Friday, September 2, 2011

කුංග් ෆු පැන්ඩා කව....



3D ලෙස              නිමැවුණු
'කුංග් ෆු පැන්ඩා' නම      දිනු
සටන් කලා ගැන කියැවෙන
බයිස්කෙප්ප           පිටවුණු

නම 'පෝ' නම්    පැන්ඩෙකි
තාත්තා              තාරාවෙකි
නගරයේම ප්‍රසිද්ධ      වුණු
කෑම කඩේ අප            දකී

සටන් කලාවට හිත      ගිය
පාලනයක් නෑ ඇඟ      සිය
එකම කලිසමයි    ඇත්තේ
නොරැ‍ඳේ සිය ගත       එය

ජීවිතේට නෑ              කලින්
පිබිදෙන්නේ  මොහු උදෙන්
ඒ වුණාට සටන්           කලා 
තම හිස මුදුනේ         තියන්

කොටියයි, වඳුරයි ,         නයයි
තණකොළපෙත්තයි, කොකයි
තමයි 'පෝ' ගේ වීරයෝ   ටික
පිස්සු හැදෙන වැඩ        ටිකයි

සටන් කලා               පාසලේ
ඉගැනුම ලැබ පොඩි     කලේ
ඉන්න එකම හතුරා       තමයි
රුදු කළු කොටියෙකි බොලේ

ඔහු සිර කොට       සිටින්නේ
රයිනෝ හිර          ගෙදරනේ
කෙදිනක හෝ ඔහු එන   බව
ඉවෙන් වගේ    දැනෙන්නේ

ඔහු එන බව        සැලවෙලා
ඩ්‍රැගන් වොරිය      තෝරලා
මකර කටේ රඳවා        ඇති
පත්‍රිකාව දෙනු          බොලා

ඩ්‍රැගන් වොරිය    උත්සවයට
පඩි දහසක් ඇත      නගින්ට
පැන්ඩා නගින විදිහ  දැකලා
හිනා නොවි බැහැ   සිටින්ට

අමාරුවෙනි           නගින්නේ
පාසල් දොර       වැසෙන්නේ
උත්සවයේ             ආරම්භය
මේ මොහොතේ වෙයි අනේ

අහස්කූරු පුටු            මතින්
උඩගිය විට ඔහු         ගතින්
වැටුණේ අර සටන     මැදට
කට්ටිය ඇත බිය       සිතින්

පැන්ඩට සිහි නැති       වුණා
සටන් පාසලේ             පිනා
පැන්ඩා ලඟට ඇවිල්ලා දැන්
ඩ්‍රැගන් වොරිය නම    දෙනා

හරිම වැඩකි වුණි       බොලේ
තරහෙන් අන් අය        සැලේ
තඩි ඇඟ මෙන් නෑ මොළයක්
කියමින් කල් ගත        කළේ

මොහු නොම වෙයි සූරයෙක්
කෑමට නම්            මාරයෙක්
මාස්ටර් 'ෂිපු'ත්             කිව්වා
ඔහු කම්මැලි         කාරයෙක්

මාස්ටර් හට       තේරු‍ණේය
'පෝ' ට කෑම  නෙදෙන්නේය
අමාරුවෙන් කෑමට    ගොස්
නොදැන කුංෆු   උගන්නේය

මකර කටේ තිබු       කොළේ
නොවැටී ගත්තත්         විලේ
එය ඇතුලේ කිසිත් නොමැත
හිස් කොළයකි හිත    සැලේ

කොටියයි, වඳුරයි,       නයෝ
ඇතුළු සටන්          කාරයෝ
කළු කොටියව    පරද්දන්න
දැන් උන් සටනට      ගියෝ

ඌ දැනගත් වැඩ        වැඩියි
 නිල බලලා පහර         දෙයි
අපේ සටන් කාරයෝ   ටික
ගුටි කාලා බිම         වැටෙයි

කළු කොටියා          පාසලේ
පැන්ඩත් නෑ         අත්හලේ
කළු කොටියට නැගිටගන්න
බැරි විදියට ගුටි       කෙළේ

පැන්ඩා නියම         වීරයාය
පාසලෙ දැන්           සූරයාය
කුංෆු පැන්ඩා ලෙස නම දිනු
බයිස්කෙප්ප නිම    වුණේය.

9 comments:

  1. හෙ හේ...ලස්සන අදහසක්!!

    ReplyDelete
  2. නිකන් ‍ෆිල්ම් එක බැලුව වගේ ....!!!

    ReplyDelete
  3. අඩා පට්ටම පට්ටයි හිනා කාගෙන මේ කවිය කියෙවුවා .. ෆිල්ම් එක බලද්දි වගේම මට ෆුල් හිනා ගියා මේක කියවන අතරේත් .. ඇයිද මන්දා ?

    ReplyDelete
  4. අඩේ එල කියන්නෙ එලම කිරි ........

    ReplyDelete
  5. අපොයි මට එන්න අමතක වෙලා . ලස්සන කවි ටික . මමත් බැලුවා ඕක . හරි අපුරුයි මල්ලි . පොඩි උන්ටත් රස විඳින්න හැකි කවි ටිකක්

    ReplyDelete
  6. හරිම ලස්සනයි, අයෙ ඔන්න ෆිල්ම් එක බලන්න ඕනෙ නෑ වගේ මේක කියෙව්වහම.

    ReplyDelete
  7. නියමයි නියමයි.... මරු කවි ටික... :)

    ReplyDelete
  8. මේක විරිදු කලාවයි. මෙන්න උදාහරණයක්. නෑනා

    කවි දෙකක් මැද්දට මේ වගේ දෙයක් දැම්ම නම්: "පැන්ඩා හරි චන්ඩියා - කළු කොටියා පැන ගියා"

    මේන් කුන්ෆු පැන්ඩා දෙවන කොටස බැලු රසිකාවියක් ගොතන කතා.


    ...
    කිලි සුදු හාවයි ඉබ්බයි
    හති අලිනව
    ඔන්චිල්ලාවට හේත්තු වී
    ඒ දෙන්නා බලන් ඉන්නෙ
    කුන්ෆු පැන්ඩ චිත්‍රපටිය
    මෙන්න
    කුන්ෆු පැන්ඩ
    මොනල එක්ක ගහ ගන්නව...
    [වැඩි දුර කියවන්න]

    ReplyDelete
  9. හැමෝටම ස්තූතියි ! මේක මම ගොඩක් කල් ඉදන් ලියන්න හිතන් හිටියේ.පොඩි වෙනසකටත් එක්ක.සුජීව අයියා හරි මේක තමා විරිදු කලාව.තව විදියකට කිව්වොත් විරිදු වල තවත් ප්‍රභේදයක්
    ඔය සුජීව අයියා දාපු කවි ටික කියෙව්වා හරි සරල එහෙත් සරල නොවන ඉතා ලස්සන කවි පද ටිකක්

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................