 comments:

  1. අද ඉපිදෙන දරුවන්ටත් මේවා කියලා නළවන්න පුළුවන් උනා නම් කොච්චර හොඳද.. ඒත් අද හුඟාක් අම්මලා නැළවිලි ගී දන්නෙත් නෑ

    ReplyDelete
  2. මම බොහොම රස විඳි කවි පෙළක් .ස්තුතියි නැවත මතක් කලාට.

    ReplyDelete
  3. මගේ කොම්පීටරේ අස්පෙට් එකක්ද, නැත්තන් පෝස්ට් එක අබිලික්ද? කොමෙන්ට් පේනවා කවි වල මාතෘකාව විතරය් පේන්නෙ....

    ReplyDelete
  4. කවුරු හරි මේ ඔබ්සවර්ට උත්තරේ කියනවද? මගෙ එකේ නම් හොඳට පේනවා. මමත් දන්නෙ නෑ හේතුව. අසංක මල්ලිගෙන් වත් අහමු.

    ReplyDelete
  5. අපිටත් පේනවනේ . කෝ මේ අසංක මලයා

    ReplyDelete
  6. මගේ කොම්පියුටරේ වැරද්දක් වෙන්නැති, තවම පේන්නෙ මහින්ද හිමියන්ගෙ චිත්‍රය විතරය්

    ReplyDelete
  7. අපේ මලය ආයේ විභාගයක් වත්ද . මේ ඔබා මාමට අකුරු පෙන්නේ නැහැ . පොත් ගුල්ලට පොස්ට් එකක් දාන්න බලතල ඉල්ලා දෙන්නත් ඕන . කෝ මේ ළමයා

    ReplyDelete
  8. නැවතත් මතකය අවදි වුණා....

    ReplyDelete
  9. කියවීම පිණිස සම්පුර්ණ කරයි කියන්නේ මෙන්න මේ හින්ද තමයි කියල හිතෙනවා මේවා කියෙව්වම. බොක්කටම වදිනවා මහින්ද හාමුදුරුවන්ගේ කවි අද කාලේ හංගන්න හදන දේවල් මේ විදිහට ඉස්සරහට දාන එක ඇත්තටම පිං සිද්ධ වෙන වැඩක්.

    ලැජ්ජාවෙන් හරි මේක කියන්න ඕනේ මේ කවි ටික මං කියවලාම තිබුනේ නෑ. අන්තිම කවිය හැර ජාතිය රන් විමනක් වේ කියන කවි නම් කටපාඩම් ඒත් මේ කවි වලින් අන්තිම කවිය හැර අනිත් ඔක‍්කෝම මට අළුත් මම හැමදාම මේ පැත්තේ එනවා අද ඉදන්. ජය වේවා.

    ReplyDelete
  10. @ Observer - Internet Explorer walin baladdi matath penune kaviye mathrukaawa witharayi. Google Chrome walin kiyawanna try karanna.

    ReplyDelete
  11. ස්තුතියි නැවත මතක් කලාට.

    ReplyDelete
  12. ඔන්න මුලින්ම කට්ටියගෙන්ම සමාව ඉල්ලුවේ නැත්තන් ඒක තමා මම කරන ලොකුම වැරැද්ද.
    මෙන්න හේතූ ටික හින්දා තමයි මේ පැත්තේ එන්න බැරිවුණේ
    මුලින්ම කෑගැල්ලේ ගියා.ආයේ ගෙදර.ඊටපස්සේ අපේ නැදෑ මළ ගෙදරක ඇළහැර යන්න වුණා.හරිම සුන්දර පළාතක් කවි අදහස් පහළ වෙන්නේ හිටු කියල.
    ඊටපස්සේ ආයේ ගෙදර.ඔන්න සාහිත්‍ය මාසෙත් ඇවිත් පොත් ප්‍රදර්ශනේ බලන්න ගියා.වැඩිපුරම ගත්තේ කවි පොත්(මේ වසරේ වැඩිපුරම අලෙවි වී ඇත්තේ කවි පොත්-පුවත් පතක ලිපියකින් උපුටා ගතිමි)
    ඔන්න බ්ලොග් ලියන්න කියල හිතාගෙන ගෙදර ආවා විතරයි ආසියාවේ දිගම සිතුවම අදින්න සෙට් වුණා.කොහොමින් කොහොමින් හරි ඒකත් ඉවරයි.ආපහු නුවර ගියා.ඔන්න අද තමා නිදහස ලැබුණේ බ්ලොග් එක ලියන්න....

    මුලින්ම Chandi අක්කට ස්තූති වෙන්න ඕනේ මේ කවිය දැම්මට.මොකද මේ කවිය ලඟදිම දාන්න හිතන් හිටියේ
    මේ කවිය පේන්නේ නෑ කියල කිව්ව එක මම හදන්න බලන්නම්

    ආපහු කවි මුතු මල් අළුත් වෙයි ලඟදිම පොඩි වෙනසකුත් එක්ක

    ReplyDelete
  13. සිරාවටම මගේ ඇස් දෙකට කඳුලු ආව මේ කවි පෙල කියවනකොට... අපි ඉස්කෝලෙ යන කාලෙ මේක කියවලා තිබුනට එච්චර හිතට වැදුනෙ නැහැ.. ඒත් අවුරුදු 17කට විතර පස්සෙ අද කියවනකොට අමුතුම හැඟීමක් හිතට එනවා..

    ගොඩක් ස්තූතියි මේක දැම්මට..

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................